header logo
SLIC
උණුසුම් පුවත්
ආපදා සහන මුදල් ලබා ගැනීමේදී කල්පනාකාරීව කටයුතු කරන්න - මහ බැංකු අධිපති ඉල්ලයි
Dec 20, 202506:38 PM
ආපදා සහන මුදල් ලබා ගැනීමේදී කල්පනාකාරීව කටයුතු කරන්න - මහ බැංකු අධිපති ඉල්ලයි
Mobitel 1278

ආපදාවෙන් පීඩාවට පත්වූවන් හට රජයෙන් ලබා දෙන සහනාධාර මුදල් මෙන්ම බැංකු ණය ලබා ගැනීමේදී ජනතාව ඉතා කල්පනාකාරීව කටයුතු කළ යුතු බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

මහනුවරදී අද (20) පැවැති වැඩසටහනකට එක්වෙමින් මහ බැංකු අධිපතිවරයා පැවසුවේ ලබා ගන්නා එම ණය මුදල් මෙන්ම සහනාධාරද කළමනාකරණය කර ගැනීම මහජනතාවගේ යුතුකමක් වන බවය.

එහිදී අදහස් දක්වමින් මහ බැංකු අධිපතිවරයා පැවසුවේ රජය විසින් මෙම ආපදා තත්ත්වයේදී සහනාධාර ලෙස විශාල මුදලක් ආපදාවට පත්වූවන් වෙනුවෙන් වෙන් කර ඇති බවය.

ඒ අනුව පුරවැසියන් ලෙස එම සහනාධාර මුදල් ලබා ගැනීමේදී තමන්ට අවශ්‍ය ප්‍රමාණයෙන් ලබා ගැනීමේ වගකීමක් සියලු පාර්ශ්ව සතුව පැවතිය යුතු බවත් මේ අනුව තවත් එවැනි සහනාධාර අවැසි පාර්ශ්වයන් වෙත එම මුදල් නිසි කළමනාකරණයක් යටතේ ලබා දීමේ හැකියාව රජයට පවතින බවත් මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේය.

එමෙන්ම ලබාගන්නා සහනාධාර මුදල් ද නිසි කළමනාකරණයක් සහිතව භාවිත කළ යුතු බවද මහ බැංකු අධිපතිවරයා මෙහිදී අදහස් දක්වමින් සඳහන් කළේය.

තවද පසුගිය කාලයේදී පැවැති ආර්ථික අර්බුද හේතුවෙන් සංචාරක කර්මාන්තය බිඳ වැටීමේදී එම කර්මාන්ත සඳහා සහන ණය ක්‍රමයක් ක්‍රියාත්මක කළ බවත් එහිදී ණය ලබා ගැනීම සඳහා බලපෑමට පත් වූ සහ නොවූ දෙපාර්ශ්වයම ගත යුතු ප්‍රමාණය ඉක්මවා ණය ලබා ගත් බවත් පසුව එම ණය මුදල ගෙවා ගත නොහැකිව එම ව්‍යාපාර අර්බුයන්ට මුහුණ දුන් බවද මහ බැංකු අධිපතිවරයා පෙන්වා දුන්නේය.

ඒ අනුව ලබා දෙන සහන ණය පවා තමන්ගේ ව්‍යාපාරයට අවශ්‍ය පරිදි අවශ්‍ය ප්‍රමාණයෙන් පමණක් ලබා ගැනීමෙන් තමන් ණය අර්බුදයකට ගොදුරු නොවන බවද පෙන්වාදුන් මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේ රජය විසින් ජන ජීවිතය සහ ව්‍යාපාර යථා තත්ත්වයට පත් කිරීම සඳහා ලබා දෙන ණය මුදල් නිසි කළමනාකරණයක් යටතේ ලබා ගනිමින් භාවිතයට ගැනීම සියලු පාර්ශ්වවල වගකීමක් වන බවය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා,

"මෙතනදි අපි තේරුම් ගන්න ඕනේ එකක් තමයි පළවෙනි කාරණය අපි දකින්නේ ඉතිහාසයේ විශේෂ අවස්ථාවලදි පාස්කු ප්‍රහාරයේදී සංචාරක ක්ෂේත්‍රයට මේ වගේම දුන්නා ලොකු මොනටෝරියම් එකක්. මෙතන නිලධාරියෙක් කිව්වා දීපු නිසා අවශ්‍ය අයයි නොවන අයයි හැමෝම මේ මොනටෝරියම් එක අරගෙන තමන්ට ගෙවන්න තියන ණය ගෙව්වේ නෑ, පොළිය ගෙව්වේ නෑ කියලා. අන්තිමට ණය ගෙවාගන්න බැරිව ඒ සංචාරක ව්‍යාපාරයේ යෙදිලා ඉන්න අය ඉතාම අමාරුවකට පත්වුණා. අපේ පළවෙනි උපදෙස තමයි සහනයක් දෙනවා කියුවාට මේක ණයක් සහ පොළියකුත් තියෙනවා. ඒ නිසා තමන්ට අවශ්‍ය ප්‍රමාණය විතරක් ගන්න. ඕනවට වඩා දෙන නිසා ගන්න එපා.

මේ දෙන්නේ ණයක්. අපි රටක් විදිහට අපි අවුරුදු 20-30ක් තිස්සේ ඕනවට වඩා ණය අරගෙන දැන් ණය අර්බුදයකට ගිහිල්ලා අපි ලොකු ආර්ථික අර්බුදයකට පත්වෙලා. ව්‍යාපාරයක් වුණාත් මේකම තමයි සංසිද්ධිය... තමන්ගේ ව්‍යාපාරයට තමන්ට ගෙවා ගත හැකි ප්‍රමාණයට තමයි ණය ලබා ගත යුත්තේ මේ තමයි පළවෙනි කාරණය

දෙවැනි කාරණය එහෙම අරගෙන ගෙව්වේ නැති වුණාම ඒකේ බරපැන දරන්නේ අනිත් පැත්තෙන් බැංකු තැන්පත්කරුවන් සහ මේකට සම්බන්ධවෙලා ඉන්න වෙනත් තැන්පත්කරුවන් අනිත් එක තමයි ඒකෙන් වෙන්නේ තවත් හොඳට ණයක් ගන්න අවස්ථාව තියෙන කෙනෙක්ට තමන්ගේ අවස්ථාව නැතිවෙන එක. ඒ නිසා ප්‍රධානම කාරණය ණය ගැනීමේදි පරිස්සම් වෙන්න.

ඒ වගේම තමයි අනෙකුත් රජයෙන් දෙන සහන ඒකත් වැදගත්. මේ අවස්ථාවේදී රජය වෙතත් කිසිම අවස්ථාවක දෙනවාට වඩා ලොකු මුදලක් වෙන් කරලා තියෙනවා. දැන් රජය කියන්නේ කවුද ? රජයට මුදල් නෑ. රජය කියන්නේ ඔබ හැම ව්‍යාපාර කරලා, දුප්පත් මනුස්සයෙක් කඩයට ගිහිල්ලා බඩු අරගෙන ගෙවන වැට් එක කියලා ගෙවන බදු මුදල්. ඒ බදු මුදල් තමයි මේ නැවත බෙදා හරින්නේ.

දෙනකොට හිතනවා මේක මට ප්‍රශ්නක් නෑ මේක නොමිලේ දෙන එකක් මම ඒක ගන්නවා කියලා. නොමිලේම දුන්නත් අපි පුරවැසියන් විදිහට වගකීමක් තියෙනවා මේක නොමිලේ දුන්නත් තවත් කවුරුන් හරි අමාරුවෙන් ගෙවපු බදු මුදල්. තමන්ට ඒක අවශ්‍ය නැත්නම් ඒක ඕනවට වැඩිය දෙන නිසා ගන්න ඕනෙත් නෑ. තමන්ට සහනය අවශ්‍ය නැත්නම් ඒක නොගත යුතුයි. මම පුද්ගලිකව විශ්වාස කරන දෙයක් තමයි තමන්ට අයිති නැති දෙයක් ලබා ගත්තොත් ඒක මේ ආත්මෙදි හරි එන ආත්මෙදි හරි ගෙවන්න වෙනවා. තමන්ට අයිති නැති දෙයක් ලබා ගැනීම, අන්සතු දෙයක් ලබා ගැනීම ඒක ණයක්.... රජයකට අලුතින් මුදල් මවන්න බෑ. එක්කෝ බදු ගහන්න ඕනේ.. කිසිම තැනක මේක නොමිලේ දෙන එකක් කියලා හිතන්න එපා. ඒ ගැන කල්පනාව ඇතුව මුදල් ගන්න එක ගන්න. "

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
22කට එරෙහි පෙත්සම් විභාගය ඇරඹේ - 502 ශාලාවේ ඉඩ මදිවී 501ට මාරු කිරීමටත් පියවර | Ada Derana

22කට එරෙහි පෙත්සම් විභාගය ඇරඹේ - 502 ශාලාවේ ඉඩ මදිවී 501ට මාරු කිරීමටත් පියවර | Ada Derana

තුවා අස්සෙන් එළියට ආ අයිස් - කතාවේ නවතම තතු - පාකිස්තාන ජාතිකයින් දෙදෙනෙකුත් අත්අඩංගුවට | Ada Derana

තුවා අස්සෙන් එළියට ආ අයිස් - කතාවේ නවතම තතු - පාකිස්තාන ජාතිකයින් දෙදෙනෙකුත් අත්අඩංගුවට | Ada Derana

නිලංගගේ මස්සිනා මරු තුරුළට යැවූ සලිඳු පාර්ශවයේ වෙඩිල්ල | Ada Derana

නිලංගගේ මස්සිනා මරු තුරුළට යැවූ සලිඳු පාර්ශවයේ වෙඩිල්ල | Ada Derana

SriLankan ගුවන් සේවයේ ආරම්භයේ කතාව අදට වසර 47ක් - ''මේක ලොකු නිධානයක් රටට තියෙන'' | Ada Derana

SriLankan ගුවන් සේවයේ ආරම්භයේ කතාව අදට වසර 47ක් - ''මේක ලොකු නිධානයක් රටට තියෙන'' | Ada Derana

ලෝකය දිනූ පුරාවෘත්තය - මෙසී ජාත්‍යන්තර පාපන්දු පිටියෙන් සමුගනී | Ada Derana

ලෝකය දිනූ පුරාවෘත්තය - මෙසී ජාත්‍යන්තර පාපන්දු පිටියෙන් සමුගනී | Ada Derana

22 ගැන කියන කතා - ''තෝරපු ක්‍රියාමාර්ගය නිවැරදියි'' | Ada Derana

22 ගැන කියන කතා - ''තෝරපු ක්‍රියාමාර්ගය නිවැරදියි'' | Ada Derana

ඛනිජ කර්මාන්ත ක්ෂේත්‍රයේ සංවර්ධනය පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් | Ada Derana

ඛනිජ කර්මාන්ත ක්ෂේත්‍රයේ සංවර්ධනය පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් | Ada Derana

 22ට අදාළ පෙත්සම් විභාගයට සියල්ල සුදානම් - ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ්‍රයේ ආරක්ෂාවත් තරකෙරේ

22ට අදාළ පෙත්සම් විභාගයට සියල්ල සුදානම් - ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ්‍රයේ ආරක්ෂාවත් තරකෙරේ

මුහුදුබඩ දුම්රිය මගීන්ට සුබ පණිවුඩයක්

මුහුදුබඩ දුම්රිය මගීන්ට සුබ පණිවුඩයක්

 පයාගලදී වෙඩි කෑ 'ඩිලා' කැමරාවේ සටහන් වූ තවත් දර්ශන පෙළක්...

පයාගලදී වෙඩි කෑ 'ඩිලා' කැමරාවේ සටහන් වූ තවත් දර්ශන පෙළක්...

 භූතානයට ගිය අගමැතිනි හරිනිට ලැබුණු පිළිගැනීම

භූතානයට ගිය අගමැතිනි හරිනිට ලැබුණු පිළිගැනීම

 කළු ගඟේ සැඟව ගිය සස්මිත සොයා මෙහෙයුම්

කළු ගඟේ සැඟව ගිය සස්මිත සොයා මෙහෙයුම්

කෝ එනවා කිව්ව ලයිට් කැපිල්ල? - ''හොරෙන්ම කපනවා'' | Ada Derana

කෝ එනවා කිව්ව ලයිට් කැපිල්ල? - ''හොරෙන්ම කපනවා'' | Ada Derana

 සැකයක් ඉතිරි කර නිදි යහනේ අවසන් ගමන් ගිය ප්‍රවීණ නිරූපණ ශිල්පිණී චූලා...

සැකයක් ඉතිරි කර නිදි යහනේ අවසන් ගමන් ගිය ප්‍රවීණ නිරූපණ ශිල්පිණී චූලා...

 සුදු තුවා අතර සඟවා පාකිස්තානයෙන් කොළඹට එවූ අයිස් කන්ටේනර්

සුදු තුවා අතර සඟවා පාකිස්තානයෙන් කොළඹට එවූ අයිස් කන්ටේනර්

Lassana Flora
Spotlight
නිරූපණ ශිල්පිනී චූලා සැක ලෙස මියගිහින්

නිරූපණ ශිල්පිනී චූලා සැක ලෙස මියගිහින්

 මහ සයුර වියරු වී මවක්, දියණියක් සහ ඥාති දරු දෙදෙනා බිලිගනී

මහ සයුර වියරු වී මවක්, දියණියක් සහ ඥාති දරු දෙදෙනා බිලිගනී

 පාන් ගෙඩිය රු. 10කින් නගී

පාන් ගෙඩිය රු. 10කින් නගී

රවීට ඇප

රවීට ඇප

 කොළඹ උසාවියේ පෞරාණික ගොඩනැගිල්ලක කොටසක් කඩාවැටිලා

කොළඹ උසාවියේ පෞරාණික ගොඩනැගිල්ලක කොටසක් කඩාවැටිලා

 ''විනිසුරු විශ්‍රාම වයස වැඩි කළාට මදි ඔවුන්ට තවත් දීමනා ලබා දෙන්න ඕනෑ''

''විනිසුරු විශ්‍රාම වයස වැඩි කළාට මදි ඔවුන්ට තවත් දීමනා ලබා දෙන්න ඕනෑ''

 22 පෙත්සම් සලකා බැලීමට අගවිනිසුරු සභාපතිත්වයෙන් පංච පුද්ගල විනිසුරු මඬුල්ලක්

22 පෙත්සම් සලකා බැලීමට අගවිනිසුරු සභාපතිත්වයෙන් පංච පුද්ගල විනිසුරු මඬුල්ලක්

පාන් - බිත්තර රොටි - පරාටා මිල නගී

පාන් - බිත්තර රොටි - පරාටා මිල නගී

පිටි මිල 17කින් නගී

පිටි මිල 17කින් නගී

⁠විදුලි බිල අද හෙටම වැඩිවෙයි?

⁠විදුලි බිල අද හෙටම වැඩිවෙයි?

පෙට්‍රල් මිල බස්සයි

පෙට්‍රල් මිල බස්සයි

 ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

 මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

 බි. 198කින් ණය කන්ද ඉහළට

බි. 198කින් ණය කන්ද ඉහළට