header logo
SLIC
උණුසුම් පුවත්
දින 9 තුළ ඩෙංගු රෝගීන් 2,420ක් වාර්තා වෙයි
Jan 10, 202604:02 PM
දින 9 තුළ ඩෙංගු රෝගීන් 2,420ක් වාර්තා වෙයි
Mobitel 1278

මෙරට තුළ මේ වන විට ඩෙංගු රෝගීන්ගේ වර්ධනයක් පෙන්නුම් කරන බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා පවසයි.

මාධ්‍ය හමුවකට එක්වෙමින් වෛද්‍යවරයා පෙන්වා දෙන්නේ පසුගිය ජනවාරි 01 වැනිදා සිට ඊයේ (09) දින දක්වා ගතවූ දවස් 9 තුළ පමණක් දිවයින පුරා ඩෙංගු රෝගීන් 2,420ක් වාර්තා වී ඇති බවය.

මින් වැඩිම ඩෙංගු රෝගීන් ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන් බවත් ඒ අනුව බස්නාහිර පළාත තුළ ඩෙංගු රෝගීන් 1,317ක් වාර්තා වී ඇති බවත් දකුණු පළාතෙන් 361ක් මධ්‍යම පළාතෙන් 192ක්, සබරගමුව පළාතෙන් 165ක්, නැගෙනහිර උතුරු සහ වයඹ පළාත්වල 4%ක් ලෙස ඩෙංගු රෝගීන් වාර්තා වී ඇති බව වෛද්‍යවරයා පැවසුවේය.

මෙම පළාත්වලින් දිස්ත්‍රික්ක වශයෙන් ගත් කළ වැඩිම ඩෙංගු රෝගීන් ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් බවත් එම දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 625ක් වාර්තා වන බවත් කොළඹ දිස්ත්‍රික්කයේ කොළඹ නගර සභා සීමාව තුළ රෝගීන් 165ක් වාර්තා වී ඇති බවද වෛද්‍යවරයා පෙන්වා දුන්නේය.

මීට අමතරව ගම්පහ දිස්ත්‍රික්කය තුළ රෝගීන් 393ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් 128ක් ද රෝගීන් වාර්තා වී ඇති බවත් වෛද්‍යවරයා පැවසුවේය.

අනෙකුත් පළාත් ආශ්‍රිතව ගත් විට දකුණු පළාත තුළ ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවල ඩෙංගු රෝගීන් සැලකිය යුතු මට්ටමක් වාර්තා වී ඇති බවත් ගාල්ල දිස්ත්‍රික්කයෙන් රෝගීන් 148 සහ මාතර දිස්ත්‍රික්කයෙන් 162ක් වාර්තා වී ඇති බවද වෛද්‍යවරයා සඳහන් කළේය.

එමෙන්ම මහනුවර දිස්ත්‍රික්කට තුළ රෝගීන් 140ක් ද රත්නපුර දිස්ත්‍රික්කයෙන් 113ක්ද වාර්තා වී ඇති බවත් ඒ අනුව මෙම දිස්ත්‍රික්ක කිහිපය තුළ ඩෙංගු රෝගීන් අවධානය යොමු කළ යුතු මට්ටමකින් වාර්තා වී ඇති බව පෙන්වා දුන් වෛද්‍යවරයා සඳහන් කළේ දැනට පවතින වර්ෂාපතනය සහ ඇතිවූ ආපදා තත්ත්වය මෙම ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළ යාමට බලපා ඇති බවය.

එමෙන්ම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ලබා දී ඇති පුරෝකථන අනුව ඉදිරි කාලයේදීත් වර්ෂාපතන තත්ත්වයන් පෙන්නුම් කරන බැවින් මේ සම්බන්ධව අවධානය යොමු කළ යුතු බවත් වෛද්‍යවරයා පෙන්වා දුන්නේය.

මේ හේතුවෙන් මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීම මෙන්ම මදුරුවන් බෝවීම වළක්වා ගැනීමද අත්‍යවශ වන බව පෙන්වා දුන් වෛද්‍යවරයා ඒ සම්බන්ධයෙන් ජනතාව අවධානය යොමු කළ යුතු බවද පෙන්වා දුන්නේය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 රජයේ ඖෂධ පිට විකිණූ ඔසුසැලක් 'උකුස්සා' හෙළිකරයි...විකිණීම තහනම් ඖෂධ 8ක් හමුවෙයි

රජයේ ඖෂධ පිට විකිණූ ඔසුසැලක් 'උකුස්සා' හෙළිකරයි...විකිණීම තහනම් ඖෂධ 8ක් හමුවෙයි

 සලේගේ රැඳවුම් නියෝගය ගැන ආන්දෝලනාත්මක අනාවරණයක්...

සලේගේ රැඳවුම් නියෝගය ගැන ආන්දෝලනාත්මක අනාවරණයක්...

දළදා පෙරහැර තේජවත් කරන තේජවන්තයෝ - පෙරහැර සිරිත විශේෂාංගය 07

දළදා පෙරහැර තේජවත් කරන තේජවන්තයෝ - පෙරහැර සිරිත විශේෂාංගය 07

රටම කතාවෙන සලේට ලැබුණු තීන්දුව...

රටම කතාවෙන සලේට ලැබුණු තීන්දුව...

ඩුබායි සිට මෙරටට කුදලාගෙන ආ බස් ලලිත්ගේ පාපොච්චාරණය

ඩුබායි සිට මෙරටට කුදලාගෙන ආ බස් ලලිත්ගේ පාපොච්චාරණය

නළලට තැබූ මොට්ටුව පිසදා අධිකරණයට ගිය පද්මෙට ලැබුණු තීන්දුව මෙන්න

නළලට තැබූ මොට්ටුව පිසදා අධිකරණයට ගිය පද්මෙට ලැබුණු තීන්දුව මෙන්න

 දැඩි රැකවල් මැද කෙහෙල්බද්දර පද්මේ අධිකරණයට රැගෙන ආ හැටි

දැඩි රැකවල් මැද කෙහෙල්බද්දර පද්මේ අධිකරණයට රැගෙන ආ හැටි

 එල් නිනෝ නිසා විනාශ වුණු වගාවන්ට වන්දි ලැබෙන විදිය..

එල් නිනෝ නිසා විනාශ වුණු වගාවන්ට වන්දි ලැබෙන විදිය..

ඩුබායි රටෙන් කුදලන් ආ බස් ලලිත් CCIBයට රැගෙන ආ හැටි

ඩුබායි රටෙන් කුදලන් ආ බස් ලලිත් CCIBයට රැගෙන ආ හැටි

මහනුවර දෙවැනි රන්දෝලිය හැඩ කරමින් ගාම්භීරව සඳගලින් බැස ගිය සිංහරාජා... | Ada Derana

මහනුවර දෙවැනි රන්දෝලිය හැඩ කරමින් ගාම්භීරව සඳගලින් බැස ගිය සිංහරාජා... | Ada Derana

''ජරාම ජරා කෑම එන්නේ...බඩු ඔක්කොම නරක් වෙච්ච ඒවා'' - නිලධාරීන් සෝදිසි කළාට එයාලට යටින් ගාණ එනවා''

''ජරාම ජරා කෑම එන්නේ...බඩු ඔක්කොම නරක් වෙච්ච ඒවා'' - නිලධාරීන් සෝදිසි කළාට එයාලට යටින් ගාණ එනවා''

කාලගුණයෙන් විශේෂ අනාවරණයක් - ඉදිරි මාස 8 ලංකාවට තීරණාත්මකයි | Ada Derana

කාලගුණයෙන් විශේෂ අනාවරණයක් - ඉදිරි මාස 8 ලංකාවට තීරණාත්මකයි | Ada Derana

අල්ලස් කොමිසමට ආ ශ්‍රීලන්කන් හිටපු ලොක්කා | Ada Derana

අල්ලස් කොමිසමට ආ ශ්‍රීලන්කන් හිටපු ලොක්කා | Ada Derana

මාලිමාවට බලය හිමි තලාව ප්‍රාදේශීය සභාවට ගම්මුන්ගෙන් ආ විරෝධය | Ada Derana

මාලිමාවට බලය හිමි තලාව ප්‍රාදේශීය සභාවට ගම්මුන්ගෙන් ආ විරෝධය | Ada Derana

වැරදීමකින් වැටුණු මාංචු | Ada Deranav

වැරදීමකින් වැටුණු මාංචු | Ada Deranav

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෙවුණු වසර පහේදී අලි ඇත්තු 2,353ක් මරුට

ගෙවුණු වසර පහේදී අලි ඇත්තු 2,353ක් මරුට

අත්වැසුම් කම්හලක රසායනයකින් කුඹුරක් නිල් වී කොළඹ - ගම්පහට වතුර කැපෙයි

අත්වැසුම් කම්හලක රසායනයකින් කුඹුරක් නිල් වී කොළඹ - ගම්පහට වතුර කැපෙයි

ත්‍රීවිල් රියදුරන්ගේ වයස ගැනතීන්දුවක් නැහැ

ත්‍රීවිල් රියදුරන්ගේ වයස ගැනතීන්දුවක් නැහැ

දක්ෂිණ අධිවේගයේ කුෂ් අදිමින් සිටි හිටපු SI සහ ගෝලයා තවදුරටත් රිමාන්ඩ්

දක්ෂිණ අධිවේගයේ කුෂ් අදිමින් සිටි හිටපු SI සහ ගෝලයා තවදුරටත් රිමාන්ඩ්

වසර 2ක් තුළ රතු වරෙන්තුකරුවෝ 42ක් දිවයිනට

වසර 2ක් තුළ රතු වරෙන්තුකරුවෝ 42ක් දිවයිනට

ඩුබායි සිට කුදලන් ආ බස් ලලිත්ට චෝදනා වැලක්

ඩුබායි සිට කුදලන් ආ බස් ලලිත්ට චෝදනා වැලක්

පද්මේ නිළියන් 7ක් සමඟ හාදකම් පවත්වලා

පද්මේ නිළියන් 7ක් සමඟ හාදකම් පවත්වලා

මන්නාරමේ තෙල් ගවේෂණයට බලපත්‍ර පිරිනැමේ - තෙල් බැරල් බිලියන 2ක්

මන්නාරමේ තෙල් ගවේෂණයට බලපත්‍ර පිරිනැමේ - තෙල් බැරල් බිලියන 2ක්

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 සීගිරියේ ගල් පඩි 547ක් ගෙවීයෑමේ අවදානමක්

සීගිරියේ ගල් පඩි 547ක් ගෙවීයෑමේ අවදානමක්

දළදා පෙරහැරේ ආසනයක මිල 50,000කට නැගලා - දෙස් විදෙස් ජනතාවගෙන් චෝදනා

දළදා පෙරහැරේ ආසනයක මිල 50,000කට නැගලා - දෙස් විදෙස් ජනතාවගෙන් චෝදනා

මාස 8ට සංචාරකයෝ ලක්ෂ 14.5ක් ඇවිත්

මාස 8ට සංචාරකයෝ ලක්ෂ 14.5ක් ඇවිත්

අපේ පාස්පෝට් එක ලෝකයේ 168 වැනි තැනට

අපේ පාස්පෝට් එක ලෝකයේ 168 වැනි තැනට

අතුරුදන්ව සිටි බදුල්ල රෝහලේ විශේෂඥ වෛද්‍යවරයාගේ මරණය අබිරහසක්

අතුරුදන්ව සිටි බදුල්ල රෝහලේ විශේෂඥ වෛද්‍යවරයාගේ මරණය අබිරහසක්