සෑම සහයෝගයක්ම ලබාදෙන බවට මෝදිගෙන් ලංකාවට සහතිකයක්
December 23, 2025 08:13 pm
'දිට්වා' සුළි කුණාටුවත් සමග හදිසියේ පැන නැඟුණු අභියෝගවලට මුහුණ දීමෙන් අනතුරුව ශ්‍රී ලංකාව මීළඟ අදියර කෙරෙහි අවධානය යොමු කරන බැවින්, විශ්වාසවන්ත පාර්ශ්වකරුවෙකු සහ විශ්වාසදායක මිතුරෙකු ලෙස ඉන්දියාව හැකි සෑම සහයෝගයක්ම ලබාදෙන බවට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සහතික කරයි.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා විසින් එරට විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් මහතා මාර්ගයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත එවා තිබූ විශේෂ ලිපිය මගින් මේ බව දැනුම් දී ඇත.
එමෙන්ම ඉන්දීය අග්‍රාමාත්‍ය එවා තිබූ ලිපියේ සඳහන් පරිදී , "ශ්‍රී ලංකාවේ ජන ජීවිත යළි ගොඩනැගීමේදී සහ ඔරොත්තු දීමේ හැකියාව තහවුරු කිරීමේදී අතීතයේ මෙන්ම, අපි ඔබ සමඟ උරෙන් උර ගැටී සිටින්නෙමු." යනුවෙන් ද පවසා ඇත.
සැමවිටම ශ්‍රී ලංකාවට ඉන්දියාව තමන් පසෙක සිටිනා බව දැක ගැනීමට හැකි වනු ඇති බවද ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සිය ලිපියෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසා තිබේ.
අදාළ සම්පූර්ණ ලිපිය පහතින්,

