අයහපත් කාලගුණයෙන් පාසල් දහසක දරුවන් ලක්ෂයක් පීඩාවට

අයහපත් කාලගුණයෙන් පාසල් දහසක දරුවන් ලක්ෂයක් පීඩාවට

December 7, 2025   08:44 pm

අයහපත් කාගුණික තත්ත්වය හේතුවෙන් දිවයිනේ පළාත් 9 තුළ පාසල් දහසකට ආසන්න ප්‍රමාණයක් කුමන ආකාරයකින් ආපදාවට ලක්ව ඇති බව අධ්‍යාපන ලේකම් නාලක කළුවැව මහතා පැවසීය.

ඒ අනුව ආසන්න වශයෙන් පාසල් යන දරුවන් ලක්ෂයක් පමණ මෙම ආපදාවෙන් කුමන හෝ ආකාරයක පීඩාවට පත්වී තිබෙන බව ඔහු පෙන්වා දුන්නේය.

කෙසේ නමුත් ආපදාවට දැඩිව ලක්වී නොමැති ප්‍රදේශයන්හි පාසල් මෙම මස 16වනදා විවෘත කිරීමේ තීරණයක් මේ වනවිට ගෙන තිබෙන බව ඔහු පැවසීය.

"කුමන ප්‍රදේශයේ, කුමන පාසල් ද විවෘත කරන්නේ යන්න පිළිබඳ නිල නිවේදනය හෙට (8) හෝ අඟහරුවාදා (9) නිකුත්කිරීමට බලාපොරොත්තු වෙනවා.

මෙම පාසල් විවෘත කිරීමත් සමගම අපොස උසස් පෙළ විභාගයේ නොපැවැත් වූ ප්‍රශ්නපත්‍ර 2026 ජනවාරි මාසය තුළ පවත්වන්න දැනටඋත්සාහ කර තිබෙනවා" යනුවෙන් පැවසීය.