NPPයට බලය හිමි හබරාදුව ප්‍රා.ස. සභාපති ඉල්ලා අස්වෙයි
January 21, 2026 07:15 pm
ජාතික ජන බලවේගයට බලය හිමි හබරාදුව ප්‍රාදේශීය සභාවේ සභාපති වශයෙන් කටයුතු කරන හර්ෂ මනෝජ් ගාර්ධිය පුංචිහේවා සභාපති ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
සිය ඉල්ලා අස්වීම් ලිපිය ප්‍රාදේශීය සභාවේ ලේකම් ඉරේකා දිල්රුක්ෂි මහත්මිය වෙත අද (21) සවස භාරදීමට කටයුතු කර ඇත.
පුද්ගලික හේතුවක් මත මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.
