ඝාතනයකින් කෙළවර වූ පුද්ගලික ආරවුල
December 23, 2025 06:40 am
පුද්ගලික ආරවුලක් දුරදිගයෑමෙන් තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.
ඊයේ (22) දහවල් කාලයේ මෙම සිද්ධිය වාර්තා වී තිබුණේ, මාරවිල පොලිස් වසමේ දුන්කන්නාව ප්‍රදේශයේදීය.
එලෙස මියගොස් ඇත්තේ, දුන්කන්නාව ප්‍රදේශයේ පදිංචිව සිටි 38 හැවිරිදි පුද්ගලයෙකි.
මරණකරු අසල්වැසියෙකු සමඟ ඇති වූ පුද්ගලික ආරවුලක් දුරදිග ගොස් එම අසල්වැසි පුද්ගලයා විසින් තියුණු ආයුධයකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇති බව පොලීසිය පවසයි.
අපරාධය සම්බන්ධයෙන් වයස අවුරුදු 43 ක් වන සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර මාරවිල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
