header logo
SLIC
උණුසුම් පුවත්
ෂකිබ්ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
Dec 08, 202512:05 AM
ෂකිබ්ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
EDEX

ජාත්‍යන්තර ටෙස්ට් හා විස්සයි20 ක්‍රිකට් පිටියට සමුදුන් බංග්ලාදේශ හිටපු නායක ෂකිබ් අල් හසන් සිය තීරණය වෙනස්කර තිබේ.

මේ වනවිට වසරකට වැඩි කාලයක් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාකර නොමැති ඔහු, බංග්ලාදේශය නියෝජනය කරමින් ආකෘති තුනම ක්‍රීඩා කිරීමට කැමති බව 'Beard Before Wicket' නම් යූටියුබ් නාලිකාව හා එක්ව පවසා ඇත.

"මම නිල වශයෙන් සියලුම ආකෘතිවලින් විශ්‍රාම ගිහින් නෑ. මම ඒ බව හෙළිකරන පළමු අවස්ථාව මේ. මගේ බලාපොරොත්තුව බංග්ලාදේශයට ආපසු ගිහින් එක්දින, ටෙස්ට් සහ විස්සයි20 සම්පූර්ණ තරගාවලියක් ක්‍රීඩා කර විශ්‍රාම ගැනීමට" ෂකිබ් එහිදී පැවසීය.

"මට සියලුම ආකෘතිවලින් මගේ රටේදී විශ්‍රාම ගැනීමට අවශ්‍යයි. ඒ නිසා මට සම්පූර්ණ තරගාවලියක් ක්‍රීඩාකර විශ්‍රාම යාමට අවශ්‍යයි".

අවාමි ලීග් පක්ෂයේ මන්ත්‍රීවරයෙකු වන ෂකීබ්, එම රජය බලයෙන් පහ කිරීමෙන් පසු 2024 මැයි මාසයේ සිට බංග්ලාදේශයට ආපසු පැමිණ නැත.

ඒ වනවිට ඔහු බංග්ලාදේශයට නොපැමිණියද, මිනීමැරුම් චෝදනාවකට ඔහු නම් කරන ලදී . ඉන්පසු බංග්ලාදේශය නියෝජනය කරමින් ඔහු පාකිස්තානයේ සහ ඉන්දියාවේ ටෙස්ට් තරග ක්‍රීඩාකළත් සිය රටට නොගියේය.

මෙහිදී බංග්ලාදේශයට නැවත යන්නේ දැයි විමසූ විට ෂකීබ් පැවසුවේ, "මම බලාපොරොත්තු සහගතයි. ඒ නිසා මම විස්සයි20 ලීග් ක්‍රීඩා කරනවා. මම හිතන්නේ ඒක වෙයි" යනුවෙන් පැවසීය.

"මට හිතෙන්නේ රසිකයින්ට සමුදෙන්න මේක හොඳ ක්‍රමයක්. ඔවුන් මට සැමවිටම සහයෝගය දැක්වූවා. ඒ නිසා ඔවුන්ට යමක් ආපසු ලබාදීමට අවශ්‍යයි".

ඔක්තෝබර් මාසයේදී බංග්ලාදේශයේ පැවැත්වීමට නියමිතව තිබූ දකුණු අප්‍රිකාවට එරෙහි තරගාවලියේදී තම අවසන් ටෙස්ට් තරගය ක්‍රීඩා කිරීමට ශකිබ් කැමැත්තෙන් පසුවිය.

කෙසේ නමුත් තරගාවලියට පෙර ෂකිබ්ට එරෙහිව ඩකාහි විරෝධතා ඇතිවිය.

ඒ හේතුවෙන් බංග්ලාදේශ අන්තර්වාර රජයට ඔහුට ආරක්ෂිතව රටින් පිටවීම සහතික කළ නොහැකි වූ නිසා, දකුණු අප්‍රිකාවට එරෙහි ටෙස්ට් තරග සඳහා ෂකිබ්ව අතහැර දැමීමට බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලය කටයුතු කළේය.

මේ වසර මුලදී බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිලධාරියෙකු පැවසුවේ ෂකිබ් බංග්ලාදේශ කණ්ඩායමට නැවත පැමිණීම සාදරයෙන් පිළිගන්නා බවය.

2006 වසරේ සිට බංග්ලාදේශය නියෝජනය කරන ශකීබ් ටෙස්ට් ලකුණු 4,609ක් (100/5, 50/31), එක්දින ලකුණු 7,570 (100/9, 50/56) හා විස්සයි20 ලකුණු 2,551 (50/13) රැස්කර ඇත.

ඊට අමතරව ටෙස්ට් කඩුලු 246ක්, එක්දින කඩුලු 317ක් හා විස්සයි20 කඩුලු 149කටද ඔහු හිමිකම් කියයි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 යළි නොගයන නන්දාට අවසන් පබැඳුම..

යළි නොගයන නන්දාට අවසන් පබැඳුම..

දිවිසැරිය නිම කළ නන්දා මාලනී වෙනුවෙන් අගමැති හරිනිගෙන් ශෝක පණිවුඩයක්..

දිවිසැරිය නිම කළ නන්දා මාලනී වෙනුවෙන් අගමැති හරිනිගෙන් ශෝක පණිවුඩයක්..

අභාවප්‍රාප්ත විශාරද නන්දා මාලනී වෙනුවෙන් පාර්ලිමේන්තුවම මිනිත්තුවක් නිහඬ වෙයි

අභාවප්‍රාප්ත විශාරද නන්දා මාලනී වෙනුවෙන් පාර්ලිමේන්තුවම මිනිත්තුවක් නිහඬ වෙයි

නන්දා මාලනීයගේ දේහය'සංගීත ආශ්‍රමය'ට රැගෙන එයි

නන්දා මාලනීයගේ දේහය'සංගීත ආශ්‍රමය'ට රැගෙන එයි

මහමඟ ලේ විලක් කළ මොනරාගල මාරක අනතුර

මහමඟ ලේ විලක් කළ මොනරාගල මාරක අනතුර

පෙරහැර අභිමානය කියාපාන තේජවන්තයින්ගේ ඇඳුම් නිර්මාණ...අතීත උරුමය සොයා ගිය අද දෙරණ

පෙරහැර අභිමානය කියාපාන තේජවන්තයින්ගේ ඇඳුම් නිර්මාණ...අතීත උරුමය සොයා ගිය අද දෙරණ

 පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ දේහයට අගමැතිනිය අවසන් ⁣ගෞරව දැක්වූ අයුරු

පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ දේහයට අගමැතිනිය අවසන් ⁣ගෞරව දැක්වූ අයුරු

ජාතියේ යශෝරාවය නිහඬ වෙයි

ජාතියේ යශෝරාවය නිහඬ වෙයි

මහ රෑ වගා ළිඳකට වැටුණු තුන්පත් රෑන බේරාගත් අසීරු මෙහෙයුම....

මහ රෑ වගා ළිඳකට වැටුණු තුන්පත් රෑන බේරාගත් අසීරු මෙහෙයුම....

විමල්ගේ බිරිඳ ඇප ලබා ගෙදර ගිය හැටි

විමල්ගේ බිරිඳ ඇප ලබා ගෙදර ගිය හැටි

 මාරවිල උණුසුම් කළ පුද්ගලික කෝන්තරය

මාරවිල උණුසුම් කළ පුද්ගලික කෝන්තරය

කාලගුණයේ අලුත්ම දැනුම්දීම

කාලගුණයේ අලුත්ම දැනුම්දීම

චීන අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී පිම්මක්...රොකට්ටුවේ පළමු කොටස සාර්ථකව ගොඩබැස් වූ හැටි

චීන අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී පිම්මක්...රොකට්ටුවේ පළමු කොටස සාර්ථකව ගොඩබැස් වූ හැටි

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

 පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

 රඹුකන සිදත් තෙරිඳුන් ගී ලොව කිරුළ යළි හමු නොවෙයි, පන්හිඳ පවසයි නිසල | Ada Derana

රඹුකන සිදත් තෙරිඳුන් ගී ලොව කිරුළ යළි හමු නොවෙයි, පන්හිඳ පවසයි නිසල | Ada Derana

 ජාතියේ රන් ස්වරය නිහඬවේ | අවසන් කැමැත්තට අනුව අවමංගල්‍ය සභාවක් නෑ | Ada Derana

ජාතියේ රන් ස්වරය නිහඬවේ | අවසන් කැමැත්තට අනුව අවමංගල්‍ය සභාවක් නෑ | Ada Derana

 පිළිකා එන්නත් හිඟයක් - කිමෝ ප්‍රතිකාරවලටත් බාධා

පිළිකා එන්නත් හිඟයක් - කිමෝ ප්‍රතිකාරවලටත් බාධා

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

 හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

 “සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

“සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

 'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

 "කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

"කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

 හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

 "යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

"යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට