කොහුවල වෙඩි තැබීමක්
December 30, 2025 11:11 pm
කොහුවල සරණංකර පාර, බෝධියවත්ත ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් ගැහැණු ළමයෙකු තුවාල ලබා තිබේ.
පොලීසිය පැවසුවේ යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් පුද්ගලයෙකු ඉලක්ක කර වෙඩි තැබීමක් සිදුකර ඇති අතර එය අසල නිවසක සිට අදාළ ළමයා වෙත එල්ල වී ඇති බවට සැක පලකරන බවය.
වෙඩි වැදීමෙන් තුවාල ලැබූ මෙම ගැහැණු දරුවා ප්‍රතිකාර සඳහා කළුබෝවිල රෝහලට ඇතුළත් කර තිබේ.
මෙලෙස තුවාල ලබා ඇත්තේ 16 හැවිරිදි ගැහැණු ළමයෙකු බව සඳහන්ය.
