
අධික වර්ෂාපතනය හේතුවෙන් මන්නාරම ඉලුප්පුකඩවායි සහ සෙට්ටිකුලම් ප්‍රදේශයේ ඇති වී ඇති ගංවතුර තත්වය හමුවේ ආපදාවට පත් පුද්ගලයින් 157දෙනෙකු නාවික හමුදා ආපදා සහන මෙහෙයුම් මඟින් මුදා ගෙන තිබේ.
ඔවුන් ආරක්‍ෂිත ස්ථාන වෙත යොමු කර අවශ්‍ය සහන සැලසීමට ද නාවික හමුදාව විසින් කටයුතු කර ඇත.
ඒ අනුව, මන්නාරම ඉලුප්පුකඩවායි ප්‍රදේශයේ කූරායි වැව සහ ශෙරෙට්ටිකුලම් වැව් පිටාර ගැලීමෙන් එම ප්‍රදේශයේ සිතුම්නගර්, ආනමොටේ, ශෙරෙට්ටිකුලම් හා ශිවපුරම් යන ගම්මාන ජලයෙන් යටවීමෙන් ආපදාවට පත් පුද්ගලයන් 106දෙනෙකු සහ, මල්වතුඔය පිටාර ගැලීමෙන් ශෙට්ටිකුලම් ප්‍රදේශයේ ගංවතුරෙන් ආපදාවට පත් පුද්ගලයන් 51දෙනෙකු මෙලෙස නාවික හමුදාව විසින් මුදා ගෙන ඇත.
















































