header logo
Vallibel FD
විශේෂාංග
ආපදාවෙන් මෙරට වෙරළ තීරයට දැඩි බලපෑම්
Dec 19, 202507:39 PM
ආපදාවෙන් මෙරට වෙරළ තීරයට දැඩි බලපෑම්
Mobitel 1278

මීට පෙර පැවති ගංවතුර තත්ත්වයන්වලදී ගංගා ද්‍රෝණි හරහා වැඩි වශයෙන් සාගරයට ගලා එනු ලැබුවේ ප්ලාස්ටික් සහ පොලිතින් වැනි අපද්‍රව්‍ය වුවත් මෙවර වැඩිම ප්‍රමාණයක් කාබනික ශාක කොටස්, රෙදි පිළි, ලී වර්ග, වීදුරු, ප්ලාස්ටික් බෝතල් සහ උපකරණ, පොලිතින්, සත්ව කොටස් මෙන්ම විශාල වශයෙන් කැලි කසල ටොන් ගණනාවක් සාගරයට මුසුවීම නිසා සාගර ජලය අපවිත්‍ර වී තිබේ.

මෙහිදී නකල්ස්, ශ්‍රී පාදය, වන රක්ෂිතයන්හි මෙන්ම මධ්‍යම කඳුකරයේ සිට සාගරයට ගලා එනු ලැබූ කාබනික ශාක කොටස් සාගර ජලයේ තවදුරටත් පැවතීම නිසා සාගර ජලය අපවිත්‍ර වීමේ තර්ජනයකට දක්ව ඇති බව වාර්තා වේ.

මෙහිදී කොළඹ, මීගමුව, හලාවත, යාපනය, පුත්තලම කල්පිටිය, මන්නාරම, ඩෙල්ෆ්ට් දූපත් මෙන්ම නැගෙනහිර පළාතේ මුහුදු තීරයට දැඩි ලෙස බලපෑම් එල්ල වී ඇති බව හඳුනාගෙන ඇත.

පැවති අයහපත් කාලගුණ තත්ත්වය පහව යාමෙන් අනතුරුවත් ගංගා ද්‍රෝණි හා වැව් හරහා ජනතාව තවදුරටත් ප්ලාස්ටික්, පොලිතින් වැනි අපද්‍රව්‍ය මුදා හරින බැවින් එම ක්‍රියා පිළිවෙත වහාම නවතා දමන ලෙස සමුද්‍රීය පරිසර ආරක්‍ෂණ අධිකාරිය මහජනතාවගෙන් ඉල්ලීමක් ද කර තිබේ.

ඉදිරියේදී සාගරයට මුසුවන ප්ලාස්ටික් සහ කැලි කසල අවම කිරීම සඳහා මුහුදට ගලා බසින වැව් අමුණු, ඇළ දොළවල් මෙන්ම ගංගා ද්‍රෝණි හරහා ආරක්ෂිත දැල් විශේෂයක් යෙදවීමට බලාපොරොත්තු වන බව සමුදිය පරිසර ආරක්‍ෂණ අධිකාරියේ සභාපති සමන්ත ගුණසේකර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙහිදී සුළි කුණාටුවේ බලපෑම නිසා ඇති වූ අධික ගංවතුර තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකා වෙරළ තීරයේ කිලෝ මීටර් 143ක් පමණ දූෂණයට ලක්ව ඇති බැවින් එම වෙරළ තීරය පිරිසිදු කිරීම මේ දිනවල සිදුවෙමින් පවතින බව සඳහන් වේ.

මේ සඳහා මිනිස් ශ්‍රම පැය 5280ක් යොදා ගැනීමට බලාපොරොත්තු වන අතර මෙම අබලි ද්‍රව්‍යය ඉවත් කිරීම සඳහා කුලී පදනම යටතේ ශ්‍රම බලකායක් යොදා ගැනීමට කටයුතු කර තිබේ.

මේ සඳහා අවම වශයෙන් සති තුනක කාලයක් ගතවෙනු ඇති බවට විශ්වාස කරන අතර මෙහිදී එක්රැස්වන කැලිකසල හා අබලි ද්‍රව්‍ය ප්‍රතිශක්තීකරණය කිරීමටත් ඇතැම් ඒවා විනාශ කිරීමටත් පළාත් පාලන ආයතනයන්හි සහාය ලබා ගැනීමට සමුද්‍රීය පරිසර ආරක්‍ෂණ අධිකාරිය බලාපොරොත්තු වන බව සඳහන් වේ.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
පොළොන්නරුවේ තැන තැන වැසි

පොළොන්නරුවේ තැන තැන වැසි

කාලගුණයෙන් අලුත්ම දැනුම්දීම...

කාලගුණයෙන් අලුත්ම දැනුම්දීම...

නාමල් බලන්න ශිරන්ති සහ රෝහිත වැලිකඩට යයි

නාමල් බලන්න ශිරන්ති සහ රෝහිත වැලිකඩට යයි

දක්ෂිණ අධිවේගයේදී මෝටර් රථයක්  ආරක්ෂිත වැටේ ගැටී අනතුරක

දක්ෂිණ අධිවේගයේදී මෝටර් රථයක් ආරක්ෂිත වැටේ ගැටී අනතුරක

වෑන් රථයක් අළු කළ ගින්න

වෑන් රථයක් අළු කළ ගින්න

ලොවම බලා සිටියදී ලක් දෙරණට ඓතිහාසික ජයග්‍රහණයක් ගෙන ආ රුමේෂ් | Ada Derana

ලොවම බලා සිටියදී ලක් දෙරණට ඓතිහාසික ජයග්‍රහණයක් ගෙන ආ රුමේෂ් | Ada Derana

එජාපයේ 80 වැනි සැමරුමට සිනාමුසු මුහුණින් මහ ගෙදරට එක්වූ දේශපාලන සගයෝ | Ada Derana

එජාපයේ 80 වැනි සැමරුමට සිනාමුසු මුහුණින් මහ ගෙදරට එක්වූ දේශපාලන සගයෝ | Ada Derana

හොඳටම රිද්දන එල්නිනෝ - නිඟයගෙන් බැටකන ජනතාවට වනඅලින්ගෙනුත් කරදර  | Ada Derana

හොඳටම රිද්දන එල්නිනෝ - නිඟයගෙන් බැටකන ජනතාවට වනඅලින්ගෙනුත් කරදර | Ada Derana

fm දෙරණ දඹදිව වන්දනා - වන්දනාකරුවන් බරණැස ඉසිපතන මිගදාය වෙත | Ada Derana

fm දෙරණ දඹදිව වන්දනා - වන්දනාකරුවන් බරණැස ඉසිපතන මිගදාය වෙත | Ada Derana

රටකජු ගොවීන්ගේ කඳුළු කතාව - ''කිසිම මිලක් නෑ...තුට්ටු දෙකට ඉල්ලන්නේ'' | Ada Derana

රටකජු ගොවීන්ගේ කඳුළු කතාව - ''කිසිම මිලක් නෑ...තුට්ටු දෙකට ඉල්ලන්නේ'' | Ada Derana

සූදු කෙළියට ඉන්දියාවෙන් ලංකාවට ගෙනා පරවියෝ - පෙට්ටි 6ක් බෝට්ටුත් එක්කම මාට්ටු | Ada Derana

සූදු කෙළියට ඉන්දියාවෙන් ලංකාවට ගෙනා පරවියෝ - පෙට්ටි 6ක් බෝට්ටුත් එක්කම මාට්ටු | Ada Derana

එජාපයේ 80 වැනි සැමරුමදා ඉටුවුණ රවීගේ සිහිනය | Ada Derana

එජාපයේ 80 වැනි සැමරුමදා ඉටුවුණ රවීගේ සිහිනය | Ada Derana

එජාප - සබජ දීගේ ගැන කියන තලතා - ''එයාලත් අපේ කොටසක්, එක්සත් නිසා තමයි සියලුම පක්ෂ අද මෙතැනට ආවේ''

එජාප - සබජ දීගේ ගැන කියන තලතා - ''එයාලත් අපේ කොටසක්, එක්සත් නිසා තමයි සියලුම පක්ෂ අද මෙතැනට ආවේ''

ගිනි අව්ව පරදා පොළොන්නරුවට තද වැසි | Ada Derana

ගිනි අව්ව පරදා පොළොන්නරුවට තද වැසි | Ada Derana

කාලගුණයේ අලුත්ම දැනුම්දීම - පොළොන්නරුවට සහ මුලතිව්වල හවසට ගිගුරුම් සහිත වැසි | Ada Derana

කාලගුණයේ අලුත්ම දැනුම්දීම - පොළොන්නරුවට සහ මුලතිව්වල හවසට ගිගුරුම් සහිත වැසි | Ada Derana

Lassana Flora
Spotlight
 අපේ ආණ්ඩුව මහා රැලි අද අරඹයි

අපේ ආණ්ඩුව මහා රැලි අද අරඹයි

පොහොට්ටුවේ ජනරැලිය නාමල් නැතුව

පොහොට්ටුවේ ජනරැලිය නාමල් නැතුව

නාමල් රිමාන්ඩ් ජෝනිට ඇප

නාමල් රිමාන්ඩ් ජෝනිට ඇප

 නේටෝ ලංකාවට ! කොමියුනිස්ට් පක්ෂයෙන් හෙළිදරවුවක්

නේටෝ ලංකාවට ! කොමියුනිස්ට් පක්ෂයෙන් හෙළිදරවුවක්

 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

ශිෂ්‍යත්ව ප්‍රතිඵල එද්දි දනෝජ් හිටියේ මෑ හේනේ මොනරුන් එළවමින් | Ada Derana

ශිෂ්‍යත්ව ප්‍රතිඵල එද්දි දනෝජ් හිටියේ මෑ හේනේ මොනරුන් එළවමින් | Ada Derana

එයාර් බස් ගනුදෙනුව: ප්‍රකාශයක් ගන්න නාමල් අද අල්ලස් කොමිසමට | Ada Derana

එයාර් බස් ගනුදෙනුව: ප්‍රකාශයක් ගන්න නාමල් අද අල්ලස් කොමිසමට | Ada Derana

ජනපති 160 වැනි පොලිස් දින සැමරුමට...

ජනපති 160 වැනි පොලිස් දින සැමරුමට...

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

පලතුරු කන්න ආපු වනඅලියාට වෙඩි තබා මරා දමලා

පලතුරු කන්න ආපු වනඅලියාට වෙඩි තබා මරා දමලා

ගම්පහදී මැර ප්‍රහාරයක් - සීලරතන හිමි රෝහලේ

ගම්පහදී මැර ප්‍රහාරයක් - සීලරතන හිමි රෝහලේ

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් තිඹිරිගස්යායේ නිවසක අබිරහස් ලෙස මියගිහින්

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් තිඹිරිගස්යායේ නිවසක අබිරහස් ලෙස මියගිහින්

"අනුරාධපුර රැස්වීමට පෙර මා අත්අඩංගුවට ගන්න හදනවා"

"අනුරාධපුර රැස්වීමට පෙර මා අත්අඩංගුවට ගන්න හදනවා"

රාජිතට අධිචෝදනා

රාජිතට අධිචෝදනා

පොදු රද මඬුලු නීතිඥ සංගම් සභාපති ඇතුළු පිරිසක් 22 පෙත්සම් විභාගය නිරීක්ෂණයට

පොදු රද මඬුලු නීතිඥ සංගම් සභාපති ඇතුළු පිරිසක් 22 පෙත්සම් විභාගය නිරීක්ෂණයට