පාකිස්තාන - ශ්‍රි ලංකා තෙවන T20 තරගය හෙට
January 10, 2026 04:56 pm
වර්ෂාව හේතුවෙන් අතහැර දැමුනු පාකිස්තානය සහ ශ්‍රි ලංකාව අතර දෙවන T20 තරගය නැරඹීම සදහා මිලදී ගත් ප්‍රවේශපත්‍ර හෙට පැවැත්වෙන තෙවන T20 තරගය සඳහා ද වලංගු බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.
ඒ අනුව දෙවන තරගය නැරඹීමට ප්‍රවේශපත් මිලදී ගත් ප්‍රේක්ෂකයින්ට එම ප්‍රවේශපත්‍ර මගින් හෙට පැවැත්වෙන තරගය නැරඹීමේ හැකියාව පවතින බව ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් සඳහන් කර සිටී.
ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර තෙවන සහ අවසන් T20 ක්‍රිකට් තරගය හෙට රාත්‍රී 7.00ට රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය.
තරගාවලියේ පළමු තරගය කඩුලු 6කින් ජය ගැනීමට පාකිස්තාන කණ්ඩායම සමත් විය.
