
උතුරු සහ නැගෙනහිර පළාත්වලත් පොළොන්නරු දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට හෙට (09) දිනයේ මි.මී 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකියි.
අද (08) සවස 2ට නිකුත් කළ කාලගුණ අනාවැකිය අනුව දිවයින හරහා ඊසානදිග මෝසම් තත්ත්වය ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතී.
ඒ අනුව උතුරු, උතුරු මැද, නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 1න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර, ඇතැම් ස්ථානවලට මි.මී 50ට වැඩි තරමක තද වැසි ඇති වේ.
බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවල අලුයම් කාලයේ දී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකිය.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට පියවර ගන්නා ලෙසද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනාතාවගෙන් ඉල්ලා සිටී.

















































