විපක්ෂ නායකවරයාගෙන් 2026 නව වසර සුබ පැතුම්

විපක්ෂ නායකවරයාගෙන් 2026 නව වසර සුබ පැතුම්

January 1, 2026   07:16 am

2026 නව වසර වෙනුවෙන් සුභාසිංශන පණිවිඩයක් නිකුත් කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසන්නේ, අන්ධකාරය පළවා හරින රිදී රේඛාවන් සොයා තිර අදිටනින් ජයග්‍රහණයෙන් යශෝරාවය නැගෙනතුරු ගිරි දුර්ගය තරණය කරමු යන්නයි.

සාමූහික ප්‍රයත්නයෙන් යුතුව විජයග්‍රහණය වෙනුවෙන් මව්බිම ඔසවා තැබිය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය සුබපැතුම් පණිවිඩයෙන් වැඩිදුරටත් පෙන්වා දී ඇත.