header logo
SLIC
උණුසුම් පුවත්
2024 ට සාපේක්ෂව 2025 වසරේ දී මාරක රිය අනතුරුවල වර්ධනයක්
Jan 08, 202602:23 PM
2024 ට සාපේක්ෂව 2025 වසරේ දී මාරක රිය අනතුරුවල වර්ධනයක්
EDEX

2024 වසරට සාපේක්ෂව 2025 වසරේ දී මාරක රිය අනතුරුවල වර්ධනයක් දක්නට ලැබෙන බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි.

නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (08) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.

සිදුව ඇති මාරක අනතුරු විශ්ලේෂණය කළ විට ප්‍රධාන වශයෙන් අනතුරට ලකව ඇත්තේ පදිකයන් සහ යතුරුපැදිකරුවන් බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි.

මෙම අනතුරු වැළැක්වීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට මුදල් වෙන්කර ඇති බවත් ඒ සඳහා අවශ්‍ය සැලසුම් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා පවසයි.

එමෙන්ම දුම්රිය අනතුරු සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඒ මහතා පැවසුවේ ඒ සඳහා ද අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවයි.

එහිදී මේ සම්බන්ධයෙන් වැඩිදුර අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා,

"2024 දී මාරක රිය අනතුරු 2,403ක් වාර්තා වෙලා තියෙනවා. 2025 දී මාරක රිය අනතුරු 2,583 සිදුවෙලා. ඒ කියන්නේ 180කින් මාරක රිය අනතුරු වැඩි වෙලා. බරපතල ලෙස හානි වෙන අනතුරු 7,157ක් වාර්තා වෙනවා 2024 දී. 2025 දී 5,276 දක්වා අඩුකර ගැනීමට හැකි වෙනවා 1,881කින්. ඒ වගේම සුළු තුවාල ලැබූ පිරිස මේ මාරක අනතුරු නිසා 9,996ක් 2024 වසරේදී වාර්තා වෙනවා. 2025 වසරේදී ඒක තව 71කින් වැඩි වෙලා 10067ක් බවට පත් වෙනවා. ඒ වගේම අලාභ හානි ගත්තොත් 5,743ක් වාර්තා වෙනවා 2024 අවුරුද්දේ. 2025 වසරේදී ඒක තරමක් අඩු වෙනවා 1516කින් 4227 විදියට. මේ විදියට ගත්තාම 2024 අවුරුද්දේ සම්පූර්ණ මාර්ග අනතුරු නිසා වෙන මාරක අනතුරු බරපතල හානි සුලු සහ අලාභ හානිත් එක්ක එකතුව ගත්තාම 25,299ක් බවට පත් වෙනවා. 2025 අවුරුද්දේ තරමක් අඩුවෙනවා ඒක 22,153ක් විදියට. මේක සාධනීය තත්ත්වයක් ලෙස බලන්න විදියක් නෑ. මොකද මාරක රිය අනතුරු ප්‍රමාණය වැඩි වෙලා තියෙන නිස‍ා.

ඒ වගේම මාරක රිය අනතුරු වලට මුල් වන රථවාහන මොනවාද කියන එක ගැන අපි පොඩි විමසීමක් සිදු කල විට, මේකෙදි වැඩියෙන්ම අනතුරට ලක් වෙලා තියෙන්නේ පදිකයින්. 2024 වසරේ දී ගතහොත් පදිකයින් 815ක්. ඒ වගේම යතුරුපැදි 781ක්. එතකොට මේ දෙකේ එකතුව තමයි වැඩි ප්‍රමාණයක් රිය අනතුරු වලට හේතු වෙලා තියෙන්නේ. 2025 වසරේදීත් වැඩි වෙනසක් වෙන්නේ නෑ. පදිකයින් 720ක් වෙනකොට යතුරුපැදි 713ක් බවට සඳහන් වෙනවා.

මේ අනුව මේ සැලසුම් සකස් කරනකොට වැඩි අවධානයක් යොද වන්න වෙනවා පදිකයන් සහ යතුරුපැදිකරුවන් කෙරෙහි.

ඒ වගේම දුම්රිය වල ගැටිලා අනතුරු වෙලා තියෙනවා 2021 අවුරුද්දේ මිනිස්සු 208ක් මිය යනවා. මේක සියදිවි නසා ගැනීම්ද දුම්රියේ ගැටීම්ද කියලා වෙන් කරලා නෑ. 2022 අවුරුද්දේ 414ක් වෙනවා. 2023 වසරේ 402ක් වෙනවා. 2024 වසරේ 407ක් වෙනවා. 2025 වසරේ 374ක් වෙනවා.

එතනත් වැඩි ප්‍රමාණයක් දුම්රියේ ගැටී ජීවිත නැති වෙනවා.

ඒ වගේම දුම්රියේ ගැටීම නිසා වාහනවලට සිදුවන අනතුරු ගත්තාම 2021 වසරේ 61ක් , 2022 වසරේ 78ක්, 2023 වසරේ 74ක් , 2024 වසරේ 66ක්, 2025 වසරේ 75ක් විදියට සඳහන් වෙනවා.

වන අලි දුම්රියේ ගැටීම නිසා 2024 වසරේ 08 දෙනෙකු මිය යනවා. තුවාල ලබනවා 10 දෙනෙක්. එකතුව 18ක් වෙනවා. 2025 වසරේ දී 14ක් මිය යනවා, 8 දෙනෙක් තුවාල ලබනවා"

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
අවසන් සුසුමත් වාතලයට මුසු කළ ජාතියේ යශෝරාවය

අවසන් සුසුමත් වාතලයට මුසු කළ ජාතියේ යශෝරාවය

වැව රක්ෂිතයේ ගින්න මැඩපැවැත්වූ ගුවන් හමුදාවේ මෙහෙයුම.. බෙල් 412 සිට ලබාගත් සුවිශේෂී දර්ශන සහිතයි

වැව රක්ෂිතයේ ගින්න මැඩපැවැත්වූ ගුවන් හමුදාවේ මෙහෙයුම.. බෙල් 412 සිට ලබාගත් සුවිශේෂී දර්ශන සහිතයි

විශාරද නන්දා මාලනියගේ දේහය පිළිබඳ ආගමික වතාවත් සිදු කෙරේ |

විශාරද නන්දා මාලනියගේ දේහය පිළිබඳ ආගමික වතාවත් සිදු කෙරේ |

දිවිසැරිය නිම කළ නන්දා මාලනීට... අවසන් ගෞරවය පුද කළ හිටපු ජනපති රනිල්

දිවිසැරිය නිම කළ නන්දා මාලනීට... අවසන් ගෞරවය පුද කළ හිටපු ජනපති රනිල්

සෙනඟ අතරින් ආ වික්ටර්..නන්දා මාලනියට අවසන් ගෞරව පුද කළ අයුරු

සෙනඟ අතරින් ආ වික්ටර්..නන්දා මාලනියට අවසන් ගෞරව පුද කළ අයුරු

දිවිසැරිය නිම කළ නන්දා මාලනීට... අවසන් ගෞරවය පුද කළ හිටපු ජනපති රනිල්

දිවිසැරිය නිම කළ නන්දා මාලනීට... අවසන් ගෞරවය පුද කළ හිටපු ජනපති රනිල්

වැල්ලවාය පාරේ සිදුවූ බස් - ලොරි අනතුර..ලොරි රථයේ සහයකයා රෝහලේ

වැල්ලවාය පාරේ සිදුවූ බස් - ලොරි අනතුර..ලොරි රථයේ සහයකයා රෝහලේ

ආදරණීය නන්දා මාලනියට සමුදෙන්න‍අද උදෑසන සිටම එන ජනතාව.. | Ada Derana

ආදරණීය නන්දා මාලනියට සමුදෙන්න‍අද උදෑසන සිටම එන ජනතාව.. | Ada Derana

 යළි නොගයන නන්දාට අවසන් පබැඳුම..

යළි නොගයන නන්දාට අවසන් පබැඳුම..

දිවිසැරිය නිම කළ නන්දා මාලනී වෙනුවෙන් අගමැති හරිනිගෙන් ශෝක පණිවුඩයක්..

දිවිසැරිය නිම කළ නන්දා මාලනී වෙනුවෙන් අගමැති හරිනිගෙන් ශෝක පණිවුඩයක්..

අභාවප්‍රාප්ත විශාරද නන්දා මාලනී වෙනුවෙන් පාර්ලිමේන්තුවම මිනිත්තුවක් නිහඬ වෙයි

අභාවප්‍රාප්ත විශාරද නන්දා මාලනී වෙනුවෙන් පාර්ලිමේන්තුවම මිනිත්තුවක් නිහඬ වෙයි

නන්දා මාලනීයගේ දේහය'සංගීත ආශ්‍රමය'ට රැගෙන එයි

නන්දා මාලනීයගේ දේහය'සංගීත ආශ්‍රමය'ට රැගෙන එයි

මහමඟ ලේ විලක් කළ මොනරාගල මාරක අනතුර

මහමඟ ලේ විලක් කළ මොනරාගල මාරක අනතුර

පෙරහැර අභිමානය කියාපාන තේජවන්තයින්ගේ ඇඳුම් නිර්මාණ...අතීත උරුමය සොයා ගිය අද දෙරණ

පෙරහැර අභිමානය කියාපාන තේජවන්තයින්ගේ ඇඳුම් නිර්මාණ...අතීත උරුමය සොයා ගිය අද දෙරණ

 පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ දේහයට අගමැතිනිය අවසන් ⁣ගෞරව දැක්වූ අයුරු

පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ දේහයට අගමැතිනිය අවසන් ⁣ගෞරව දැක්වූ අයුරු

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

මනුසත් දෙරණ 88 වන වෛද්‍ය සායනය..වව්නියාව බෝගස්වැව ශ්‍රී සාල වනෝද්‍යාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී

මනුසත් දෙරණ 88 වන වෛද්‍ය සායනය..වව්නියාව බෝගස්වැව ශ්‍රී සාල වනෝද්‍යාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී

එල් නිනෝ වසර අග සැඩවෙන හැඩ

එල් නිනෝ වසර අග සැඩවෙන හැඩ

කෝවිලේ උත්සවයේදී ඇස්වලට හානිවූ 160ක් රෝහලේ...

කෝවිලේ උත්සවයේදී ඇස්වලට හානිවූ 160ක් රෝහලේ...

ට්‍රැක්ටරයේ ටිපරය ගැටී..කැබිලිත්තට ගිය නඩයේ 5ක් මරුට

ට්‍රැක්ටරයේ ටිපරය ගැටී..කැබිලිත්තට ගිය නඩයේ 5ක් මරුට

ජනතාවාදීව සිතා නිදහස් කළ හැකි උතුරු නැගෙනහිර ඉඩම් කඩිනමින් නිදහස් කරන්න...- ජනපතිගෙන් උපදෙස්

ජනතාවාදීව සිතා නිදහස් කළ හැකි උතුරු නැගෙනහිර ඉඩම් කඩිනමින් නිදහස් කරන්න...- ජනපතිගෙන් උපදෙස්

'පුරාවිද්‍යාව' අහෝසි කරන්නේ නෑ කිව්වත්'ජාතික උරුම දෙපාර්තමේන්තුවට' සියල්ල සූදානම්

'පුරාවිද්‍යාව' අහෝසි කරන්නේ නෑ කිව්වත්'ජාතික උරුම දෙපාර්තමේන්තුවට' සියල්ල සූදානම්

මහනුවර අවසන් කුඹල් පෙරහැර අද

මහනුවර අවසන් කුඹල් පෙරහැර අද

අපි අසරණවෙලා වගේ හිතට දැනෙනවා...

අපි අසරණවෙලා වගේ හිතට දැනෙනවා...

ජාතියේ රන් ස්වරය අද දැයට සමුදෙයි

ජාතියේ රන් ස්වරය අද දැයට සමුදෙයි

 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

 රඹුකන සිදත් තෙරිඳුන් ගී ලොව කිරුළ යළි හමු නොවෙයි, පන්හිඳ පවසයි නිසල | Ada Derana

රඹුකන සිදත් තෙරිඳුන් ගී ලොව කිරුළ යළි හමු නොවෙයි, පන්හිඳ පවසයි නිසල | Ada Derana

 ජාතියේ රන් ස්වරය නිහඬවේ | අවසන් කැමැත්තට අනුව අවමංගල්‍ය සභාවක් නෑ | Ada Derana

ජාතියේ රන් ස්වරය නිහඬවේ | අවසන් කැමැත්තට අනුව අවමංගල්‍ය සභාවක් නෑ | Ada Derana

 පිළිකා එන්නත් හිඟයක් - කිමෝ ප්‍රතිකාරවලටත් බාධා

පිළිකා එන්නත් හිඟයක් - කිමෝ ප්‍රතිකාරවලටත් බාධා

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ