මත්තල ගොඩගන්න පෞද්ගලික සමාගම් වෙත පැවරීමේ යෝජනාවක්

මත්තල ගොඩගන්න පෞද්ගලික සමාගම් වෙත පැවරීමේ යෝජනාවක්

December 27, 2025   12:13 pm

මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපල රාජ්‍ය ව්‍යාපාර පෞද්ගලික හවුල්කාරීත්ව වැඩ පිළිවෙල යටතේ පෞද්ගලික සමාගම් වලට පැවරීමට යෝජනාවක් සකස් කර ඇති බව වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය ආචාර්ය අනුර කරුණාතිලක මහතා පවසයි.

මින් කිසිදු ලෙසකින් හෝ   මත්තල ගුවන්තොටුපොළ  පෞද්ගලීකකරණය කිරීමට කටයුතු නොකරන බව ද  අමාත්‍යවරයා සදහන් කළේය.

මෙම යෝජනාවලිය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර අනුමැතිය ලබා ගැනීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා පැවසීය.

ඉන් අනතුරුව ගුවන්තොටුපොළ වෙනුවෙන් අභිලාෂ කැඳවීමට කටයුතු කරන බවද ඔහු සඳහන් කළේය.

එමෙන්ම මත්තල ගුවන්තොටුපොළ සමග ව්‍යාපාර පවත්වාගෙන යෑමට පෞද්ගලික සමාගම් තුනක් මේවන විටත් කැමැත්ත පලකර ඇත.

මෙම වැඩපිළිවෙළ යටතේ ගුවන් යානා අලුත්වැඩියාව,පුහුණු කටයුතු සහ ඉන්ධන සැපයීම වැනි ක්ෂේත්‍ර කිහිපයක් වෙනුවෙන් ආයෝජන අවස්ථා විවර කිරීමට අපේක්ෂා කෙරේ..