ගිය වසරේ අයවැය යෝජනා අනුව වැඩි වූ ගුරු වැටුප ගිණුම් ගත කෙරේ

ගිය වසරේ අයවැය යෝජනා අනුව වැඩි වූ ගුරු වැටුප ගිණුම් ගත කෙරේ

January 20, 2026   06:31 pm

2025 අයවැය යෝජනා අනුව මෙම වසරේ 01 දින සිට වැඩි වූ  ගුරු වැටුප අද (20) දිනයේදී ගිණුම් ගත කළ බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය පැවසුවේ 2025 අයවැය යෝජනා අනුව මේ වසරේ 01 වැනි දින සිට අධ්‍යාපන සේවා ඇතුළු රජයේ සේවකයින්ට නැවත වැටුප් වැඩිවීමක් සිදුවූ අතර ඊට අදාළ ගුරු වැටුප අද දින ගිණුම් ගත කළ බවය.