
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ අම්බලන්ගොඩ කරිත්ත කන්ද 52කහමාර කනුව අසල දී ලොරියක් දුම්රිය මාර්ගයට ලිස්සා ගොස් අනතුරක් සිදුව තිබේ.
අනතුර හේතුවෙන් දුම්රිය ධාවනයට බාධා ඇතිව තිබෙන අතර, මේ හේතුවෙන් කාර්යාල දුම්රිය 5ක් පමණ ප්‍රමාද වී ඇති බව වාර්තා වේ.
අද (08) අලුයම 5.30ට පමණ විද්‍යාලය මාවතේ නිවසකට ගොඩනැගිල්ල ද්‍රව්‍ය ප්‍රවාහනය කරන ලොරි රථයක් නැවත යමින් සිටියදී මෙම අනතුරට මුහුණදී තිබේ.
අනතුර සම්බන්ධයෙන් අම්බලන්ගොඩ දුම්රිය ස්ථානය දැනුවත් කිරීම හේතුවෙන් සිදුවීමට ගිය අනතුරක් වළක්වා ගැනීමට හැකි වූ බව පොලීසිය පැවසීය.
https://youtu.be/MmztxarI4tk

















































