header logo
SLIC
උණුසුම් පුවත්
විදෙස් ගතව සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවන් 95කට රතු නිවේදන
Jan 16, 202611:26 AM
විදෙස් ගතව සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවන් 95කට රතු නිවේදන
Mobitel 1278

විදෙස් ගතව සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවන් 95 දෙනෙකුට එරෙහිව මේ වන විට රතු නිවේදන ලබා ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එෆ්.යු. වුට්ලර් මහතා පවසයි.

අද (16) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ 2024 වසරේදී රතු නිවේදන හරහා සැකකරුවන් 10 දෙනෙකු මෙන්ම 2025 වසරේදී රතු නිවේදන හරහා සැකකරුවන් 11 දෙනෙකුද මෙරටට රැගෙන ආ බවය.

එමෙන්ම එම වසර දෙකෙහිදිම උදර්පන නීතිය හරහා සැකකරුවන් 21 දෙනෙකු මෙරටට ගෙන්වා ගැනීමටද හැකියාව ලැබුණු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එෆ්.යු. වුට්ලර් මහතා,

"2024 වසරේදී අපිට පුළුවන් වුණා රතු නිවේදන හරහා සැකකරුවන් 10 දෙනෙකු ශ්‍රී ලංකාවට ගෙන්වා ගන්න. ඒ වගේම 2025 වසරේදී අපිට හැකියාව ලැබුණා සැකකරුවන් 11 දෙනෙකු ගෙන්වා ගන්න. ඒ වගේම 2024-2025 වසරේ අපිට උදර්පන නීතිය හරහා සැකකරුවන් 21 දෙනෙක් ගෙන්වා ගැනීමට හැකියාව ලැබුණා.

ඒ වගේම මේ වන විටත් රටෙන් බැහැරව සිටින, සැඟව සිටින සහ විදේශගතව සිට ජාලගත අපරාධ මෙහෙයවන අපරාධකරුවන් රාශියක් අපි හඳුනාගෙන තියෙනවා. ඉන් රතු නිවේදන 95ක් මේ වන විට නිකුත් කිරීමට අපි කටයුතු කරලා තියෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස තමයි අද දිනයේදී සැකකරුවන් දෙදෙනෙකු සහ සැකකාරියක් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට හැකියාව ලැබුණේ.

විශේෂයෙන් අරාබි එක්සත් රාජධානියේ රජයට සහ අබුඩාබි ජාත්‍යන්තර පොලීසියට, ඩුබායි පොලීසියට සහ තානාපති කාර්යාලවල සහායෙන් මෙම සැකකරුවන් සහ සැකකාරියන් ගෙන්වා ගැනීමට හැකියාව ලැබුණා.

මෙම සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයෙකු කඳාන පොලිස් බල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. 2025 ජූලි මස කඳාන ප්‍රදේශයේ කාර් රථයකට වෙඩි තබා සිදුකරනු ලැබූ මනුෂ්‍ය ඝාතනයක් හා සබැඳි ප්‍රධාන සැකකරු ලෙස මොහු හඳුනාගෙන තිබෙනවා. මොහු බරපතළ මිනීමැරුම්, අවි ආයුධ ළඟ තබා ගැනීම්, අවිආයුධ පරිහරණය, ඒ වගේම බරපතළ සංවිධානාත්මක අපරාධවලය සම්බන්ධ අයෙකු හැටියට අපි හඳුනාගෙන තියෙනවා. ඔහු අද දින කැලණිය අපරාධ කොට්ඨාසයට බාර දීමෙන් ඉදිරි විමර්ශන කටයුතු කරගෙන යනවා.

දෙවැනි සැකකරු හැටියට ඔහු දකුණු පළාත නියෝජනය කරමින් විශේෂයෙන්ම ඇල්පිටිය පොලිස් බල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු ලෙස හඳුනාගෙන තියෙනවා. මොහු දකුණු ප්‍රදේශයේ පාතාලය, සංවිධානාත්මක අපරාධ, බරපතළ මිනීමැරුම් අවි හා ආයුධ ළඟ තබා ගැනීම් වගේම බරපතළ අපරාධ සඳහා සම්බන්ධ වූ අයෙක් හැටියට මේ වන විට හඳුනාගෙන තියෙනවා. මොහුට ඇල්පිටිය මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කර තිබූ විවෘත වරෙන්තුවකට අමතරව ශ්‍රී ලංකා පොලීසිය විසින් රතු නිවේදනයක් නිකුත් කිරීමේ ප්‍රතිඵලයක් හැටියට තමයි මෙරටට රැගෙන ආවේ. ඔහු ඇල්පිටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීතුමාගේ අධීක්ෂණය යටතේ ඉදිරි විමර්ෂන කටයුතු සිදු කෙරෙනවා.

එමෙන්ම එක් සැකකාරියක් අපි අත්අඩංගුවට ගත්තා මැය ගල්කිස්ස පොලිස් බල ප්‍රදේශයේ පදිංචිකාරියක්. ඇය 2014 වසරේදී රාජ්‍ය මුදල් අවභාවිත වන සේ වංචා කිරීමේ සිද්ධීන් කිහිපයකට අවශ්‍ය කර සිටින සැකකාරියක් ඇයට කොළඹ මහාධිකරණය විසින් නිකුත් කර තිබූ විවෘත වරෙන්තුවකට අනුව නිකුත් කර තිබූ රතු නිවේදනයක් මගින් ශ්‍රී ලංකාවට ගෙන්වා ගනු ලැබුවා. ඇය ඉදිරි විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දීමෙන් පසු ඇය පිළිබඳත් ඉදිරි නෛතික කටයුතු සිදුකරනු ලබනවා."

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
22කට එරෙහි පෙත්සම් විභාගය ඇරඹේ - 502 ශාලාවේ ඉඩ මදිවී 501ට මාරු කිරීමටත් පියවර | Ada Derana

22කට එරෙහි පෙත්සම් විභාගය ඇරඹේ - 502 ශාලාවේ ඉඩ මදිවී 501ට මාරු කිරීමටත් පියවර | Ada Derana

තුවා අස්සෙන් එළියට ආ අයිස් - කතාවේ නවතම තතු - පාකිස්තාන ජාතිකයින් දෙදෙනෙකුත් අත්අඩංගුවට | Ada Derana

තුවා අස්සෙන් එළියට ආ අයිස් - කතාවේ නවතම තතු - පාකිස්තාන ජාතිකයින් දෙදෙනෙකුත් අත්අඩංගුවට | Ada Derana

නිලංගගේ මස්සිනා මරු තුරුළට යැවූ සලිඳු පාර්ශවයේ වෙඩිල්ල | Ada Derana

නිලංගගේ මස්සිනා මරු තුරුළට යැවූ සලිඳු පාර්ශවයේ වෙඩිල්ල | Ada Derana

SriLankan ගුවන් සේවයේ ආරම්භයේ කතාව අදට වසර 47ක් - ''මේක ලොකු නිධානයක් රටට තියෙන'' | Ada Derana

SriLankan ගුවන් සේවයේ ආරම්භයේ කතාව අදට වසර 47ක් - ''මේක ලොකු නිධානයක් රටට තියෙන'' | Ada Derana

ලෝකය දිනූ පුරාවෘත්තය - මෙසී ජාත්‍යන්තර පාපන්දු පිටියෙන් සමුගනී | Ada Derana

ලෝකය දිනූ පුරාවෘත්තය - මෙසී ජාත්‍යන්තර පාපන්දු පිටියෙන් සමුගනී | Ada Derana

22 ගැන කියන කතා - ''තෝරපු ක්‍රියාමාර්ගය නිවැරදියි'' | Ada Derana

22 ගැන කියන කතා - ''තෝරපු ක්‍රියාමාර්ගය නිවැරදියි'' | Ada Derana

ඛනිජ කර්මාන්ත ක්ෂේත්‍රයේ සංවර්ධනය පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් | Ada Derana

ඛනිජ කර්මාන්ත ක්ෂේත්‍රයේ සංවර්ධනය පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් | Ada Derana

 22ට අදාළ පෙත්සම් විභාගයට සියල්ල සුදානම් - ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ්‍රයේ ආරක්ෂාවත් තරකෙරේ

22ට අදාළ පෙත්සම් විභාගයට සියල්ල සුදානම් - ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ්‍රයේ ආරක්ෂාවත් තරකෙරේ

මුහුදුබඩ දුම්රිය මගීන්ට සුබ පණිවුඩයක්

මුහුදුබඩ දුම්රිය මගීන්ට සුබ පණිවුඩයක්

 පයාගලදී වෙඩි කෑ 'ඩිලා' කැමරාවේ සටහන් වූ තවත් දර්ශන පෙළක්...

පයාගලදී වෙඩි කෑ 'ඩිලා' කැමරාවේ සටහන් වූ තවත් දර්ශන පෙළක්...

 භූතානයට ගිය අගමැතිනි හරිනිට ලැබුණු පිළිගැනීම

භූතානයට ගිය අගමැතිනි හරිනිට ලැබුණු පිළිගැනීම

 කළු ගඟේ සැඟව ගිය සස්මිත සොයා මෙහෙයුම්

කළු ගඟේ සැඟව ගිය සස්මිත සොයා මෙහෙයුම්

කෝ එනවා කිව්ව ලයිට් කැපිල්ල? - ''හොරෙන්ම කපනවා'' | Ada Derana

කෝ එනවා කිව්ව ලයිට් කැපිල්ල? - ''හොරෙන්ම කපනවා'' | Ada Derana

 සැකයක් ඉතිරි කර නිදි යහනේ අවසන් ගමන් ගිය ප්‍රවීණ නිරූපණ ශිල්පිණී චූලා...

සැකයක් ඉතිරි කර නිදි යහනේ අවසන් ගමන් ගිය ප්‍රවීණ නිරූපණ ශිල්පිණී චූලා...

 සුදු තුවා අතර සඟවා පාකිස්තානයෙන් කොළඹට එවූ අයිස් කන්ටේනර්

සුදු තුවා අතර සඟවා පාකිස්තානයෙන් කොළඹට එවූ අයිස් කන්ටේනර්

Lassana Flora
Spotlight
නිරූපණ ශිල්පිනී චූලා සැක ලෙස මියගිහින්

නිරූපණ ශිල්පිනී චූලා සැක ලෙස මියගිහින්

 මහ සයුර වියරු වී මවක්, දියණියක් සහ ඥාති දරු දෙදෙනා බිලිගනී

මහ සයුර වියරු වී මවක්, දියණියක් සහ ඥාති දරු දෙදෙනා බිලිගනී

 පාන් ගෙඩිය රු. 10කින් නගී

පාන් ගෙඩිය රු. 10කින් නගී

රවීට ඇප

රවීට ඇප

 කොළඹ උසාවියේ පෞරාණික ගොඩනැගිල්ලක කොටසක් කඩාවැටිලා

කොළඹ උසාවියේ පෞරාණික ගොඩනැගිල්ලක කොටසක් කඩාවැටිලා

 ''විනිසුරු විශ්‍රාම වයස වැඩි කළාට මදි ඔවුන්ට තවත් දීමනා ලබා දෙන්න ඕනෑ''

''විනිසුරු විශ්‍රාම වයස වැඩි කළාට මදි ඔවුන්ට තවත් දීමනා ලබා දෙන්න ඕනෑ''

 22 පෙත්සම් සලකා බැලීමට අගවිනිසුරු සභාපතිත්වයෙන් පංච පුද්ගල විනිසුරු මඬුල්ලක්

22 පෙත්සම් සලකා බැලීමට අගවිනිසුරු සභාපතිත්වයෙන් පංච පුද්ගල විනිසුරු මඬුල්ලක්

පාන් - බිත්තර රොටි - පරාටා මිල නගී

පාන් - බිත්තර රොටි - පරාටා මිල නගී

පිටි මිල 17කින් නගී

පිටි මිල 17කින් නගී

⁠විදුලි බිල අද හෙටම වැඩිවෙයි?

⁠විදුලි බිල අද හෙටම වැඩිවෙයි?

පෙට්‍රල් මිල බස්සයි

පෙට්‍රල් මිල බස්සයි

 ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

 මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

 බි. 198කින් ණය කන්ද ඉහළට

බි. 198කින් ණය කන්ද ඉහළට