ආරක්ෂිත ගොඩබෑමකට ලක්කළ තුර්කි ගුවන්යානය දිවයිනෙන් යයි
December 17, 2025 06:39 pm
කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් ආරක්ෂිත ගොඩබෑමකට ලක්කළ TK733 නම් තුර්කි ගුවන්යානය අද (17) පස්වරුවේ යළි ඉස්තාන්බුල් නුවර බලා පිටත්ව ගියේය.
මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත්කරමින් ගුවන්තොටුපොළ හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පෞද්ගලික) සමාගම පවසා සිටියේ, එම යානය මගීන් 51ක් සමග ප.ව. 5.41ට මෙරටින් පිටත් වූ බවය.
කටුනායක සිට ඉස්තාන්බුල් බලා ඊයේ (16) පිටත්ව ගිය මෙම යානයේ කාර්මික දෝෂයක් හේතුවෙන් යළි ආරක්ෂිතව කටුනායක වෙත ගොඩබැස්සවීමට කටයුතු කර තිබුණි.
ඒ වනවිට එම යානයේ මගීන් 202ක් සහ කාර්යය මණ්ඩල සමාජිකයන් 10 දෙනෙකු සිටියහ.
