මහින්දගේ හිටපු ආරක්ෂක ප්‍රධානියාට එරෙහි පැමිණිල්ලක් කැඳවීමට නියෝග
January 16, 2026 03:13 pm
රුපියල් මිලියන 28කට අධික වත්කම් අයතා ලෙස උපයා ගත් බවට සැකපිට අධිකරණයට ඉදිරිපත් කළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ හිටපු ආරක්ෂක ප්‍රධානී නෙවිල් වන්නිආරච්චි මහතාට එරෙහිව ගොනුකර තිබෙන පැමිණිල්ල ජුනි 9 වනදා කැඳවන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (16) නියම කළේය.
එම නඩුකරය කැඳවූ අවස්ථාවේදී සැකකාර නෙවිල් වන්නිආරච්චි මහතාද අධිකරණය හමුවේ පෙනී සිටියේය.
මෙහිදී අල්ලස් කොමිසම අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පැමිණිල්ලට අදාළ විමර්ශන කටයුතු තවදුරටත් සිදුකරන බවත් එහි ප්‍රගතිය දැනුම්දීම සඳහා දිනයක් ලබා දෙන ලෙසත් ඉල්ලා සිටියේය.
ඉන් අනතුරුව පැමිණිල්ල ජුනි මස 9 වනදා කැඳවීමට නියම කළ අධිකරණය, එදින මෙම විමර්ශනවල ප්‍රගතිය දැනුම් දෙන ලෙසත් අල්ලස් කොමිසමට නියෝග කළේය.
