header logo
SLIC
සයුරෙන් එතෙර
කේන්දර බලන පියාගේ අනාවැකිය යථාර්ථයක් කරගත් ඉන්දීය තාරකාවිය
Dec 31, 202509:11 PM
කේන්දර බලන පියාගේ අනාවැකිය යථාර්ථයක් කරගත් ඉන්දීය තාරකාවිය
Mobitel 1278

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ඉන්දීය විස්සයි20 තරග සංචාරය අවසන් වූයේ සමස්ත තරගාවලියේ සියලු ගෞරව ඉන්දීය කණ්ඩායම හිමිකරගනිමින්.

තරග 5කින් යුත් එම තරගාවලිය තරග 5-0ක් ලෙස ජයගැනීමට ඉන්දියාව සමත් වූයේ, ඒ කිසිදු අවස්ථාවක ශ්‍රී ලංකාවට ජයග්‍රහණය කිරීමේ බලාපොරොත්තුවක් හෝ ඉතිරි නොකරමින්.

මේ තරගාවලියේ දී ඉන්දියාව වෙනුවෙන් ජාත්‍යත්තර විස්සයි20 වරම් දිනාගැනීමට යොවුන් දඟපන්දු යවන්නියක් සමත්වූවාය.

ඇය නමින් වෛෂ්ණවි ෂර්මාය.

වයස අවුරුදු 20ක් වූ ඇය එතරම් කතා නොකරන එහෙත්, පන්දු යැවීමෙන් නම් හොඳින්ම කතාකරන ක්‍රීඩිකාවක්ය.

මාධ්‍ය ප්‍රදේශ්හි ග්වාලියර්හි ඉපදී ඇති ඇය ගැන මෙතෙක් නොදත් කතාවක් මේ වනවිට කරලියට පැමිණ තිබේ.

ඇගේ පියා නරේන්ද්‍ර ෂර්මාය.

ඔහු ජීවිකාව සඳහා කේන්දර බැලීම සිදුකරන අතර, ඔහුට ජ්‍යොතිෂය වෙනුවෙන් ආචාර්ය උපාධියක්ද ඇත.

නරේන්ද්‍ර ෂර්මාය, තම දියණිය ඉපදුණු මොහොතේ දී ඇයට යා හැකි මාර්ග 2ක් ජ්‍යොතිෂය අනුව දැක තිබේ.

එනම් වෛද්‍ය විද්‍යාව හෝ ක්‍රීඩාව.

කෙසේ නමුත් ඔහු ඇයව ක්‍රීඩාව ඔස්සේ ඉදිරියට යැවීමට තීරණය කර ඇත.

ලෝකය කෙදිනක හෝ වෛෂ්ණවි ෂර්මා නාමය දැනගනු ඇතැයි ඔහු තදින්ම විශ්වාස කළේය.

සිය පියාගේ අනාවැකියේ පෙරණිමිති පෙන්වමින් වෛෂ්ණවි වයස අවුරුදු 4දී පිත්ත සහ පන්දුවට හුරුවූවාය.

විටෙක පියා සහ දියණිය කණ්ඩායම් බවට පත්විය.

දියණිය ටිකෙන් ටික ලොකුවනවාත් සමග ඔහු ඇයව ක්‍රිකට් ඇකඩමි කිහිපයකටම යොමු කළේය.

අවසානයේ වයස අවුරුදු 11ක් වද්දී වෛෂ්ණවි, මධ්‍ය ප්‍රදේශ් වයස අවුරුදු 16න් පහළ කණ්ඩායමට ඇතුළත් විය.

කෙසේ නමුත් ලෝකය කරුණාවන්ත නොවීය. ගැහැණු ළමයෙකුට ක්‍රිකට් අවශ්‍ය වන්නේ මන්දැයි ඥාතීන් වෛෂ්ණවිගේ පියාගෙන් ප්‍රශ්න කළහ.

එහෙන් නරේන්ද්‍ර නිහඬව සිටියාය. පිරිමි ද ගැහැණුද වැදගත් නැත, අවශ්‍යවන්නේ දක්ෂතාව ඔහු තදින්ම විශ්වාස කළේය.

කෙසේ වෙතත් ඔවුන්ගේ ගමන පහසු නොවීය.

වෛෂ්ණවිට ක්‍රීඩාවෙන් ඉදිරියට යාමට අගහිඟකම් ඇතිවිය.

ඒ හේතුවෙන් ඔවුන් සිය නිවස රුපියල් ලක්ෂ 25කට උකස් කළේය.

අවාසනාවකට මෙන් කොවිඩ් ඉදිරියේ ඔවුන්ගේ ආදායම් බිඳ වැටුණි. ඔවුන්ට සිය නිවස විකිණීමට සිදුවිය.

අදටත් වෛෂ්ණවිගේ පවුල ජීවත්වෙන්නේ කුලී නිවසකය.

"මට මගේ දුවගේ සෙවනැල්ල වෙන්න ඕන වුණා. ඒකට තමයි හැමදේටම වඩා ප්‍රමුඛත්වය දුන්නේ" පියා පවසයි.

ටැන්සන් ඇකඩමිය සහ MPCA ඇකඩමිය වෛෂ්ණවිගේ ක්‍රිකට් සිහිනය ජීවත් කළේය.

එම ඇකඩමිය නියෝජනය කරමින් සිටියදී 2024 වසරේ දී මැලේසියාවේ පැවති වයස අවුරුදු 19 පහළ කාන්තා විස්සයි20 ලෝක කුසලානය නියෝජනය කිරීමට වෛෂ්ණවිට හැකිවූවාය.

එහිදී මැලේසියාවට එරෙහි තරගයේදී ඇය කඩුලු ත්‍රිත්වයක් සමගින් කඩුලු 6ක් දවාගැනීමට සමත් විය.

එය තරගාවලි ඉතිහාසයේ තෙවන කඩුලු ත්‍රිත්වය මෙන්ම හොඳම පන්දු යැවීම ලෙස වාර්තා අතරට එක්විය.

කෙසේ වෙතත් ඉකුත් නොවැම්බර් මස පැවති කාන්තා ප්‍රිමියර් ලීගයට (WPL) අදාළ වෙන්දේසියේ දී ඇය ඉන්දීය රුපියල් ලක්ෂ 10ක මූලික ලංසුවකට නිර්දේශවී සිටියත් කිසිදු කණ්ඩායමක් ඇයව මිලදී නොගත්තාය.

"මම ඇත්තටම කම්පනයට පත් වුණා" වෛෂ්ණවි පවසයි

දින තුනකට පසු වෛෂ්ණවිගේ දුරකථනය නාද විය. ඉන්දීය ජ්‍යෙෂ්ඨ කණ්ඩායමට කැඳවීමක්. ප්‍රතික්ෂේප කිරීමට වඩා ඉක්මනින් ඇයට කැඳවීමක්.

"ක්‍රීඩිකාවන්, පුහුණුකරුවන් සහ ජ්‍යෙෂ්ඨයින් බොහෝ දෙනෙක් අප හා එක්වුණා. මම ගොඩක් දේවල් බලාපොරොත්තු වුණා" ඇය පවසයි.

කෙසේ නමුත් මෙය වෛෂ්ණවිගේ වාසනාවක් නොවේ. ඇය සිය දක්ෂතා නිසාම ලබාගත් අවස්ථාවක්.

ඇය ඉන්දියාවේ පැවති ජ්‍යෙෂ්ඨ කාන්තා T20 කුසලානයේ තරග 9කදී කඩුලු 21ක් දවා ගත්තාය.

එමෙන්ම අන්තර් කලාප T20 තරගාවලියේ තරග 5කදී කඩුලු 12ක්, මධ්‍ය ප්‍රදේශ් සහ මධ්‍යම කලාප තරගාවලි දෙකෙහිම වැඩිම කඩුලුලාභියා වූවාය.

පසුගිය වාරයේ මාධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්ත T20 කුසලානය දිනාගත් කණ්ඩායමේ සාමාජිකාවක ලෙස දස්කම් දක්වා ඇත.

වෛෂ්ණාවි ශ්‍රී ලංකාවට එරෙහිව ජාත්‍යන්තර වරම් හිමිකරගත් පළමු තරගාවලියේදී තරග 4කට ක්‍රීඩාකර කඩුලු 4ක් දවාත්තාය.

ඒ අනුව ඇය කණ්ඩායම් කළමනාකාරිත්වයේ විශ්වාසය දිනාගැනීමට සමත් විය.

වෛෂ්ණාවිගේ පියා තවමත් කේන්දර බලනවා.

ඔහුගේ දියණිය ඇගේ දෛවය යථාර්තයක් කරගමින් ක්‍රීඩාවේ ලෝක වේදිකාව අයිති කරගන්නේ කෙසේදැයි ඉගෙන ගනිමින් සිටී.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
පාන් මිල රු 10කින් ඉහළට

පාන් මිල රු 10කින් ඉහළට

අගවිනිසුරුට එල්ලවී ඇති චෝදනා සම්බන්ධව දයාසිරිගෙන් කථානායකට ලිපියක්

අගවිනිසුරුට එල්ලවී ඇති චෝදනා සම්බන්ධව දයාසිරිගෙන් කථානායකට ලිපියක්

බළල් පැටවෙකු යැයි සිතා සිදුකළ මෙහෙයුමෙන් දින ගණනකට පසු  සුන්බුන් අතරින් ගොඩගත් පුංචි සුරංගනාවිය...

බළල් පැටවෙකු යැයි සිතා සිදුකළ මෙහෙයුමෙන් දින ගණනකට පසු සුන්බුන් අතරින් ගොඩගත් පුංචි සුරංගනාවිය...

ඇඹිලිපිටියේ කඩදාසි කම්හලේ ගින්නක් ගින්න පාලනයට හමුදාවත් එයි...

ඇඹිලිපිටියේ කඩදාසි කම්හලේ ගින්නක් ගින්න පාලනයට හමුදාවත් එයි...

 හිරුගේ දැඩි රශ්මියෙන් බේරෙන්න වැවට පැනලා පීනා එන අලි රංචු...

හිරුගේ දැඩි රශ්මියෙන් බේරෙන්න වැවට පැනලා පීනා එන අලි රංචු...

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින්  | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින් | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..පෙරහැර හැඩකළ ශිල්පීන්ට ජනපතිගෙන් ඇගයීම්

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..පෙරහැර හැඩකළ ශිල්පීන්ට ජනපතිගෙන් ඇගයීම්

Lassana Flora
Spotlight
පාන් - බිත්තර රොටි - පරාටා මිල නගී

පාන් - බිත්තර රොටි - පරාටා මිල නගී

පිටි මිල 17කින් නගී

පිටි මිල 17කින් නගී

⁠විදුලි බිල අද හෙටම වැඩිවෙයි?

⁠විදුලි බිල අද හෙටම වැඩිවෙයි?

පෙට්‍රල් මිල බස්සයි

පෙට්‍රල් මිල බස්සයි

 ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

 මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

 බි. 198කින් ණය කන්ද ඉහළට

බි. 198කින් ණය කන්ද ඉහළට

 පොලිසියට 160යි

පොලිසියට 160යි

 මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි