header logo
SLIC
උණුසුම් පුවත්
යුද ගැටුම් මැද කාම්බෝජය තායිලන්තය සමග ඇති දේශසීමා හරස්මාර්ග වසා දමයි
Dec 13, 202510:22 PM
යුද ගැටුම් මැද කාම්බෝජය තායිලන්තය සමග ඇති දේශසීමා හරස්මාර්ග වසා දමයි
Mobitel 1278

කාම්බෝජය සහ තායිලන්තය අතර සටන් දිගටම පවතින පසුබිමක දෙරට අතර ඇති දේශසීමා හරස් මාර්ග වසා දැමීමට පියවර ගෙන තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ කාම්බෝජයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයට අනුව නැවත දැනුම්දෙනතුරු මෙම දේශසීමා හරස් මාර්ග වසා තැබීමට පියවර ගෙන ඇති බවය.

දෙපාර්ශ්වයම අඛණ්ඩව යුද ගැටුම් වර්ධනය කරගන්නා පසුබිමක අද (13) දිනයේ පමණක් තායිලන්ත සොල්දාදුවන් සිව් දෙනෙකු මිය ගිය බව තායිලන්ත හමුදා නිලධාරීන් පවසා තිබේ.

කෙසේ නමුත් මෙම යුද ගැටුම් හේතුවෙන් කාම්බෝජ හමුදාවන්ට සිදුවූ හානි සම්බන්ධව එරට තවමත් දත්ත යාවාත්කාලීන කිරීමක් සිදුකර නැතැයිද විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

මෙම මරණ සංඛ්‍යාවත් සමග පසුගිය සඳුදා දින සිට මේ දක්වා තායිලන්තයේ හමුදා නිලධාරීන් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයිද තවත් 270ක් මෙන්ම සිවිල් වැසියන් 6 දෙනෙකුද තුවාල ලබා ඇතැයිද විදෙස් මාධ්‍ය වාර්තා හී සඳහන්ව ඇත.

එමෙන්ම පසුගිය සිකුරාදා දින වන විට කාම්බෝජයේ අවම වශයෙන් සිවිල් වැසියන් 11 දෙනෙකු මියගොස් තවත් 59 දෙනෙකු තුවාල ලබා ඇති බවත් එම මාධ්‍ය වාර්තා හී සඳහන්ව ඇත.

කෙසේ වෙතත් මෙම ගැටුම් මැද මේ වන විට දේශසීමා ආසන්නයේ සිටි ලක්ෂ 7කට ආසන්න ජනතාවක් ඉන් ඉවත් කිරීමටද දෙරටවල් පියවර ගෙන තිබේ.

මේ අතර අද දිනයේද තායිලන්තය විසින් කාම්බෝජයට ගුවන් ප්‍රහාර එල්ල කර ඇතැයිද වාර්තා වේ.

කාම්බෝජ ආරක්ෂක අමාත්‍යාංශය වාර්තා කර ඇත්තේ තායි හමුදාව F-16 ප්‍රහාරක ජෙට් යානා දෙකක් භාවිත කර ඉලක්ක ගණනාවකටම බෝම්බ හෙළු බවය.

එහෙයින් තායි හමුදාවේ ගුවන් යානා තවමත් බෝම්බ හෙලීම නතර කර නැතැයිද එම වාර්තාවේ සඳහන්ව ඇති අතර තායි හමුදාවද සටන් දිගටම පවතිනු ඇති බවද තහවුරු කර තිබේ.

මේ අතර වර්ධනය වී ඇති මෙම යුද ගැටුම් සම්බන්ධව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගියදා පැවසුවේ දෙරටේ නායකයින්ට තමන් කතා කළ බවත් ඔවුන් මෙම යුද ගැටුම් නැවැත්වීමට එකඟ වූ බවත්ය.

ඒ අනුව "රටවල් දෙකම සාමයට සූදානම්" යැයි සිය සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ සඳහන් කර තිබුණි.

කෙසේ නමුත් අමෙරිකානු ජනාධිපතිවරයාගේ මෙම සාකච්ඡාවෙන් පසු දෙපාර්ශ්වය සටන් විරාමයක් ගැන අදහස් දැක්වීමක් සිදුකර නොමැති බවද විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

එහිදී තායිලන්ත ආක්‍රමණිකයා නොවන බවත් සටන් විරාමයක් ඇති කර ගැනීමට පෙර කාම්බෝජය තම හමුදා ඉවත් කළ යුතු බවත් දේශසීමාවෙන් බිම් බෝම්බ ඉවත් කර පෙන්විය යුතු බව තමන් අමෙරිකානු ජනාධිපතිවරයාට පැවසූ බව තායිලන්ත අග්‍රාමාත්‍ය අනුටින් චාන්විරකුල් පවසා තිබේ.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
මහ පාන්දර කොල්ලුපිටිය රත්කළ වෙඩිතැබීම...

මහ පාන්දර කොල්ලුපිටිය රත්කළ වෙඩිතැබීම...

දරුවන්ගේ මත්ද්‍රව්‍ය භාවිතය ගැන බරපතළ අනාවරණයක්

දරුවන්ගේ මත්ද්‍රව්‍ය භාවිතය ගැන බරපතළ අනාවරණයක්

ගැටලු කියන්න කොළඹ ආ උක් ගොවීන් සහ සේවකයන්

ගැටලු කියන්න කොළඹ ආ උක් ගොවීන් සහ සේවකයන්

'එල් නිනෝ' බලපෑම් තවත් ප්‍රදේශ රැසකට...පීඩාවට පත් පිරිස 94,000 පනී..

'එල් නිනෝ' බලපෑම් තවත් ප්‍රදේශ රැසකට...පීඩාවට පත් පිරිස 94,000 පනී..

පරණ කෝන්තරයක් පිරිමහගන්න ආපු චණ්ඩින්ට පොලීසියෙන් වෙඩි

පරණ කෝන්තරයක් පිරිමහගන්න ආපු චණ්ඩින්ට පොලීසියෙන් වෙඩි

කිව්ව දේවල් වුණා නම් දැන් අරලිය අයිති කාටදැයි බිමල් කියයි..

කිව්ව දේවල් වුණා නම් දැන් අරලිය අයිති කාටදැයි බිමල් කියයි..

22ට එරෙහිව SJB පාරට...කොටුවේ දැවැන්ත විරෝධතාවක්

22ට එරෙහිව SJB පාරට...කොටුවේ දැවැන්ත විරෝධතාවක්

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය...

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය...

ශ්‍රී ලංකා පොලිස් සේවයට වසර 160යි...සැමරුම් උත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

ශ්‍රී ලංකා පොලිස් සේවයට වසර 160යි...සැමරුම් උත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

 ලෝකයක් දිනන්න පළමු පියවර තැබූ පහේ හපන්නු... | දිවයිනේ ප්‍රථමයාට මනුසත් දෙරණින් ශිෂ්‍යත්වයක්...

ලෝකයක් දිනන්න පළමු පියවර තැබූ පහේ හපන්නු... | දිවයිනේ ප්‍රථමයාට මනුසත් දෙරණින් ශිෂ්‍යත්වයක්...

ගමේ පාසලට දණ නමස්කාර කර පහේ හපනා කොළඹ එයි | Ada Derana

ගමේ පාසලට දණ නමස්කාර කර පහේ හපනා කොළඹ එයි | Ada Derana

 ප්‍රියංකර පෙරේරාගේ දේහයට ජනපතිගෙන් අවසන් ගෞරව

ප්‍රියංකර පෙරේරාගේ දේහයට ජනපතිගෙන් අවසන් ගෞරව

 ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකරගේ දේහය බොරැල්ලේ පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කෙරේ...

ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකරගේ දේහය බොරැල්ලේ පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කෙරේ...

සැක හිතිලා ඇරපු බහාලුම.. රු. කෝටි 3ක හොර බඩු..

සැක හිතිලා ඇරපු බහාලුම.. රු. කෝටි 3ක හොර බඩු..

ජනාධිපති ලේකම්ට එල්ලවුණු චෝදනාවට රේගුවෙන් කට අරියි..

ජනාධිපති ලේකම්ට එල්ලවුණු චෝදනාවට රේගුවෙන් කට අරියි..

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

පලතුරු කන්න ආපු වනඅලියාට වෙඩි තබා මරා දමලා

පලතුරු කන්න ආපු වනඅලියාට වෙඩි තබා මරා දමලා

ගම්පහදී මැර ප්‍රහාරයක් - සීලරතන හිමි රෝහලේ

ගම්පහදී මැර ප්‍රහාරයක් - සීලරතන හිමි රෝහලේ

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් තිඹිරිගස්යායේ නිවසක අබිරහස් ලෙස මියගිහින්

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් තිඹිරිගස්යායේ නිවසක අබිරහස් ලෙස මියගිහින්

"අනුරාධපුර රැස්වීමට පෙර මා අත්අඩංගුවට ගන්න හදනවා"

"අනුරාධපුර රැස්වීමට පෙර මා අත්අඩංගුවට ගන්න හදනවා"

රාජිතට අධිචෝදනා

රාජිතට අධිචෝදනා

පොදු රද මඬුලු නීතිඥ සංගම් සභාපති ඇතුළු පිරිසක් 22 පෙත්සම් විභාගය නිරීක්ෂණයට

පොදු රද මඬුලු නීතිඥ සංගම් සභාපති ඇතුළු පිරිසක් 22 පෙත්සම් විභාගය නිරීක්ෂණයට

අධිකරණය තීන්දු ගන්නේ ධර්මය මත නොව නීතිය මතයි - අගවිනිසුරු

අධිකරණය තීන්දු ගන්නේ ධර්මය මත නොව නීතිය මතයි - අගවිනිසුරු

22 ගැන නඩු විභාගය අවසන්

22 ගැන නඩු විභාගය අවසන්

කෝටි 20ක කුඩු - අයිස් සමඟ අයෙක් දැලේ

කෝටි 20ක කුඩු - අයිස් සමඟ අයෙක් දැලේ

කුඩු සළිඳුට එරෙහි නඩු දෙකක ගොනු අතුරුදන්

කුඩු සළිඳුට එරෙහි නඩු දෙකක ගොනු අතුරුදන්

අලුත්ම ' රස්සාවක් ' උසාවියේදී හෙළිවෙයි - ඇපකාරයෝ 2ක්, කුඩු ජාවාරමුන් 45කට ඇප ඉල්ලලා

අලුත්ම ' රස්සාවක් ' උසාවියේදී හෙළිවෙයි - ඇපකාරයෝ 2ක්, කුඩු ජාවාරමුන් 45කට ඇප ඉල්ලලා

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

පයාගල වෙඩිල්ලෙන් ඩිලා මරුට

පයාගල වෙඩිල්ලෙන් ඩිලා මරුට

විජිත පත්කළ වරායේ MD අනුර පහකරයි

විජිත පත්කළ වරායේ MD අනුර පහකරයි