සර්වජන බලය දේශපාලන ක්‍රමයේ සිදුකළ වෙනස දිලිත් පෙන්වයි

සර්වජන බලය දේශපාලන ක්‍රමයේ සිදුකළ වෙනස දිලිත් පෙන්වයි

January 16, 2026   01:28 pm

දේශපාලකයා මැතිවරණ සමයට පමණක් ජනතාව අතරට යන සංස්කෘතිය වෙනස් කොට ජනතාවාදී දේශපාලන ක්‍රමවේදයක් බිහිකිරීමට සර්වජන බලයට හැකිවී ඇති බව එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ මාතලේ දීවිල්ල ග්‍රාමසේවා වසමේ සර්වජන සභාව පිහිටුවීමේ අවස්ථාවට එක්වෙමිනි.

එහිදී අදහස් දක්වමින් දිලිත් ජයවීර මහතා පෙන්වා දෙනුයේ සර්වජන බලය ව්‍යවසායකත්ව රාජ්‍ය යන සංකල්පය ගමින් ගමට රැගෙන යමින් දැනුම, වෙළෙඳපොළ අවකාශය මෙන්ම හැකි සෑම විටම ප්‍රාග්ධනයද ලබා දෙන බවය.

එමෙන්ම සර්ව ජන බලයේ අවසාන අරමුණ සතුටු දැයක් නිර්මාණය කිරීම බවත් පෙන්වාද දෙන දිලිත් ජයවීර මහතා මෙහිදී පැවසුවේ ජාතිය සතුටින් තැබීමට ජනතාව ආර්ථිකව ස්ව්‍යංපෝශිත කළ යුතු බවත්ය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දිලිත් ජයවීර මහතා,

"ඔබේ අතට යහමින් ආදායමක් ලැබීමේ මාර්ගයක් හැදීම තමයි අපේ අවසාන අරමුණ. සතුටු දැයක් නිර්මාණය කිරීමට නම්, මේ ජාතිය සතුටින් තියන්නට නම්  ඔබ ආර්ථිකව ස්ව්‍යංපෝශිත කරන්නට ඕන, ශක්තිමත් කරන්නට ඕන. ඒක තමයි සර්වජන බලය දේශපාලන බලවේගයක් හැටියට විශ්වාස කරන්නේ. අවුරුදු 76ක් තිස්සේ යම් කිසි වැරදීමක් වෙලා තියෙනවානම් අන්න ඒක තමයි ඔබේ අතට යහමින් මුදල් නොලැබීම කියන ප්‍රශ්නේ. ඒක තමයි නිවැරදි කරන්නට ඕනේ ඒ සඳහා තමයි අපි ව්‍යවසායකත්ව රාජ්‍ය කියන සංකල්පය අරගෙන ගමින් ගමට යන්නේ. ඔබට දැනුමද, වෙළෙඳපොළ අවකාශයද, හැකි හැම විටම ප්‍රාග්ධනයද, පුහුණුවද මේ සියල්ලම ලබා දෙමින් අපි හසුවෙන හැම වෙලාවකම කිනම් හෝ අවස්ථාවකදි අපිට ඕනේ අතට කීයක් හරි එන වැඩපිළිවෙළක් දේශීයව හදලා දෙන්න. ඡන්දයක් අහළ පහළක නෑ අපි 365 දවසෙම හැමදාම මිනිස්සුත් එක්ක ඉන්නේ. ඒකට තමයි දේශපාලනයේ වෙනස කියන්නේ. අර ඡන්ද කාලේදි එන දේශපාලනඥයින් වගේ නෙමෙයි අපි නිසා අනිත් දේශපාලනඥයින්ටත් එන්න වෙලා තියෙනවා. ඔක්කොටම දැන් විශාල කරදරයක් වගේ වෙලා තියෙන්නේ දැන් අපි ජනතාව අතරට යනවා, ජනතාවත් එක්ක දිගටම මේ සංවාදය කරගෙන යනවා."