
දක්ෂිණ-කොළඹ අධිවේගී මාර්ගයේ ප්‍රථම මාරක රිය අනතුර අද අලුයම වාර්තා වූ බව පොලීසිය පවසයි.
ගාල්ලේ සිට කොළඹ බලා ධාවනය වෙමින් පැවති මෝටර් රථයක් කළුතර උතුර පොලිස් බලප්‍රදේශයට අයත් 21 කණුව ප්‍රදේශයේදී වේගය පාලනය කරගත නොහැකිව පාරෙන් ඉවතට වීසිවීම නිසා මෙම අනතුර සිදුව තිබේ.
අනතුරෙන් 26 හැවිරිදිතරුණයකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය සඳහන් කරයි.
















































