'රටම එකට' ජාතික මෙහෙයුමෙන් සැකකරුවන් 945ක් අත්අඩංගුවට

'රටම එකට' ජාතික මෙහෙයුමෙන් සැකකරුවන් 945ක් අත්අඩංගුවට

December 21, 2025   10:45 am

දිවයින පුරා මත්ද්‍රව්‍ය සැපයුම අඩාල කිරීම අරමුණු කරගත් 'රටම එකට' ජාතික මෙහෙයුමෙන් දෙසැම්බර් 20 දිනට සැකකරුවන් 945  අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අතරින් සැකකරුවන් 16දෙනෙකු වැඩිදුර විමර්ශන සිදුකිරීම සඳහා රැඳවුම් නියෝග ලබාගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.

මෙහෙයුම මගින් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 637ක්, හෙරොයින් ග්‍රෑම් 285ක්, ගංජා පැළ කිලෝ ග්‍රෑම් 3 ග්‍රෑම් 432ක් සහ තවත් මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් සමඟ සැකකරුවන් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

මේ අතර පුනරුත්තාපනය සඳහා යොමු කළ සැකකරුවන් ගණන 17ක් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් සඳහන් කරයි.

මෙහි සම්පූර්ණ වාර්තාව පහතින් දැක්වේ.