ශ්‍රී ලංකා ආයුර්වේද සංස්ථාව ඉතිහාසයේ වැඩිම ආදායම වාර්තා කරයි
December 31, 2025 06:38 pm
ශ්‍රී ලංකා ආයුර්වේද සංස්ථාව ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේදී වාර්තා කිරීමට සමත්ව ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
ඒ අනුව මේ වසරේදී ආයුර්වේද සංස්ථාව රුපියල් මිලිය 1,660ක ආදායමක් වාර්තා කර ඇති බව අමාත්‍යවරයා පෙන්වාදෙයි.
ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව විසින් 2025 වර්ෂයේදී හඳුනාගත් නව නිෂ්පාදන 7ක් එළිදැක්වීම සඳහා නාවින්න ආයුර්වේද ඖෂධ සංස්ථා ශ්‍රවණාගාරයේ පැවති උත්සවයට එක්වෙමින් නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
ආයුර්වේද ක්ෂේත්‍රය යනු මෙරට ජනතාවගේ සුවතාවය වෙනුවෙන් වැඩ කළ යුතු, රජය විසින් ආයෝජනය කළ යුතු පර්යේෂණ කළ යුතු හා එහි ප්‍රතිලාභ නිරන්තරයෙන් ලැබිය යුතු ක්ෂේත්‍රයක් බව එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේය.
