ඇමති අනිල් ජයන්ත ලෝක ආර්ථික සමුළුවේ දී ද්වීපාර්ශික සාකච්ඡාවල නිරත වෙයි
January 21, 2026 05:46 pm
ලෝක ආර්ථික සමුළුවේ 56 වන වාර්ෂික රැස්වීමට සහභාගි වී සිටින කම්කරු අමාත්‍ය හා මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය මුදල් අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා ලෝක ආර්ථික සමුළුවේ ඉහළ පෙළ නියෝජිතයින් කිහිපදෙනෙකු සමඟ ද්විපාර්ශ්වික සාකච්ජාවල නිරත ව තිබේ.
නියෝජ්‍ය අමාත්‍යවරයා සමගින් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය ද මෙම ද්වීපාර්ශික සාකච්ඡා සඳහා සහභාගී විය.
ලෝක ආර්ථික සමුළුවේ 56 වන වාර්ෂික රැස්වීම, පසුගිය19 වනද සිට ජනවාරි 23 වනදා දක්වා ස්විට්සර්ලන්තයේ Davos-Klosters හි පැවැත්වේ.
එහිදී, ජාත්‍යන්තර හවුල්කාරිත්වය පිළිබඳ යුරෝපා සංගමයේ කොමසාරිස් Jozef Sikela මහතා සමඟ ද්වීපාර්ශ්වික සාකච්ඡා වලට එක් වූ අග්‍රාමාත්‍යවරිය සහ නියෝජ්‍ය මුදල් අමාත්‍යවරයා, ශ්‍රී ලංකාව සහ යුරෝපා සංගමය අතර සහයෝගීතාව ශක්තිමත් කරමින් දෙපාර්ශවයේ හවුල්කාරිත්වය ඉදිරියට ගෙන යාම කෙරෙහි අවධානය යොමු කෙරිණ.
අනතුරුව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය හා අමාත්‍ය අචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා WEF කොන්ග්‍රස් මධ්‍යස්ථානයේදී ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) අධ්‍යක්ෂ මණ්ඩලයේ සභාපති වන Masato Kanda මහතා හමුවිය.
ශ්‍රී ලංකාව සහ ආසියානු සංවර්ධන බැංකුව අතර පවත්නා සම්බන්ධතාවය සහ අනාගත සහයෝගීතාවය ශක්තිමත් කිරීම කෙරෙහි මෙහිදී අවධානය යොමු විය.
Menzies ගුවන් සේවා සමාගමේ සභාපති Hassan El Houry මහතා සමඟ සාකච්ඡාවකට එක් වූ අග්‍රාමාත්‍යවරිය සහ නියෝජ්‍ය මුදල් අමාත්‍යවරයා එහිදී ගුවන් සේවා කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡාවක ද නිරතව ඇත.
ලෝක ආර්ථික සංසදයට සමගාමීව Davos, Piz Buin & Euronews Hub හි පැවති ගෝලීය සංචාරක සංසදයේ ඉහළ පෙළ සංවාදයකට ද අග්‍රාමාත්‍යවරිය සමඟ කම්කරු අමාත්‍ය සහ නියෝජ්‍ය මුදල් හා ක්‍රම සම්පාදන අමත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා සහභාගී විය.
