header logo
SLIC
උණුසුම් පුවත්
වෙනිසියුලාවට එල්ල වූ ප්‍රහාරය ගැන රජයේ ස්ථාවරය
Jan 04, 202605:37 PM
වෙනිසියුලාවට එල්ල වූ ප්‍රහාරය ගැන රජයේ ස්ථාවරය
EDEX

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රඥප්තිවලට සහ ජාත්‍යන්තර නීතිවලට අනුකූලව රටක ස්වාධීනත්වය ආරක්ෂා වන පරිදි කටයුතු කිරීම අනිවාර්යෙන් කළ යුතු බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ අද (04) පස්වරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් නෑගු ප්‍රශ්න කිහිපයකට පිළිතුරු දෙමිනි.

එහිදී ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පැවසුවේ, දේශපාලන පක්ෂ අතර විවිධ මත තිබිය හැකි නමුත් ආණ්ඩුවක් යම් කිසි මතයක් පලකරන්නේ රටක පක්ෂ විපක්ෂ සියලු පාර්ශව නියෝජනය කරමින් බවය.

අමෙරිකාව විසින් වෙනිසියුලාවට සිදුකළ පහරදීම් සහ එහි ජනාධිපති නිකොලොස් මධුරෝ සහ ඔහුගේ බිරිඳ අමෙරිකානු ග්‍රහණයට නතු කර ගැනීමේ සිදුවීම සම්බන්ධව ජනතා විමුක්ති පෙරමුණ නිවේදනයක් නිකුත් කර තිබුණි.

ඒ අනුව මාධ්‍යවේදීන් විසින් ඇසූ ප්‍රශ්න සඳහා අමාත්‍යවරයා මෙලෙස පිළිතුරු ලබා දුණි.,

(ප්‍රශ්නය - විදේශ කටයුතු ඇමතිතුමා, දැන් අපි දැක්කා අමෙරිකාව වෙනිසියුලාව ආක්‍රමණය කරලා තියෙනවා. එතකොට ඔබතුමාලගේ ප්‍රතිපත්තියක් තිබුණා වෙනිසියුලාවට අත නොතබමු කියලා. මම රජයේ ස්ථාවරය දැනගන්න කැමතියි කෙටියෙන්. මොකක්ද මේ සම්බන්ධයෙන් කියලා.

"එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රඥප්තිවලට අනුකූලව ජාත්‍යන්තර නීති වලට අනුකූලව රටක ස්වාධීනත්වය ආරක්ෂා වන පරිදි කටයුතු කිරීම තමයි අනිවාර්යෙන් කල යුත්තේ. එය කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සියලුම සාමාජික රටවල් බැඳිලා ඉන්නවා. ඒ අනුව වහාම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරක්ෂක මණ්ඩලයේ රැස්වීමක් හෙට කැඳවලා තියෙනවා. අපේ පැත්තෙනුත් අපි ඒකට ඒක ඉක්මන් කරන්න කියලා අපි ඉදිරිපත් කරනවා. ඒ අනුව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා මණ්ඩලය තුළ මේ මූලික ප්‍රඥප්තිවලට පටහැනිව ප්‍රතිපත්ති වලට, මූලධර්ම වලට පටහැනිව කටයුතු කිරීම සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගත යුතු වෙනවා. ඒක තමයි අපේ ස්ථාවරය.,

ප්‍රශ්නය - ඇමතිතුමා ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩය නිවේදනයක් දලා තිබුනා මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් හෙළා දකිනවා කියලා.

"දේශපාලන පක්ෂ වලට වෙන වෙන ස්ථාවර තියෙනවා. රජයේ ස්ථාවරය අපි මේ පැහැදිලි කරනවා."

ප්‍රශ්නය - ජනතා විමුක්ති පෙරමුණේ ස්ථාවරයම ද ආණ්ඩුවේ ස්ථාවරත්වය වෙලාවේ.

"නෑ. දේශපාලන පක්ෂවල එක එක අදහස් තියෙනවා. ඒක වෙනස්. "

ප්‍රශ්නය - ජනතා විමුක්ති පෙරමුණ හින්දා මම ඇහුවේ.

ආණ්ඩුව කියන්නේ මේ රටේ පක්ෂ විපක්ෂ සියලුදෙනා නියෝජනය කරන. ඒ අර්ථයෙන් තමයි අපි මේක.)

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 යළි නොගයන නන්දාට අවසන් පබැඳුම..

යළි නොගයන නන්දාට අවසන් පබැඳුම..

දිවිසැරිය නිම කළ නන්දා මාලනී වෙනුවෙන් අගමැති හරිනිගෙන් ශෝක පණිවුඩයක්..

දිවිසැරිය නිම කළ නන්දා මාලනී වෙනුවෙන් අගමැති හරිනිගෙන් ශෝක පණිවුඩයක්..

අභාවප්‍රාප්ත විශාරද නන්දා මාලනී වෙනුවෙන් පාර්ලිමේන්තුවම මිනිත්තුවක් නිහඬ වෙයි

අභාවප්‍රාප්ත විශාරද නන්දා මාලනී වෙනුවෙන් පාර්ලිමේන්තුවම මිනිත්තුවක් නිහඬ වෙයි

නන්දා මාලනීයගේ දේහය'සංගීත ආශ්‍රමය'ට රැගෙන එයි

නන්දා මාලනීයගේ දේහය'සංගීත ආශ්‍රමය'ට රැගෙන එයි

මහමඟ ලේ විලක් කළ මොනරාගල මාරක අනතුර

මහමඟ ලේ විලක් කළ මොනරාගල මාරක අනතුර

පෙරහැර අභිමානය කියාපාන තේජවන්තයින්ගේ ඇඳුම් නිර්මාණ...අතීත උරුමය සොයා ගිය අද දෙරණ

පෙරහැර අභිමානය කියාපාන තේජවන්තයින්ගේ ඇඳුම් නිර්මාණ...අතීත උරුමය සොයා ගිය අද දෙරණ

 පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ දේහයට අගමැතිනිය අවසන් ⁣ගෞරව දැක්වූ අයුරු

පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ දේහයට අගමැතිනිය අවසන් ⁣ගෞරව දැක්වූ අයුරු

ජාතියේ යශෝරාවය නිහඬ වෙයි

ජාතියේ යශෝරාවය නිහඬ වෙයි

මහ රෑ වගා ළිඳකට වැටුණු තුන්පත් රෑන බේරාගත් අසීරු මෙහෙයුම....

මහ රෑ වගා ළිඳකට වැටුණු තුන්පත් රෑන බේරාගත් අසීරු මෙහෙයුම....

විමල්ගේ බිරිඳ ඇප ලබා ගෙදර ගිය හැටි

විමල්ගේ බිරිඳ ඇප ලබා ගෙදර ගිය හැටි

 මාරවිල උණුසුම් කළ පුද්ගලික කෝන්තරය

මාරවිල උණුසුම් කළ පුද්ගලික කෝන්තරය

කාලගුණයේ අලුත්ම දැනුම්දීම

කාලගුණයේ අලුත්ම දැනුම්දීම

චීන අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී පිම්මක්...රොකට්ටුවේ පළමු කොටස සාර්ථකව ගොඩබැස් වූ හැටි

චීන අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී පිම්මක්...රොකට්ටුවේ පළමු කොටස සාර්ථකව ගොඩබැස් වූ හැටි

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

 පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

 රඹුකන සිදත් තෙරිඳුන් ගී ලොව කිරුළ යළි හමු නොවෙයි, පන්හිඳ පවසයි නිසල | Ada Derana

රඹුකන සිදත් තෙරිඳුන් ගී ලොව කිරුළ යළි හමු නොවෙයි, පන්හිඳ පවසයි නිසල | Ada Derana

 ජාතියේ රන් ස්වරය නිහඬවේ | අවසන් කැමැත්තට අනුව අවමංගල්‍ය සභාවක් නෑ | Ada Derana

ජාතියේ රන් ස්වරය නිහඬවේ | අවසන් කැමැත්තට අනුව අවමංගල්‍ය සභාවක් නෑ | Ada Derana

 පිළිකා එන්නත් හිඟයක් - කිමෝ ප්‍රතිකාරවලටත් බාධා

පිළිකා එන්නත් හිඟයක් - කිමෝ ප්‍රතිකාරවලටත් බාධා

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

 හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

 “සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

“සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

 'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

 "කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

"කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

 හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

 "යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

"යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට