header logo
SLIC
උණුසුම් පුවත්
ත්‍රිකුණාමලය නාවික සහ සාගරික විද්‍යා පීඨයේ අධිකාරියට පත් කිරීමේ සහ විසිරයාමේ පෙළපාළිය ජනපති ප්‍රධානත්වයෙන්
Dec 14, 202511:50 AM
ත්‍රිකුණාමලය නාවික සහ සාගරික විද්‍යා පීඨයේ අධිකාරියට පත් කිරීමේ සහ විසිරයාමේ පෙළපාළිය ජනපති ප්‍රධානත්වයෙන්
Mobitel 1278

පසුගියදා මුහුණ දීමට සිදු වූ ව්‍යසනය ස්ථාවර සහ ක්‍රමිකව ගොඩනගමින් තිබු මෙරට ආර්ථිකයට එල්ල වූ ප්‍රබල ප්‍රහාරයක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

එවන් අභියෝගයක් හමුවේ සියලු දෙනා වෙත පැවරෙන වගකීම වන්නේ පලා යාම හෝ කනස්සලට පත් වී කම්පාවෙන් බලා සිටීම නොව රට යළි ගොඩනගනවා යන තිර අදිටනින් යුතුව එක්ව කටයුතු කිරීම බව ද ජනාධිපතිවරයා පැවසීය.

එම ව්‍යසනය හමුවේ නාවික හමුදාව ඉටු කරන ලද කාර්යභාරය විශාල බවත්, විශේෂයෙන් කලාඔය වහළ මත මරණ බිය අත්විඳිමින් සිටි ජනතාවට ජීවත්වීමේ අපේක්ෂාව ලබා දෙමින් සහ අහිමි වීමට ගිය ජීවිත විශාල ප්‍රමාණයක් බේරා ගනිමින් නාවික හමුදාව ඉටු කරන ලද මෙහෙවර කෘතවේදීව අගයන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ ත්‍රිකුණාමලය නාවික සහ සාගරික විද්‍යා පීඨයේදී ඊයේ (13) පස්වරුවේ පැවති අධිකාරියට පත් කිරීමේ සහ විසිරයාමේ පෙළපාළිය අමතමිනි.

ඊයේ පස්වරුවේ ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨය වෙත පැමිණි සේනාධිනායක, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නාවික හමුදා උත්තමාචාර සහිතව අභිමානවත් අයුරින් පිළිගැනිණි.

2024/03 බඳවාගත් නිලධාරීන් 08 දෙනෙක්, කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ 40 වන බඳවා ගැනීමේ නිලධාරීන් 33 දෙනෙක් සහ ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ 65 වන ශිෂ්‍ය හට බඳවා ගැනීමේ නිලධාරීන් 28 දෙනෙක් මෙහිදී විසිර ගියහ.

පුහුණුවීම් කාල සීමාව තුළ විශිෂ්ට දක්ෂතා දැක්වූ මධ්‍ය නිලධාරීන් හට සම්මාන ප්‍රදානය කිරීම සහ අධිකාරියට පත් නිලධාරීන් සඳහා අසිපත් පිළිගැන්වීම ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.

ව්‍යසනය හමුවේ ජිවිත බේරා ගැනීමට ගොස් ජීවිත පරිත්‍යාග කළ නාවික හමුදා නිලධාරීන් වෙනුවෙන් සිය ප්‍රණාමය පළ කිරීමටද ජනාධිපතිවරයා මෙහිදී කටයුතු කළේය.

අද රටක් ලෙස මුහුණ දී සිටින විශාලතම අභියෝගය වන මත්ද්‍රව්‍ය උවදුරින් රට මුදා ගැනීමට නාවික හමුදාව ඉටු කරන කාර්යභාරය ද ඇගයීමට ලක් කළ ජනාධිපතිවරයා මත්ද්‍රව්‍ය ජාවාරමෙන් ජාතිය ගලවා ගැනීමට ගත යුතු සෑම පියවරක්ම රජය ගන්නා බවත්, මාතෘ භූමිය එම ව්‍යසනයෙන් ගලවා ගැනීමට සියලු දෙනාගේ සහාය අපේක්ෂා කරන බවත් සඳහන් කළේය.

ජනාධිපතිවරයා ලෙස තමාටත්, නාවික හමුදාපතිවරයාටත්, සියලු නිලධාරීන්ටත් ධූරය අනුව වෙනස් වගකීම් පැවරී තිබුණ ද එම සෑම වගකීමක්ම ස්ථාවර රාජ්‍යයක් වෙනුවෙන් අවශ්‍ය බවත්, රටක් ඉදිරියට ගෙන යා හැක්කේ තමන් වෙත පැවරී ඇති වගකීම් නිසි පරිදි ඉටු කිරීමෙන් පමණක් බවත් ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.

එබැවින් කිසිදු වෘත්තීයක් හෝ වගකීමක් දෙවැනි කොට සැලකිය යුතු නැති අතර සෑම වගකීමක්ම රට ගොඩනැගීම සඳහා දක්වන දායකත්වයේ කොටසක් ලෙස සැලකිය යුතු බවද සඳහන් කළේය.

මෙරට ඉතා ගෞරවාන්විත සහ විනයක් සහිත නිර්භීත හමුදාවක් වන නාවික හමුදාවට එක්වීම පිළිබඳ මෙහිදී සියලු දෙනාට ස්තූතිය පළ කළ ජනාධිපතිවරයා අද දින සිට තම දෙවුර මත පැවරෙන වගකීම නිසි ලෙස ඉටු කරන නිලධාරීන් බවට පත්වන්නැයි ආරාධනා කරමින් විසිර ගිය සියලු නිලධාරීන් වෙතජයග්‍රාහී වෘත්තීය ජීවිතයකට සුබ පැතුම් එක් කළේය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
කොළඹ වරාය ලොව ප්‍රමුඛතම බහාලුම් වරායන් අතර 20 වැනි ස්ථානයට

කොළඹ වරාය ලොව ප්‍රමුඛතම බහාලුම් වරායන් අතර 20 වැනි ස්ථානයට

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..

අමාත්‍යාංශවල එක පුටුවකින් ගෙයක් හදන්න පුළුවන්

අමාත්‍යාංශවල එක පුටුවකින් ගෙයක් හදන්න පුළුවන්

පිළිකා රෝගීන් 75,000කගේ ජීවිත අවදානමේ | Ada Derana

පිළිකා රෝගීන් 75,000කගේ ජීවිත අවදානමේ | Ada Derana

 ජනපති සුරතින් නවෝදයාපුරම් ජනතා අයිතියට...

ජනපති සුරතින් නවෝදයාපුරම් ජනතා අයිතියට...

 මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ | Ada Derana

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ | Ada Derana

ලොව වියළිම කාන්තාරය මල් උයනක් වෙයි

ලොව වියළිම කාන්තාරය මල් උයනක් වෙයි

ලෝකයම කම්පාකළ නේපාලයේ මහා විනාශයේ එදා සහ අද...

ලෝකයම කම්පාකළ නේපාලයේ මහා විනාශයේ එදා සහ අද...

අවසන් රන්දෝලි පෙරහැරේ අසිරිය විඳගත් ජනපති...

අවසන් රන්දෝලි පෙරහැරේ අසිරිය විඳගත් ජනපති...

හිමාලයේ අඩි 17,000ක් ඉහළ සිට කඩා වැටුණු ග්ලැසියරය....

හිමාලයේ අඩි 17,000ක් ඉහළ සිට කඩා වැටුණු ග්ලැසියරය....

බොරුව, රැවටීම සහ ඇන්දවීම ගැන කියාදුන් සජිත්.. ''කෝ මේ ලක්ෂ 12 විට්ස් කාර් එක"

බොරුව, රැවටීම සහ ඇන්දවීම ගැන කියාදුන් සජිත්.. ''කෝ මේ ලක්ෂ 12 විට්ස් කාර් එක"

 රජයේ ඖෂධ පිට විකිණූ ඔසුසැලක් 'උකුස්සා' හෙළිකරයි...විකිණීම තහනම් ඖෂධ 8ක් හමුවෙයි

රජයේ ඖෂධ පිට විකිණූ ඔසුසැලක් 'උකුස්සා' හෙළිකරයි...විකිණීම තහනම් ඖෂධ 8ක් හමුවෙයි

 සලේගේ රැඳවුම් නියෝගය ගැන ආන්දෝලනාත්මක අනාවරණයක්...

සලේගේ රැඳවුම් නියෝගය ගැන ආන්දෝලනාත්මක අනාවරණයක්...

දළදා පෙරහැර තේජවත් කරන තේජවන්තයෝ - පෙරහැර සිරිත විශේෂාංගය 07

දළදා පෙරහැර තේජවත් කරන තේජවන්තයෝ - පෙරහැර සිරිත විශේෂාංගය 07

රටම කතාවෙන සලේට ලැබුණු තීන්දුව...

රටම කතාවෙන සලේට ලැබුණු තීන්දුව...

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

 කුසලින් පිරි  කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

කුසලින් පිරි කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

 ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

 අද සිට ඉර කෙලින් වෙයි

අද සිට ඉර කෙලින් වෙයි

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව

මහනුවර අවසන් පෙරහැර අද - ආසනයක් 40,000යි

මහනුවර අවසන් පෙරහැර අද - ආසනයක් 40,000යි

නිකිණි පුර පසළොස්වක පොහොය අදයි

නිකිණි පුර පසළොස්වක පොහොය අදයි

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෙවුණු වසර පහේදී අලි ඇත්තු 2,353ක් මරුට

ගෙවුණු වසර පහේදී අලි ඇත්තු 2,353ක් මරුට

අත්වැසුම් කම්හලක රසායනයකින් කුඹුරක් නිල් වී කොළඹ - ගම්පහට වතුර කැපෙයි

අත්වැසුම් කම්හලක රසායනයකින් කුඹුරක් නිල් වී කොළඹ - ගම්පහට වතුර කැපෙයි

ත්‍රීවිල් රියදුරන්ගේ වයස ගැනතීන්දුවක් නැහැ

ත්‍රීවිල් රියදුරන්ගේ වයස ගැනතීන්දුවක් නැහැ

දක්ෂිණ අධිවේගයේ කුෂ් අදිමින් සිටි හිටපු SI සහ ගෝලයා තවදුරටත් රිමාන්ඩ්

දක්ෂිණ අධිවේගයේ කුෂ් අදිමින් සිටි හිටපු SI සහ ගෝලයා තවදුරටත් රිමාන්ඩ්

වසර 2ක් තුළ රතු වරෙන්තුකරුවෝ 42ක් දිවයිනට

වසර 2ක් තුළ රතු වරෙන්තුකරුවෝ 42ක් දිවයිනට

ඩුබායි සිට කුදලන් ආ බස් ලලිත්ට චෝදනා වැලක්

ඩුබායි සිට කුදලන් ආ බස් ලලිත්ට චෝදනා වැලක්