
සුඩානයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා කඳවුරකට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයකින් බංගලාදේශ සෙබලුන් හය දෙනෙකු මියගොස් තවත් අට දෙනෙකු තුවාල ලබා තිබේ.
එරට තුළ ක්‍රියාත්මක ක්ෂණික සහාය බලකාය හෙවත් RSF කණ්ඩායම මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවට චෝදනා එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
ප්‍රහාරය හෙළා දකින එක්සත් ජාතීන්ගේ මහ ලේකම් අන්තෝනියෝ ගුටේරස් පවසන්නේ එය යුද අපරාධයක් වන බවය.

















































