
ආපදා තත්වය හේතුවෙන් කල්දැමුණු චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලිය ඉතිරි තරග ලබන 19වනදා ආරම්භ වන බව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය පවසයි.
නොවැම්බර් මස 23වනදා චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලිය ආරම්භ විය.
කෙසේවෙතත් පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පසුගිය 28 වනදා තරගාවලිය තාවකාලිකව අත්හිටුවීමට පියවර ගැණුනි.
ඒ අනුව තරගාවලියේ ඉතිරි තරග ලබන 19වනදා සිට යළි ආරම්භ වන බව බව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය සඳහන් කළේය.

















































