අගමැති හරිනි ADB සභාපති අතර හමුවක්

අගමැති හරිනි ADB සභාපති අතර හමුවක්

January 21, 2026   07:07 am

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති මසාටෝ කන්දා (Masato Kanda) මහතා අතර හමුවක් සිදුව තිබේ.

ඒ ස්විට්සර්ලන්තයේ ඩාවෝස් හිදීය.

ඩාවෝස්-ක්ලෝස්ටර්ස් හි WEF කොංග්‍රස් මධ්‍යස්ථානයේ පැවති 2026 ලෝක ආර්ථික සංසදයට සමගාමීව මෙම හමුව පැවැත්විණි.

ශ්‍රී ලංකාවේ අඛණ්ඩ ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය, රටේ ආර්ථික තත්ත්වය ඇතුළු අනෙකුත් කරුණු කිහිපයක් මෙහිදී සාකච්ඡා කර තිබේ.

ලෝක ආර්ථික සංසදයේ 56 වන වාර්ෂික රැස්වීමට සහභාගී වීම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පසුගිය සඳුදා (19) ස්විට්සර්ලන්තය බලා පිටත්ව ගියාය.

2026 ලෝක ආර්ථික සංසදය ඩාවෝස් හි දී "සංවාදයේ ආත්මයක්" යන තේමාව යටතේ රැස්වන අතර, රාජ්‍ය නායකයින්, රජයේ නායකයින්, ප්‍රමුඛ බහුජාතික සමාගම්වල ප්‍රධාන විධායක නිලධාරීන්, ප්‍රතිපත්ති සම්පාදකයින් සහ තාක්ෂණ නවෝත්පාදකයින් ඇතුළු ගෝලීය නායකයින් 3,000කට අධික සංඛ්‍යාවක් එක්රැස් වේ.

මෙම සංචාරය අතරතුර, අග්‍රාමාත්‍යවරිය ප්‍රධාන පෙළ රාජ්‍ය නායකයින්, ගෝලීය ආයතනවල ප්‍රධානීන් ඇතුළු අමුත්තන් සමඟ ඉහළ මට්ටමේ ද්විපාර්ශ්වික හමු කිහිපයක් පැවැත්වීමට නියමිතය.