header logo
Vallibel FD
උණුසුම් පුවත්
අද කොළඹට විශේෂ රථවාහන සැලැස්මක්
Dec 31, 202507:55 AM
අද කොළඹට විශේෂ රථවාහන සැලැස්මක්
Mobitel 1278

කොළඹ නගරය ආශ්‍රිතව අද (31) විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කර ඇති බව පොලීසිය පවසයි.

පොලීසිය සඳහන් කළේ, 2026 නව වසර සැමරීම සඳහා අද කොළඹ නගරය වෙත පිට පළාත්වලින් නව වසර උදාව සැමරීම සඳහා විශාල ජනතාවක් සහ රථවාහන ප්‍රමාණයක් කොළඹ නගරය වෙත විශේෂයෙන් ගාලු මුවදොර ප්‍රදේශය වෙත පැමිණිම අපේක්ෂා කරන බවය.

එබැවින් එසේ පැමිණීමේ දී ඇතිවිය හැකි රථවාහන තදබදය අවම කර ගැනීම සඳහා හා එම ජනතාවගේ ආරක්ෂාව සඳහා ශ්‍රී ලංකා පොලීසිය විසින් මෙලෙස විශේෂ රථවාහන සැලැස්මක් හා ආරක්ෂක සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

නව වසර උදාව හේතු කොට ගෙන විශේෂයෙන් කොළඹ නගරයේ කොටුව, පිටකොටුව, කොම්පඤ්ඤ වීදිය, මරදාන, කොල්ලුපිටිය, බම්බලපිටිය හා කුරුඳුවත්ත යන පොලිස් වසම්වල මෙසේ අධික රථවාහන තදබදයක් ඇතිවිය හැකි බවට අපේක්ෂා කරන බව පොලීසිය පවසයි.

එසේ වුවද, අද දිනයේ මෙම පොලිස් වසම්වල සාමාන්‍ය පරිදි රථවාහන ගමනාගමනය සිදු කරන අතර අධික රථවාහන තදබදයක් ඇතිවන අවස්ථාවලදී පමණක් අවස්ථානුකූලව පහත පරිදි රථවාහන ගමනාගමනය සිදු කිරීමට සැලසුම් කර ඇත.

ගාලු මැද පාර ඔස්සේ කොළඹින් පිට වීම - එන්.එස්.ඒ. වටරවුම, ගාලු මැද පාර, බාලදක්ෂ මාවත හන්දියෙන් වමට (එම් ඕඩී හන්දිය) බාලදක්ෂ මාවත, අලියා නාන වටරවුම, මාකන් මාකර් මාවත, ගාලු මුවදොර වටරවුම ඔස්සේ කොල්ලුපිටිය දෙසට ගමන් කිරීම.

ගාලු මැද පාර, ගාලුමුවදොර වටරවුම සිට කොළඹට ඇතුළු වන රථ වාහන බාලදක්ෂ මාවත හන්දිය දක්වා සහ ඉන් ඉදිරියට ගමන් කිරීම.

ගාලු මුවදොර වටරවුමේ සිට මාකන් මාකර් මාවත ඔස්සේ අලියා නාන වටරවුම දෙසට හෝ අලියා නාන වටරවුම දෙස සිට බාලක්ෂ මාවත ඔස්සේ ගාලු මැද පාරට ගමන් කල නොහැකි බව දැනුම් දී තිබේ.

බාලදක්ෂ මාවතේ අතුරු මාර්ග වලින් පැමිණෙන සියලු වාහන දකුණට හරවා අලියා නාන වටරවුම ඔස්සේ කොළඹින් පිටවිය හැකි අතර ගාලු මැද පාරට අතුරු මාර්ග වලින් ඇතුළු වන සියලුම වාහන දකුණට හරවා එන් එස් ඒ වටරවුම දෙසට ගමන් කිරීම.

ඉහත රථවාහන සැලැස්ම ක්‍රියාත්මක කිරීමේදි කොළඹ නගරයේ පදිකවේදිකා මත සහ ප්‍රධාන මාර්ගයන් අවහිර වන ලෙස කිසිඳු රථ වාහනයක් නවතා තැබීමට ඉඩ ලබා නොදෙන අතර එවැනි ආකාරයට රථවාහන නීති උල්ලංඝණය කරනු ලබන රියදුරන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනු ලැබේ.

මෙම රථවාහන හා ආරක්ෂක රාජකාරි සඳහා පොලිස් නිලධාරීන් 1,200ක් පමණ ප්‍රමාණයක් යෙදවීමට සැලසුම්කර ඇත.

මෙසේ කොළඹට පැමිණෙන රථවාහන පහත සඳහන් රථගාල් වල ගාල් කර තැබීමේ පහසුකම් සලසා ඇති අතර එම රථගාල්වල රථවාහන 5,900කට පමණ ගාල් කිරීමේ පහසුකම් සලසා ඇත.

* පහත සඳහන් නිදහස් රථගාල් හා මාර්ග දෙපස මුදල් අයකර ගැනීමකින් තොරව රථවාහන අවහිරතා ඇති නොවන පරිදි ගාල්කිරීම සඳහා අවස්ථාව ලබා දී ඇත.

  • කොටුව පොලිස් වසමේ බාලක්ෂ මාවත එම්. ඕ. ඩී රථගාල (බේරේ වැව දෙසට)
  • කොල්ලුපිටිය / බම්බලපිටිය / වැල්ලවත්ත මුහුදුබඩ මාර්ග
  • කොටුව හා මරදාන පොලිස් වසම් වල ඩී.ආර්.විජේවර්ධන මාවත
  • කොම්පඤ්ඤ වීදිය පොලිස් වසමේ පාසන්ස් පාර පිටවීමේ තීරුව පමණක්
  • ගාලු පාර වැල්ලවත්ත සැවෝයි අසල සිට ගාලු පාර බගතලේ පාර හන්දිය දක්වා රථ නැවතුම් ස්ථාන වල (Parking Bays)පමණක්
  • කුරුඳුවත්ත පොලිස් වසමේ ආනන්ද කුමාරස්වාමි මාවත නෙළුම් පොකුණ වටරවුමේ සිට පුස්තකාල වටරවුම දෙසට ඇතුළු වීමේ තීරුව (වම්පස)
  • කුරුඳුවත්ත පොලිස් වසමේ එෆ්. ආර්. සේනානායක මාවත
  • කුරුඳුවත්ත පොලිස් වසමේ රීඩ් මාවත රීඩ් රාජකාරී හන්දියේ සිට රීඩ් මාවතරීඩ් තර්ස්ටන් හන්දිය දක්වා මාර්ගයේ දකුණු පස
  • කුරුඳුවත්ත පොලිස් වසමේ නිදහස් මාවත නිදහස් වටරවුමේ සිට නිදහස් චතුරස්‍රය දක්වා මාර්ගයේ දකුණු පස
  • කුරුඳුවත්ත පොලිස් වසමේ මෙට්ලන්ඩ් පෙදෙස
  • කුරුඳුවත්ත පොලිස් වසමේ පදනම් ආයතනය පාර

* පහත සඳහන් රථගාල් සහ මුදල් අයකිරීමේ පදනම මත රථගාල් කිරීම සඳහා අවස්ථාව සලසා ඇත.

  • පිට කොටුව පොලිස් වසමේ බැස්ටියන් මාවත පරණ මැනිං වෙළඳ සංකීර්ණ රථගාල
  • කොටුව පොලිස් වසමේ විමලධර්මසූරිය ඔර්ලෝසු කණුව අසල රථගාල
  • කොටුව පොලිස් වසමේ රාසික් ෆරීඩ් මාවත හේමාස් රථගාල
  • ඩී. ආර්. විජේවර්ධන මාවත ලේක් හවුස් රථගාල
  • කොටුව පොලිස් වසමේ ලේඩ්න් බැස්ටියන් මාවත
  • කොටුව පොලිස් වසමේ බ්‍රිස්ටල් වීදිය
  • කොටුව පොලිස් වසමේ ඩියුක් වීදිය
  • කොම්පඤ්ඤවීදිය පොලිස් වසමේ යූනියන් පෙදෙස ඩෝසන් වීදිය හන්දිය ඇක්සස් ටවර් රථගාල
  • මරදාන පොලිස් වසමේ ගාමිණි වටරවුම - St' Clement රථගාල

මෙම සැලැස්මට අනුව රථවාහන ගමන් කිරීම සම්බන්ධ වූ සිතියම් 04ක් පහතින් දැක්වේ.

src=https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi_z_qod1Lp4LEEcicHx8BZVo-laEhlbb8snXd8Ph-oFfxXZyyK3v53sQqLelzWrU7oFfoP5dyRY84f6qve2M-t2f-FmVdS9JV2vMJ0GB3qOJzs5st96fYbefWkq8PmyZX6MQQgBnVAxfGuZmaMYyeqCLKOqJcG_5qX-IG5jd06c61uLcsypJeJpPvATVA4/s1600/1.jpg
src=https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiioxYKBcAWBdTs90BkcQS3worwEPpYUcnYoNMnvbcBq1jjiMPlYRi-zv2CleLm-olUS-HiS85z9I6PMV2UT70nHcccsNmIKR_vZkMMFEvsxIjLZ068khgncrv2Plum8MvzabLSIyRJXAq7kRQ6DRX0Uu7XIndMfbfS-DZQl8U7sDpoXaGn7WOND9S-C2xa/s1600/2.jpg
src=https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiyiOoyeMlaSgHojLo5UEA0irgKLuu-u2d5yOByFqd7lfPBI3ZECt7WmcDuilla9ocHZKQkx8DfvK0TKiJcxqJO7xvWw-lP44KHPkYBHgLVQzCou5wl8VFGSJTOu8MoFrS_NAAj32PEvT5CHbV8bvNuA37HJ2PZ55g0kYQDT2g2fnE7QL_Se3lknVkvDM2R/s1600/3.jpg
src=https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgJvbQgr9JHPdrf7pPHNiE4jq-qVX0EqShuGA-g0IXEvKFNgveIbTY4Hi_29YzcKXq45CZ7oZy4qPabl9I8uKlwDAh7CpJzb4AohAcisJnAl644piqllxmFSDQay1Rb_AU9AC8zHSiMsbnI4fsA2Oz9yXzEf5bMZfQ54xqHKfDC405kMA-Tk0Z_6vTt1sNf/s1600/5.jpg
src=https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj0TjUPNXzmQ3k0t_QwjrX7M42G3BipD08YdEif9BeYbrqWO9w682vifizvp9YB_TbP7HK4Qrm5ArRkq0B1JV6VWr6aw59L-r9qxY6HsAwd6gWzI9lYGSgFQhTDZknEPz5BGMBnEXBVRqGv6_PZJqN5NjTMKUImUixhgSOUQ8l26fVZJwwizugSiQ1DhuoK/s1600/1%20-%20Copy.jpg

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
ලාභ ලබපු සෙවනගල සීනි කම්හල ඇයි වැහුවේ? - ''25 පඩිත් අරගෙන උද්ඝෝෂණ කළේ'' | Ada Derana

ලාභ ලබපු සෙවනගල සීනි කම්හල ඇයි වැහුවේ? - ''25 පඩිත් අරගෙන උද්ඝෝෂණ කළේ'' | Ada Derana

බලය ගන්න කලින් කියපු ව්‍යවස්ථා සංශෝධනය කෝ? - ''අවසාන target එක ඒක'' | Ada Derana

බලය ගන්න කලින් කියපු ව්‍යවස්ථා සංශෝධනය කෝ? - ''අවසාන target එක ඒක'' | Ada Derana

ඔබතුමන්ලා බලයට ආවට පස්සේ PTA එකෙන් 46 දෙනෙක් අත්අඩංගුවට අරගත්තානේ? - ''ඒක තමයි'' | Ada Derana

ඔබතුමන්ලා බලයට ආවට පස්සේ PTA එකෙන් 46 දෙනෙක් අත්අඩංගුවට අරගත්තානේ? - ''ඒක තමයි'' | Ada Derana

 රටේ ජනතාවට පාන්ද-රොටිද ඔක්කොම ගණන්නෙ

රටේ ජනතාවට පාන්ද-රොටිද ඔක්කොම ගණන්නෙ

 කෝ ආණ්ඩුව ගේනවා කියපු ආයෝජන?

කෝ ආණ්ඩුව ගේනවා කියපු ආයෝජන?

 දුඹුරු සීනි පියා දුඹුරු සීනි කඩේ ගැන කතාකරයි

දුඹුරු සීනි පියා දුඹුරු සීනි කඩේ ගැන කතාකරයි

නාමල් සිටින බන්ධනාගාර වාට්ටුව අවට විශේෂ ආරක්ෂාවක් | තුන්වේලම නිවසින් ආහාර ලබාගැනීමටත් අවසර..

නාමල් සිටින බන්ධනාගාර වාට්ටුව අවට විශේෂ ආරක්ෂාවක් | තුන්වේලම නිවසින් ආහාර ලබාගැනීමටත් අවසර..

පොළොන්නරුවේ තැන තැන වැසි

පොළොන්නරුවේ තැන තැන වැසි

කාලගුණයෙන් අලුත්ම දැනුම්දීම...

කාලගුණයෙන් අලුත්ම දැනුම්දීම...

නාමල් බලන්න ශිරන්ති සහ රෝහිත වැලිකඩට යයි

නාමල් බලන්න ශිරන්ති සහ රෝහිත වැලිකඩට යයි

දක්ෂිණ අධිවේගයේදී මෝටර් රථයක්  ආරක්ෂිත වැටේ ගැටී අනතුරක

දක්ෂිණ අධිවේගයේදී මෝටර් රථයක් ආරක්ෂිත වැටේ ගැටී අනතුරක

වෑන් රථයක් අළු කළ ගින්න

වෑන් රථයක් අළු කළ ගින්න

ලොවම බලා සිටියදී ලක් දෙරණට ඓතිහාසික ජයග්‍රහණයක් ගෙන ආ රුමේෂ් | Ada Derana

ලොවම බලා සිටියදී ලක් දෙරණට ඓතිහාසික ජයග්‍රහණයක් ගෙන ආ රුමේෂ් | Ada Derana

එජාපයේ 80 වැනි සැමරුමට සිනාමුසු මුහුණින් මහ ගෙදරට එක්වූ දේශපාලන සගයෝ | Ada Derana

එජාපයේ 80 වැනි සැමරුමට සිනාමුසු මුහුණින් මහ ගෙදරට එක්වූ දේශපාලන සගයෝ | Ada Derana

හොඳටම රිද්දන එල්නිනෝ - නිඟයගෙන් බැටකන ජනතාවට වනඅලින්ගෙනුත් කරදර  | Ada Derana

හොඳටම රිද්දන එල්නිනෝ - නිඟයගෙන් බැටකන ජනතාවට වනඅලින්ගෙනුත් කරදර | Ada Derana

Lassana Flora
Spotlight
 අපේ ආණ්ඩුව මහා රැලි අද අරඹයි

අපේ ආණ්ඩුව මහා රැලි අද අරඹයි

පොහොට්ටුවේ ජනරැලිය නාමල් නැතුව

පොහොට්ටුවේ ජනරැලිය නාමල් නැතුව

නාමල් රිමාන්ඩ් ජෝනිට ඇප

නාමල් රිමාන්ඩ් ජෝනිට ඇප

 නේටෝ ලංකාවට ! කොමියුනිස්ට් පක්ෂයෙන් හෙළිදරවුවක්

නේටෝ ලංකාවට ! කොමියුනිස්ට් පක්ෂයෙන් හෙළිදරවුවක්

 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

ශිෂ්‍යත්ව ප්‍රතිඵල එද්දි දනෝජ් හිටියේ මෑ හේනේ මොනරුන් එළවමින් | Ada Derana

ශිෂ්‍යත්ව ප්‍රතිඵල එද්දි දනෝජ් හිටියේ මෑ හේනේ මොනරුන් එළවමින් | Ada Derana

එයාර් බස් ගනුදෙනුව: ප්‍රකාශයක් ගන්න නාමල් අද අල්ලස් කොමිසමට | Ada Derana

එයාර් බස් ගනුදෙනුව: ප්‍රකාශයක් ගන්න නාමල් අද අල්ලස් කොමිසමට | Ada Derana

ජනපති 160 වැනි පොලිස් දින සැමරුමට...

ජනපති 160 වැනි පොලිස් දින සැමරුමට...

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

පලතුරු කන්න ආපු වනඅලියාට වෙඩි තබා මරා දමලා

පලතුරු කන්න ආපු වනඅලියාට වෙඩි තබා මරා දමලා

ගම්පහදී මැර ප්‍රහාරයක් - සීලරතන හිමි රෝහලේ

ගම්පහදී මැර ප්‍රහාරයක් - සීලරතන හිමි රෝහලේ

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් තිඹිරිගස්යායේ නිවසක අබිරහස් ලෙස මියගිහින්

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් තිඹිරිගස්යායේ නිවසක අබිරහස් ලෙස මියගිහින්

"අනුරාධපුර රැස්වීමට පෙර මා අත්අඩංගුවට ගන්න හදනවා"

"අනුරාධපුර රැස්වීමට පෙර මා අත්අඩංගුවට ගන්න හදනවා"

රාජිතට අධිචෝදනා

රාජිතට අධිචෝදනා

පොදු රද මඬුලු නීතිඥ සංගම් සභාපති ඇතුළු පිරිසක් 22 පෙත්සම් විභාගය නිරීක්ෂණයට

පොදු රද මඬුලු නීතිඥ සංගම් සභාපති ඇතුළු පිරිසක් 22 පෙත්සම් විභාගය නිරීක්ෂණයට