දෙරණ ඩ්‍රීම් ස්ටාර් SEASON - 12 සිහින කිරුළ ජනනි ඉමත්මා දිනා ගනියි

දෙරණ ඩ්‍රීම් ස්ටාර් SEASON - 12 සිහින කිරුළ ජනනි ඉමත්මා දිනා ගනියි

January 18, 2026   01:02 am

යෞවනයේ සිහින සැබෑ කරන තාරකා පෙළහර "දෙරණ ඩ්‍රීම් ස්ටාර් SEASON - 12 සිහින තාරකාවිය ලෙස කිරුළු පැලඳීමට ජනනි ඉමත්මා අද (17) සමත්විය.

ඒ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැති අවසන් මහා තරගයේදීය.

මෙහි දෙවන ස්ථානය දිනා ගැනීමට අනූපම ගුණතිලක සමත් වූ අතර තෙවන ස්ථානය දිනා ගැනීමට බ්‍රයන් හෑන්ග්ස් සමත්විය.

යෞවනයේ සිහින සැබෑ කරන තාරකා පෙළහර - දෙරණ ඩ්‍රීම්ස්ටාර් 12 වැනි අදියර සඳහා දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ඉදිරිපත් වූ දහස් සංඛ්‍යාත තරගකරුවන් අතරින් දක්ෂයින් තිදෙනෙකු අවසන් මහා තරගයේ අති දැවැන්ත ප්‍රාසංගික වේදිකාව මත ඩ්‍රීම්ස්ටාර් කිරුළ වෙනුවෙන් අද රාත්‍රියේ තරග වැදුණි.

ප්‍රවීණ විනිසුරු මඩුල්ලක විනිශ්චයෙන් සහ ජනතා මනාපයෙන් තෝරාගැණුනු මේ අවසන් තරගකරුවන් තිදෙනා වූයේ අනූපම ගුණතිලක, ජනනි ඉමත්මා හා බ්‍රයන් හෑන්ග්ස් ය. 

විචිත්‍රවත් අංග රැසකින් සමන්විත වූ දෙරණ ඩ්‍රීම් ස්ටාර් SEASON - 12 අවසන් තරගය අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වුණු අතර එය නැරඹීම සඳහා ප්‍රේක්ෂකයින් අති විශාල සංඛ්‍යාවක් සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයට එක්ව සිටියේය.