header logo
SLIC
උණුසුම් පුවත්
බෝ නොවන රෝග සෞඛ්‍ය සේවයට විශාල අභියෝගයක් බව සුව ඇමති කියයි
Jan 18, 202604:41 PM
බෝ නොවන රෝග සෞඛ්‍ය සේවයට විශාල අභියෝගයක් බව සුව ඇමති කියයි
Mobitel 1278

මෙරට නිදහස් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ හඳුනාගත් ප්‍රධානතම අභියෝගය බෝ නොවන රෝග බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

එය පාලනයට හා වැළැක්වීමට සුදුසුම විසඳුම මෙරට ක්‍රියාත්මක ප්‍රාථමික සෞඛ්‍ය සේවාව ශක්තිමත් කිරීම බවත්, ඒ සඳහා දැනට නියමු ව්‍යාපෘතියේ ක්‍රියාත්මක අත්දැකීම් ද පාදක කරගනිමින් මෙම වසරේ ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන 250ක් ආරම්භ කිරීමට කටයුතු කරන බවත් ඔහු ප්‍රකාශ කළේය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, ශ්‍රී දළදා මාළිගාවේ සේවා කාර්ය මණ්ඩල, ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට මෙන්ම ශ්‍රී දළදා මාලිගාවේ සේවයේ නිරත ආරක්ෂක අංශ සාමාජිකයන් සහ ශ්‍රී දළඳා මාළිගා පරිශ්‍රය ආශ්‍රිත ආයතනවල කාර්ය මණ්ඩලය වෙනුවෙන් පැවැත්වූ විශේෂ “ආරෝග්‍යා” ජංගම සුව සායනයට එක්වෙමිනි.

ලබන 24වනදා ප්‍රදේශ 42දී ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන 42ක් ආරම්භ කරන බවත්, එහි නියමු ව්‍යාපෘතිය පසුගිය වර්ෂයේදී නුවර, මාතලේ, කුරුණෑගල, ගාල්ල සහ කළුතර යන දිස්ත්‍රික්කවල ස්ථාපිත මධ්‍යස්ථානවල මේ වන විට ඉතා සාර්ථකව ක්‍රියාත්මක වන බව ද සඳහන් කළේය.

යම් නිෂ්චිත ප්‍රදේශයක නිශ්චිත ජනගහනයකට මෙම මධ්‍යස්ථානයෙන් ප්‍රතිකාර කරන බව අවධාරණය කළ අමාත්‍යවරයා වැඩිදුර ප්‍රතිකාර අවශ්‍ය ජනතාව ප්‍රධාන රෝහල්වල සායන සඳහා යොමුකරන බවද පැවසීය.

මෙරට ජීවත්වන සෑම පුරවැසියෙකුටම වගකියන සෞඛ්‍ය මධ්‍යස්ථානයක්, සෞඛ්‍ය කාර්ය මණ්ඩලයක් ලබා දීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රමුඛ වගකීමක් බවත්, ඒ වෙනුවෙන් කටයුතු කරන බව ද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර සිටියේය.

වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ මෙවර අයවැයෙන් රුපියල් මිලියන 1500කට අධික මුදලක් ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන ස්ථාපිත කිරීම සඳහා වෙන්කර තිබෙන බවය.

මීට සමාන්තරව නවීන තාක්ෂණය ද මෙම ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථානවලට හඳුන්වා දීමට කටයුතු කරන බව ද සඳහන් කළ අමාත්‍යවරයා මෙම සියලු වැඩසටහන්වල අපේක්ෂාව පුරවැසියාගේ සෞඛ්‍ය වගකීම සෞඛ්‍ය අමාත්‍යාංශය භාරගැනීම බව ද පැවසීය.

ඒ සඳහා ජනතාව වෙනුවෙන්ම කැපවුනු, කැපවෙන සෞඛ්‍ය කණ්ඩායමක් නිර්මාණය කිරීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 ප්‍රියංකර පෙරේරාගේ දේහයට ජනපතිගෙන් අවසන් ගෞරව

ප්‍රියංකර පෙරේරාගේ දේහයට ජනපතිගෙන් අවසන් ගෞරව

 ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකරගේ දේහය බොරැල්ලේ පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කෙරේ...

ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකරගේ දේහය බොරැල්ලේ පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කෙරේ...

සැක හිතිලා ඇරපු බහාලුම.. රු. කෝටි 3ක හොර බඩු..

සැක හිතිලා ඇරපු බහාලුම.. රු. කෝටි 3ක හොර බඩු..

ජනාධිපති ලේකම්ට එල්ලවුණු චෝදනාවට රේගුවෙන් කට අරියි..

ජනාධිපති ලේකම්ට එල්ලවුණු චෝදනාවට රේගුවෙන් කට අරියි..

 පිළිකා රෝගීන්ට දෙන Filgrastim ගැන තවත් අනාවරණයක්..

පිළිකා රෝගීන්ට දෙන Filgrastim ගැන තවත් අනාවරණයක්..

 22ට එරෙහි පෙත්සම් විභාගය බලන්න පොදු රාජ්‍ය මණ්ඩලීයනීතිඥ සංගමයේ සභාපතිත් අධිකරණයට

22ට එරෙහි පෙත්සම් විභාගය බලන්න පොදු රාජ්‍ය මණ්ඩලීයනීතිඥ සංගමයේ සභාපතිත් අධිකරණයට

රජයේ ගිණුමකින් කන්නදුන් හිටපු ඇමති පියංකර - බරපතළ වැඩ සහිතව අවුරුදු 7ක් මහඋළු ගෙදරට

රජයේ ගිණුමකින් කන්නදුන් හිටපු ඇමති පියංකර - බරපතළ වැඩ සහිතව අවුරුදු 7ක් මහඋළු ගෙදරට

මහ රෑ ජී.එල්. ගේ ගෙදරට රැස් වූ විපක්ෂ සෙට්එක

මහ රෑ ජී.එල්. ගේ ගෙදරට රැස් වූ විපක්ෂ සෙට්එක

22ට එරෙහි පෙත්සම් විභාගයේ පළමු දිනය අවසන්...

22ට එරෙහි පෙත්සම් විභාගයේ පළමු දිනය අවසන්...

පරවි සුදාගේ අයිස් බිස්නස්...අංගොඩ ප්‍රියන්ත සහ රූබන් සම්බන්ධ බවටත් තොරතුරු

පරවි සුදාගේ අයිස් බිස්නස්...අංගොඩ ප්‍රියන්ත සහ රූබන් සම්බන්ධ බවටත් තොරතුරු

එල් නිනෝව ප්‍රබලවීමේ අවදානම 95% දක්වා ඉහළට..

එල් නිනෝව ප්‍රබලවීමේ අවදානම 95% දක්වා ඉහළට..

''22 ජනමත විචාරණයකට අනිවාර්යෙන් ලක්විය යුතුයි"

''22 ජනමත විචාරණයකට අනිවාර්යෙන් ලක්විය යුතුයි"

22 ගැන හතරවටින් ඇහෙන කතා"ලබ්බට තිබ්බ අත පුහුලට තියන්න හිතන්නේ නෑ"

22 ගැන හතරවටින් ඇහෙන කතා"ලබ්බට තිබ්බ අත පුහුලට තියන්න හිතන්නේ නෑ"

ජරමර මැද විමසන විසි දෙක | පක්ෂ, විපක්ෂ නියෝජිතයෝ රැසක් අධිකරණයට...

ජරමර මැද විමසන විසි දෙක | පක්ෂ, විපක්ෂ නියෝජිතයෝ රැසක් අධිකරණයට...

22කට එරෙහි පෙත්සම් විභාගය ඇරඹේ - 502 ශාලාවේ ඉඩ මදිවී 501ට මාරු කිරීමටත් පියවර | Ada Derana

22කට එරෙහි පෙත්සම් විභාගය ඇරඹේ - 502 ශාලාවේ ඉඩ මදිවී 501ට මාරු කිරීමටත් පියවර | Ada Derana

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

පයාගල වෙඩිල්ලෙන් ඩිලා මරුට

පයාගල වෙඩිල්ලෙන් ඩිලා මරුට

විජිත පත්කළ වරායේ MD අනුර පහකරයි

විජිත පත්කළ වරායේ MD අනුර පහකරයි

වැඩ වැඩියි - සරසවි ආචාර්යවරු කෑම පැයේ විරෝධතා

වැඩ වැඩියි - සරසවි ආචාර්යවරු කෑම පැයේ විරෝධතා

වැඩ වැඩියි - සරසවි ආචාර්යවරු කෑම පැයේ විරෝධතා

වැඩ වැඩියි - සරසවි ආචාර්යවරු කෑම පැයේ විරෝධතා

විභාග අක්‍රමිකතා සිද්ධියකට කොළඹ උපකුලපති එක්ක 7ක් උසාවි ගෙන්වයි

විභාග අක්‍රමිකතා සිද්ධියකට කොළඹ උපකුලපති එක්ක 7ක් උසාවි ගෙන්වයි

නිරූපණ ශිල්පිනියගේ සිරුරු කොටස් රසපරීක්ෂකට -මරණයට විවෘත තීන්දුවක්

නිරූපණ ශිල්පිනියගේ සිරුරු කොටස් රසපරීක්ෂකට -මරණයට විවෘත තීන්දුවක්

"අගෝස්තුවේ රස පරීක්ෂක වාර්තා 9,081ක් නිකුත් කළා"

"අගෝස්තුවේ රස පරීක්ෂක වාර්තා 9,081ක් නිකුත් කළා"

ශ්‍රේෂ්ඨාධිකරණය 22ට පූර්ණ විනිසුරු මඬුල්ලක් දීම ප්‍රතික්ෂේප කරයි

ශ්‍රේෂ්ඨාධිකරණය 22ට පූර්ණ විනිසුරු මඬුල්ලක් දීම ප්‍රතික්ෂේප කරයි

"ජනපති යන රැලිවල වියදම මාලිමාවේ ගිණුමෙන්"

"ජනපති යන රැලිවල වියදම මාලිමාවේ ගිණුමෙන්"

පියංකර ජයරත්න අවුරුදු 7ක් හිරේ

පියංකර ජයරත්න අවුරුදු 7ක් හිරේ

නිරූපණ ශිල්පිනී චූලා සැක ලෙස මියගිහින්

නිරූපණ ශිල්පිනී චූලා සැක ලෙස මියගිහින්

 මහ සයුර වියරු වී මවක්, දියණියක් සහ ඥාති දරු දෙදෙනා බිලිගනී

මහ සයුර වියරු වී මවක්, දියණියක් සහ ඥාති දරු දෙදෙනා බිලිගනී

 පාන් ගෙඩිය රු. 10කින් නගී

පාන් ගෙඩිය රු. 10කින් නගී

රවීට ඇප

රවීට ඇප