ශ්‍රී ලංකා නාවික හමුදාවේ 75 වැනි සංවත්සරය වෙනුවෙන් නාවිකයින් 2086ට උසස්වීම්

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 75 වැනි සංවත්සරය වෙනුවෙන් නාවිකයින් 2086ට උසස්වීම්

December 9, 2025   02:12 pm

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 75 වැනි සංවත්සරය අද (09) අභිමානවත්ව සමරන ලදී.

එහිදී නාවික හමුදා පුද්ගලයින් 2,086 ක් වෙත උසස්වීම් පිරිනමා තිබුණි.

ඒ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩගේ මහතාගේ නිර්දේශය මතය.

ඒ අනුව, නිලධාරීන් 17 දෙනෙකු ඊළඟ නිලය වෙතත්, ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ නාවිකයින් 2069 දෙනෙකු ඊළඟ තරාතිරම් වෙතත් උසස් කිරීමට නාවික හමුදාව විසින් කටයුතු කර තිබේ.