header logo
SLIC
උණුසුම් පුවත්
ආපදා වන්දි දෙන්න ජනපති කුරුණෑගලට
Jan 09, 202610:08 PM
ආපදා වන්දි දෙන්න ජනපති කුරුණෑගලට
EDEX

ව්‍යසනයට මුහුණදුන් ජන ජීවිතය පෙර පැවති තත්ත්වයටත් වඩා හොඳින් ගොඩනැඟීමේ ශක්තිය රජයට තිබෙන බවත්, එම කටයුතු වෙනුවෙන් මේ වසර සඳහා රුපියල් කෝටි 50,000ක් වෙන් කර තිබෙන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ රිදීගම, මාවතගම, මල්ලවපිටිය, ඉබ්බාගමුව, ගනේවත්ත යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ආපදාවෙන් පූර්ණ හානි සිදු වූ නිවාස වෙනුවෙන් වන්දි ප්‍රදානය සඳහා අද (09) පස්වරුවේ රිදීගම, දොඩම්ගස්ලන්ද යොවුන් සේනාංක මධ්‍යස්ථානයේ පැවති වැඩසටහනට එක් වෙමිනි.

ආපදාවෙන් පසු ජන ජීවිතය යළි ගොඩනැංවීම වෙනුවෙන් ආරම්භ කළ 'Rebuilding Sri Lanka' යටතේ වූ ප්‍රධානතම ව්‍යාපෘතියක් ලෙස මෙම නිවාස ඉදිකර දීමේ PROJECT 5M වැඩසටහන ක්‍රියාත්මක කෙරේ. ආපදාවෙන් නිවාස අහිමි වු, නැවත එම ස්ථානයේම නිවස ඉදිකළ හැකි බවට තත්ත්ව සහතිකය ලද පවුල් වෙනුවෙන් නිවාස ඉදිකර ගැනීම සඳහා වන්දි ප්‍රදානය කිරීම එහි පළමු අදියර යටතේ සිදු කෙරේ.

ව්‍යසනයෙන් පසු රටත්, ජන ජීවිතයත් ඉතා ඉක්මණින් යථා තත්ත්වයට පත් කිරීමට නොහැකි වනු ඇතැයි ඇතැමුන් පැවසුවද, මේ වන විට විනාශ වූ සියලු මාර්ග ජනතාවට යළි විවෘත කරමින් සන්නිවේදනය, විදුලිය, ජලය ඇතුළු යටිතල පහසුකම් යථාවත් කර යළි ගොඩනැඟීමේ වැඩපිළිවෙළ වේගවත් කර තිබෙන බව පැවසු ජනාධිපතිවරයා විශේෂයෙන් එහිදී රාජ්‍ය නිලධාරීන් දිවා රැ නොබලා ඉටු කළ කාර්යභාරය අගයන බවත්, රාජ්‍ය යාන්ත්‍රණය රටත්, ජනතාවත් වෙනුවෙන් සිදු කරන කැපවීම එම ව්‍යසනය හමුවේ ඔප්පු කර තිබෙන බවත් සඳහන් කළේය.

ආපදාවෙන් විපතට පත් ජනතාවට නිවාස ඉදිකර දීම වෙනුවෙන් පූජ්‍ය ඉගුරුවත්තේ ධර්මකීර්ති ශ්‍රී සෝභිත විමලජෝත්‍යාධාන ස්වාමීන් වහන්සේ විසින් සහ රිදීගම ඩී.පී. අබේරත්න මහතා සහ එම මැතිණිය විසින් සිදු කළ ඉඩම් හා මූල්‍ය පරිත්‍යාගද මෙහිදී ජනාධිපතිවරයා වෙත භාර දෙනු ලැබීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා,

''අපි මුහුණ දුන්නේ මෑතකාලීන විශාලතම ව්‍යසනයකටයි. එහිදී බොහෝ අය කිව්වා ඉතා ඉක්මණින් රට යථා තත්ත්වයට පත් කර ගැනීමට නොහැකි වෙයි කියලා. හැබැයි මේ වන විට ආපදාවෙන් විනාශ වූ සියලු මාවත් අපි විවෘත කර තිබෙනවා. සන්නිවේදනය, විදුලිබලය, ජලය ඇතුළු යටිතල පහසුකම් යථා තත්ත්වයට පත් කර තිබෙනවා. ඒ වෙනුවෙන් අපේ දේශපාලන අධිකාරියත්, විශේෂයෙන් රාජ්‍ය නිලධාරිනුත් විශාල වෙහෙසක් දරා කටයුතු කළා. අපි දන්නවා මේ රටේ ජනතාව තුළ අපේ රාජ්‍ය යාන්ත්‍රණය පිළිබද තිබෙන්නේ හොඳ අදහසක් නොවෙයි. හැබැයි මේ දිට්වා සුළි කුණාටුවේදී අපේ රාජ්‍ය නිලධාරින් කොපමණ රට සහ ජනතාව වෙනුවෙන් වැඩ කරනවාද කියා ඔප්පු කළා. බොහෝ නිලධාරී මහත්ම මහත්මීන් දිවා රෑ නොබලා වැඩ කළා. ඒ වගේම ජනතාව ඒ සඳහා ස්වේච්ඡාවෙන් මැදිහත් වුණා. එම කැපවීමේ ප්‍රතිඵලයක් ලෙස අපි සැලකිය යුතු ප්‍රමාණයකින් යථාවත් වී තිබෙනවා.

නමුත් මේ ව්‍යසනය අපේ ආර්ථිකයට යම් බලපෑමක් ඇති කරනවා. මෙහි සිටින අපි කවුරුත් දන්නවා මීට පෙර අපේ රටේ ආර්ථිකය විශාල අර්බුදයකට මුහුණ දුන්නා. ඒ අර්බුදයේ ප්‍රතිවිපාකවලට අපි සියලුදෙනා මුහුණ දුන්නා. විදුලිය, ඉන්ධන, ගෑස්, කිරි පිටි ආදිය නැති වුණා. මුළු රටම කඩා වැටෙන තැනට පරිවර්තනය වුණා. එවැනි ආර්ථික අර්බුදයක් නිර්මාණය වුයේ ස්වභාවික ව්‍යසනයක් මත නොවෙයි. ඒ වගේම එවැනි ආර්ථික කඩා වැටීමක් සිදු වුණේ ගම්වල ජීවත්වන අපේ අම්මලා, තාත්තලාගේ වැරුද්දකින් නොවෙයි. පැවති දේශපාලන අධිකාරිය පුරා පැතිරි තිබු දූෂණය, අල්ලස, අක්‍රමිකතාව සහ වැරදි තීන්දු ගැනීම ආදී කරුණු මත අපේ රටේ ජනතාව විශාල පීඩනයකට මුහුණ දුන්නා.

ඉන් අනතුරුව පැවති ජනාධිපතිවරණයේදී සහ මහමැතිවරණයේදී රටේ ජනතාව විශාල බලාපොරොත්තුවකින් යුතුව අපිව බලයට පත් කර ගත්තා. එහිදී ජනතාවගේ අරමුණු රැසක් තිබුණා. වංචා දුෂණයෙන් තොර පාලනයක්, වංචනිකයන්ට, දුෂිතයන්ට දඩුවම් දීම, නීතියේ විධානයේ ආධිපත්‍ය තහවුරු කිරීම, මත්ද්‍රව්‍ය ව්‍යසනයෙන් තරුණ පරපුර බේරා ගැනීම ආදී අරමුණු ඒ අතර ප්‍රමුඛ වුණා. ඒ වගේම සෑම කෙනෙකුටම ජීවත්වීමට හැකි ආදායම් මාර්ගක් සකස් කර ගැනීමේ අපේක්ෂාව තිබුණා. එම අපේක්ෂාවන් සපුරාදීමේදී වැදගත්කම සාධකය වුණේ රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමයි. අපි ඒ වෙනුවෙන් මේ වන විට සැලකිය යුතුවැඩකොටසක් ඉටු කර තිබෙනවා.

එවැනි අවස්ථාවක තමයි අපිට මෙවැනි ව්‍යසනයකට මුහුණ දීමට සිදු වුණේ. නමුත් එම ව්‍යසනයට මුහුණ දුන් ජන ජීවිතය පෙර පැවති තත්ත්වයටත් වඩා හොඳින් ගොඩනැගීමේ ශක්තිය අපිට තිබෙනවා. ඒ වෙනුවෙන් මේ වසරේදී වියදම් කිරීමට අපි කෝටි 50,000ක් වෙන් කර තිබෙනවා. ඒ හයිය ලැබෙන්නේ ආර්ථිකය ශක්තිමත් කරගත්තොත් පමණයි.

අපේ ගම්වල ජනතාවගේ ජන ජීවිතය මීට වඩා උසස්විය යුතුයි. මම දන්නවා නිසි ආහාර වේලක රස නොලැබූ ජනතාවක් සිටිනවා. පරම්පරාවටම හොඳ නිවසක් නැති වූ ජනතාවක් සිටිනවා. අපේ රටේ ජනතාව එසේ ජීවත්විය යුතු නැහැ. වසර 70-80ක් වැනි ජීවිත කාලය තුළ සියලුදෙනාටම මිනිසෙක් ලෙස ජීවත්වී ජීවිතයෙන් සමුගත හැකි රටක් අපි ගොඩනැඟිය යුතුයි. ඒ නිසා අපි ඉතා සැලසුම් සහගතව සහ විධිමත්ව මේ ආර්ථිකයක්, ජනතාවත් බලා ගන්නා රටක් ගොඩනැගීම වෙනුවෙන් කැපවී සිටිනවා. අපි එය සිදුකළ යුතුයි. අපි එය ඉටු නොකළහොත් කිසිදිනක කිසිවෙකු එය ඉටු කරන්නේ නැහැ. එය කරනවා නම් පසුගිය වසර 76 තුළ කිරීමට හැකිව තිබුණා. නමුත් එය සිදු වුණේ නැහැ. මේ රටේ ජනතාව බලා ගන්නා ආණ්ඩුවක් තිබෙනවා නම් ඒ මේ ආණ්ඩුව පමණයි. ඒ නිසා තමයි ව්‍යසනය හමුවේ ජන ජීවිතය යළි ගොඩනැගීම වෙනුවෙන් කෝටි 50,000ක් වෙන් කළේ. එවන් විශාල මුදලක් කිසිදිනක වෙන් කළේ නැහැ.

අපේ රටේ ජනතාවගේ ජන ජීවිතය උසස් කිරීමට නම් පළමුව හැම කෙනෙකුටම හොඳ ආදායම් මාර්ගයක් හිමි කර දිය යුතුයි. ඒ වගේම අපි දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබා දිය යුතුයි. අපි දන්නවා අපේ ගම්වල දරුවන්ට අනාගතය ජය ගත හැකි එකම මාවත වන්නේ අධ්‍යාපනයයි. අපේ අම්මලා, තාත්තලා දරුවන්ට උගන්වන්න මහා වෙහෙසක් දරනවා. නමුත් අපේ අධ්‍යාපන ක්‍රමය හොඳ ප්‍රතිඵල ගෙනවිත් දෙන්නේ නැහැ. මේ අධ්‍යාපන ක්‍රමය අපේ දෙමාපියන්ට බරක්. දරුවන්ට දුකක්.

ලැබී තිබෙන වාර්තා අනුව ළමයින් 50ට අඩු පාසල් 1150ක් පමණ ලංකාවේ තිබෙනවා. ඒවා පාසල් වන්නේ නැහැ. දරුවන්ට සාහිත්‍ය උත්සවයක්, ක්‍රීඩා උත්සවයක් පවත්වන්න බැහැ. අපි ඒ පාසල් ගැන අවධානය යොමු කළ යුතුයි. ඒ නිසා හොඳ, වැඩිපුර ළමයින් සිටින, ළමයින් එකට මුසු වෙන නව පාසල් පද්ධතියක් අපි ගොඩනැගිය යුතුයි.

පැරණි පාසල කියා ගමේ පාසල රැකගෙන වැඩක් නැහැ. ඒ වගේම අධ්‍යාපනය අද දෙමාපියන්ට විශාල බරක්. ඒ වගේම දරුවාට දුකක් වෙලා තිබෙනවා. දරුවන්ගේ ළමා කාලය උදුරාගත් මෙම අධ්‍යාපනය වෙනස් විය යුතුයි. එසේ නම් අපි හොඳ අධ්‍යාපන ක්‍රමයක් ඇති කළ යුතුයි. අපි ඒ සඳහා පියවර ගන්නා විට ඒ විෂයකවත් නැති, අරමුණක්වත් නැති දේවල් මාධ්‍ය හරහා කියන්න පටන් ගෙන තිබෙනවා.

නිදහස් අධ්‍යාපන පනත ගෙන ආ අවස්ථාවේත් මේ විදියටම ඊට විරුද්ධව පොර බැදුවා. මේ අවස්ථාවේදීත් එහෙමයි. මෙය යහපත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක්, අපේ දරුවන් බලා ගන්නා අධ්‍යාපනයක්. අපේ දරුවන්ව ලෝකය සමග මුසු කළ හැකි අධ්‍යාපන ක්‍රමයක්. එසේම අපේ දරුවන්ට පෞර්ෂයක්, නායකත්වයක් සහිතව ඉදිරියට යා හැකි අධ්‍යාපන ක්‍රමයක්. මැෂින් හදන හෝ තෙතමනයක්, අධ්‍යාත්මයක් නැති දෙමාපියන්, ගුරුවරුන්, ආගමික නායකයන් හඳුනන්නේ නැති දරුවන් හදන අධ්‍යාපනයක් නොවෙයි. එවැනි අධ්‍යාපනයකින් අපිට ඵලක් නැහැ.

මේ අධ්‍යාපන ක්‍රමය තෙතමනයක් සහිත, අධ්‍යාත්මයක් සහිත සහකම්පනයෙන් යුතු දරු පරපුරක් ගොඩනගන අධ්‍යාපන ක්‍රමයක්. කවුරු මොනවා කිව්වත් ඒ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අපේ ගම්වල ඉන්න අහිංසක දෙමාපියන්ගේ දරුවන්ට හොඳ අනාගතයක් නිර්මාණය කර දෙන අධ්‍යාපන ක්‍රමයක් ඇති කරනවා. ඒ පිළිබඳ ගැටලු තිබෙනවා නම් අපි සාකච්ඡා කරමු. අපි කියන්නම් මොකක්ද කරන්න හදන්නේ කියලා. මෙහි සිටින කවුරන් හෝ විශ්වාස කරනවාද අපි අධ්‍යාපනය විනාශ කරනවා කියලා. අපි එහෙම අය නොවෙයි. අපි ඈත ගම්වල ඉපදුණ අය. අපිට අධ්‍යාපනයේ යම් ඉඩක් විවෘත වු නිසා තමයි අද මේ වගකීම්වලට පත්වී සිටින්නේ. එසේ නොමැතිව අපේ පවුල් පසුබිම්, අපේ ගම්වල පසුබිම් අපි මෙතනට ගෙනාවේ නැහැ. අධ්‍යාපනය තමයි අපිට මේ පාරවල් කැපුවේ. ඒ නිසා ඈත ගම්වල ඉපදුණ අපිට ඉදිරියට ඒමට පාර කැපුවේ අධ්‍යාපනය නම් ඒ අධ්‍යාපනයට විනාශකාරී පාරක් අපි කපන්නේ නැහැ. අපේ දරුවන්ට හොඳ අධ්‍යාපන ක්‍රමයක් සකස් කර දීමට අපිට අවශ්‍යයි.''

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
පොලීසියෙන් බේරෙන්න හොරණ ඉඳන් පැල්මඩුල්ලට පයින් ගිය ඝාතකයා - අද දෙරණට ලැබුණ සුවිශේෂ වීඩියෝවක්

පොලීසියෙන් බේරෙන්න හොරණ ඉඳන් පැල්මඩුල්ලට පයින් ගිය ඝාතකයා - අද දෙරණට ලැබුණ සුවිශේෂ වීඩියෝවක්

පළමු රන්දෝලියේ වීථි සංචාරය අද - අවසන් කුඹල් පෙරහැර හැඩ කළ සිංහරාජා | Ada Derana

පළමු රන්දෝලියේ වීථි සංචාරය අද - අවසන් කුඹල් පෙරහැර හැඩ කළ සිංහරාජා | Ada Derana

අමෙරිකාවට සහාය දක්වන රටවලට ඉරානයෙන් තර්ජන | Ada Derana

අමෙරිකාවට සහාය දක්වන රටවලට ඉරානයෙන් තර්ජන | Ada Derana

“හැමෝම එපා කියන 22, අවදානමක් අරන් ඇයි ජනාධිපතිතුමා කරන්නේ ” | Ada Derana

“හැමෝම එපා කියන 22, අවදානමක් අරන් ඇයි ජනාධිපතිතුමා කරන්නේ ” | Ada Derana

අලි හදිසියක් - පාර පැන්න ලොක්කෝ සෙට්එක කැමරාවේ | Ada Derana

අලි හදිසියක් - පාර පැන්න ලොක්කෝ සෙට්එක කැමරාවේ | Ada Derana

අවසන් සුසුමත් වාතලයට මුසු කළ ජාතියේ යශෝරාවය

අවසන් සුසුමත් වාතලයට මුසු කළ ජාතියේ යශෝරාවය

වැව රක්ෂිතයේ ගින්න මැඩපැවැත්වූ ගුවන් හමුදාවේ මෙහෙයුම.. බෙල් 412 සිට ලබාගත් සුවිශේෂී දර්ශන සහිතයි

වැව රක්ෂිතයේ ගින්න මැඩපැවැත්වූ ගුවන් හමුදාවේ මෙහෙයුම.. බෙල් 412 සිට ලබාගත් සුවිශේෂී දර්ශන සහිතයි

විශාරද නන්දා මාලනියගේ දේහය පිළිබඳ ආගමික වතාවත් සිදු කෙරේ |

විශාරද නන්දා මාලනියගේ දේහය පිළිබඳ ආගමික වතාවත් සිදු කෙරේ |

දිවිසැරිය නිම කළ නන්දා මාලනීට... අවසන් ගෞරවය පුද කළ හිටපු ජනපති රනිල්

දිවිසැරිය නිම කළ නන්දා මාලනීට... අවසන් ගෞරවය පුද කළ හිටපු ජනපති රනිල්

සෙනඟ අතරින් ආ වික්ටර්..නන්දා මාලනියට අවසන් ගෞරව පුද කළ අයුරු

සෙනඟ අතරින් ආ වික්ටර්..නන්දා මාලනියට අවසන් ගෞරව පුද කළ අයුරු

දිවිසැරිය නිම කළ නන්දා මාලනීට... අවසන් ගෞරවය පුද කළ හිටපු ජනපති රනිල්

දිවිසැරිය නිම කළ නන්දා මාලනීට... අවසන් ගෞරවය පුද කළ හිටපු ජනපති රනිල්

වැල්ලවාය පාරේ සිදුවූ බස් - ලොරි අනතුර..ලොරි රථයේ සහයකයා රෝහලේ

වැල්ලවාය පාරේ සිදුවූ බස් - ලොරි අනතුර..ලොරි රථයේ සහයකයා රෝහලේ

ආදරණීය නන්දා මාලනියට සමුදෙන්න‍අද උදෑසන සිටම එන ජනතාව.. | Ada Derana

ආදරණීය නන්දා මාලනියට සමුදෙන්න‍අද උදෑසන සිටම එන ජනතාව.. | Ada Derana

 යළි නොගයන නන්දාට අවසන් පබැඳුම..

යළි නොගයන නන්දාට අවසන් පබැඳුම..

දිවිසැරිය නිම කළ නන්දා මාලනී වෙනුවෙන් අගමැති හරිනිගෙන් ශෝක පණිවුඩයක්..

දිවිසැරිය නිම කළ නන්දා මාලනී වෙනුවෙන් අගමැති හරිනිගෙන් ශෝක පණිවුඩයක්..

Lassana Flora
Spotlight
El Nino - La Nina සරසවි විෂයක් වෙයි

El Nino - La Nina සරසවි විෂයක් වෙයි

ආර්ථිකය ශක්තිමත්... රට වැටෙන්නේ නෑ

ආර්ථිකය ශක්තිමත්... රට වැටෙන්නේ නෑ

 ජාතික පාසල්වල වසර 8ක් සිටි ගුරුවරුන්ට මාරුවීම්

ජාතික පාසල්වල වසර 8ක් සිටි ගුරුවරුන්ට මාරුවීම්

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

මනුසත් දෙරණ 88 වන වෛද්‍ය සායනය..වව්නියාව බෝගස්වැව ශ්‍රී සාල වනෝද්‍යාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී

මනුසත් දෙරණ 88 වන වෛද්‍ය සායනය..වව්නියාව බෝගස්වැව ශ්‍රී සාල වනෝද්‍යාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී

එල් නිනෝ වසර අග සැඩවෙන හැඩ

එල් නිනෝ වසර අග සැඩවෙන හැඩ

කෝවිලේ උත්සවයේදී ඇස්වලට හානිවූ 160ක් රෝහලේ...

කෝවිලේ උත්සවයේදී ඇස්වලට හානිවූ 160ක් රෝහලේ...

ට්‍රැක්ටරයේ ටිපරය ගැටී..කැබිලිත්තට ගිය නඩයේ 5ක් මරුට

ට්‍රැක්ටරයේ ටිපරය ගැටී..කැබිලිත්තට ගිය නඩයේ 5ක් මරුට

ජනතාවාදීව සිතා නිදහස් කළ හැකි උතුරු නැගෙනහිර ඉඩම් කඩිනමින් නිදහස් කරන්න...- ජනපතිගෙන් උපදෙස්

ජනතාවාදීව සිතා නිදහස් කළ හැකි උතුරු නැගෙනහිර ඉඩම් කඩිනමින් නිදහස් කරන්න...- ජනපතිගෙන් උපදෙස්

'පුරාවිද්‍යාව' අහෝසි කරන්නේ නෑ කිව්වත්'ජාතික උරුම දෙපාර්තමේන්තුවට' සියල්ල සූදානම්

'පුරාවිද්‍යාව' අහෝසි කරන්නේ නෑ කිව්වත්'ජාතික උරුම දෙපාර්තමේන්තුවට' සියල්ල සූදානම්

මහනුවර අවසන් කුඹල් පෙරහැර අද

මහනුවර අවසන් කුඹල් පෙරහැර අද

අපි අසරණවෙලා වගේ හිතට දැනෙනවා...

අපි අසරණවෙලා වගේ හිතට දැනෙනවා...

ජාතියේ රන් ස්වරය අද දැයට සමුදෙයි

ජාතියේ රන් ස්වරය අද දැයට සමුදෙයි

 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

 රඹුකන සිදත් තෙරිඳුන් ගී ලොව කිරුළ යළි හමු නොවෙයි, පන්හිඳ පවසයි නිසල | Ada Derana

රඹුකන සිදත් තෙරිඳුන් ගී ලොව කිරුළ යළි හමු නොවෙයි, පන්හිඳ පවසයි නිසල | Ada Derana