
උගන්ඩාවේ ජනාධිපතිවරණය හත්වැනි වරටත් ජයගැනීමට 81 හැවිදිරි වියෙහි පසුවන යොවේරි මුසෙවෙනි සමත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
වසර 40ක් එරට පාලනය හොබවන ඔහු මෙම මැතිවරණයේදී ලබාගෙන ඇති ඡන්ද ප්‍රතිශතය සියයට 71කි.
මේ මැතිවරණයේදී ප්‍රධාන විපක්ෂයේ අපේක්ෂකයා වූ බොබී වයින් හෙවත් කියාගුලනි සෙන්ටමු ලබාගෙන ඇති ඡන්ද ප්‍රතිශත සියයට 24ක් බව විදෙස් මාධ්‍යවල දැක්වෙයි.
නැෂනල් යුනිටි ප්ලැට්ෆෝම් පක්ෂයේ නායක බොබී වයින් පවසන්නේ හමුදාව සහ පොලිසිය සිය නිවස වැටලූ නමුත් තමන්ට එතැනින් බේරීමට හැකි වූ බවය.
ඔහු මෙම මැතිවරණ ප්‍රතිඵල ව්‍යාජ ඒවා ලෙස හඳුන්වමින් ප්‍රතික්ෂේප කර ඇති අතර, ඒවා නොසලකා හරින ලෙස තම ආධාරකරුවන්ගෙන් ඉල්ලා සිටියි.

















































