header logo
SLIC
උණුසුම් පුවත්
අයහපත් කාලගුණය නිසා උ.පෙළ විභාග කාලසටහනේ වෙනස්කම් ගැන සාකච්ඡාවක්
Nov 27, 202505:52 PM
අයහපත් කාලගුණය නිසා උ.පෙළ විභාග කාලසටහනේ වෙනස්කම් ගැන සාකච්ඡාවක්
Mobitel 1278

පවතින අධික වර්ෂාව හමුවේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාග කාලසටහනේ සිදුවන වෙනස්කම් හා ගනු ලබන ඉදිරි ක්ෂණික ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීමට අද (27) විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.

ඒ අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් හා අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනෙ‍විරත්න මහතාගේ සහභාගීත්වයෙනි.

ඒ සඳහා අධ්‍යාපන ලේකම් නාලක කලුවැව, ශ්‍රී ලංකා විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා ලියනගේ මහත්මිය ඇතුළු ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තු නිලධාරීන් මෙන්ම අමාත්‍යාංශ නිලධාරීන් ද සහභාගී වී ඇත.

මෙවර අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට අපහසුතාවකින් තොරව විභාගයට පෙනී සිටීමට අවස්ථාව සැලසිය යුතු බව අමාත්‍යතුමිය මෙහිදී ‍ප්‍රකාශ කළාය.

පළාත් සහ කලාප මට්ටමින් අධ්‍යාපන බලධාරීන් සම්බන්ධ කරගනිමින් නිරන්තර අධීක්ෂණයෙන් සිටිය යුතු බවත්, සෑම අවස්ථාවක ම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, ගුවන් හමුදාව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඇතුළු සහාය ගත හැකි සියලු ආයතන සම්බන්ධ කර ගනිමින් මනා සංවිධානයකින් යුතුව මෙම ක්‍රියාවලිය සංවිධානය කරගත යුතු ආකාරය පිළිබඳව ද එහිදී ඇය නිලධාරීන්ව දැනුම්වත් කළා ය.

මෙම සාකච්ඡාවෙන් පසුව මාධ්‍ය හමුවකට එක් වෙමින් අමාත්‍යතුමිය ප්‍රකාශ කළේ අධ්‍යාපන අමාත්‍යාංශය, ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව සහ සියලු බලධාරීන් එක්ව අ.පො.ස. උසස් පෙළට පෙනී සිටින දරුවන්ට විභාගයට පෙනී සිටීමට අවශ්‍ය සියලු පහසුකම් සලසා දෙන බවයි.

එමෙන්ම විභාගය අවසන් කළ සිසුන්ගේ පිළිතුරු පත්‍ර ඉතා ආරක්ෂිතව ඇති අතර මේ වන විටත් ඒවායේ ඇගයීම් කටයුතු ආරම්භ කර ඇති බවත් කිසිදු ආකාරයකින් අනියත බියක් ඇති කර නොගන්නා ලෙසත් ඇය වැඩිදුරටත් සඳහන් කළා ය.

එමෙන්ම මාධ්‍ය හමුවේ දී අධ්‍යාපන ලේකම් නාලක කලුවැව මහතා අදහස් දක්වමින් පෙන්වා දුන්නේ දිවයිනේ සියලුම මුස්ලිම් පාසල් අද සහ හෙට දිනයේ (27-28) වසා තැබෙන බවය.

පාසල් වාරයේ ඉතිරි කොටස ආරම්භ කරන දිනය පසුව මාධ්‍යයට දැනුම් දෙන බවත් පවතින ආපදා තත්ත්වය හමුවේ විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතන වසා තැබීම පිළිබඳ බලය එම උපකුලපතිවරුන්ට ලබා දී ඇති බවත් පැවසීය.

මේ අවස්ථාවේ දී විභාග කොමසාරිස් ජනරාල්තුමිය අදහස් දක්වමින් පෙන්වා දුන්නේ නොවැම්බර් 27, 28, සහ 29 යන දින තුනෙහි පැවැත්වීමට නියමිතව තිබූ විෂයන් පවත්වන දින පිළිබඳ ඉදිරියේ දී දැනුම් දෙන අතර යහපත් කාලගුණයක් පැවතුණහොත් සඳුදා (දෙසැම්බර් 01) පෙර කාලසටහනට අනුවම විභාගය පැවැත්වෙන බවය.

එමෙන්ම විභාග දෙපාර්තමේන්තුවේ ආයතනික විභාග ශාඛාවෙන් නොවැම්බර් 29 වැනි දිනට පැවැත්වීමට නියමිතව තිබූ රෙජිස්ටාර් ජනරාල් සේවයේ I පන්තියේ III ශ්‍රේණියට අයත් සීමිත විෂය ධාරාව යටතේ බඳවා ගැනීමේ තරග විභාගය අයහපත් කාලගුණය හමුවේ කල් දමා ඇති බව ඇය වැඩිදුරටත් පැවසුවාය.

එමෙන්ම නොවැම්බර් මස 30 වැනි දින අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ තාක්ෂණික නොවන කාණ්ඩයේ III ශ්‍රේණියේ ක්‍රීඩා පුහුණු කරන නිලධාරීන්ගේ පළමු කාර්යක්ෂමතා කඩඉම් විභාගය ද කල් දමා තිබේ.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
කොළඹ වරාය ලොව ප්‍රමුඛතම බහාලුම් වරායන් අතර 20 වැනි ස්ථානයට

කොළඹ වරාය ලොව ප්‍රමුඛතම බහාලුම් වරායන් අතර 20 වැනි ස්ථානයට

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..

අමාත්‍යාංශවල එක පුටුවකින් ගෙයක් හදන්න පුළුවන්

අමාත්‍යාංශවල එක පුටුවකින් ගෙයක් හදන්න පුළුවන්

පිළිකා රෝගීන් 75,000කගේ ජීවිත අවදානමේ | Ada Derana

පිළිකා රෝගීන් 75,000කගේ ජීවිත අවදානමේ | Ada Derana

 ජනපති සුරතින් නවෝදයාපුරම් ජනතා අයිතියට...

ජනපති සුරතින් නවෝදයාපුරම් ජනතා අයිතියට...

 මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ | Ada Derana

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ | Ada Derana

ලොව වියළිම කාන්තාරය මල් උයනක් වෙයි

ලොව වියළිම කාන්තාරය මල් උයනක් වෙයි

ලෝකයම කම්පාකළ නේපාලයේ මහා විනාශයේ එදා සහ අද...

ලෝකයම කම්පාකළ නේපාලයේ මහා විනාශයේ එදා සහ අද...

අවසන් රන්දෝලි පෙරහැරේ අසිරිය විඳගත් ජනපති...

අවසන් රන්දෝලි පෙරහැරේ අසිරිය විඳගත් ජනපති...

හිමාලයේ අඩි 17,000ක් ඉහළ සිට කඩා වැටුණු ග්ලැසියරය....

හිමාලයේ අඩි 17,000ක් ඉහළ සිට කඩා වැටුණු ග්ලැසියරය....

බොරුව, රැවටීම සහ ඇන්දවීම ගැන කියාදුන් සජිත්.. ''කෝ මේ ලක්ෂ 12 විට්ස් කාර් එක"

බොරුව, රැවටීම සහ ඇන්දවීම ගැන කියාදුන් සජිත්.. ''කෝ මේ ලක්ෂ 12 විට්ස් කාර් එක"

 රජයේ ඖෂධ පිට විකිණූ ඔසුසැලක් 'උකුස්සා' හෙළිකරයි...විකිණීම තහනම් ඖෂධ 8ක් හමුවෙයි

රජයේ ඖෂධ පිට විකිණූ ඔසුසැලක් 'උකුස්සා' හෙළිකරයි...විකිණීම තහනම් ඖෂධ 8ක් හමුවෙයි

 සලේගේ රැඳවුම් නියෝගය ගැන ආන්දෝලනාත්මක අනාවරණයක්...

සලේගේ රැඳවුම් නියෝගය ගැන ආන්දෝලනාත්මක අනාවරණයක්...

දළදා පෙරහැර තේජවත් කරන තේජවන්තයෝ - පෙරහැර සිරිත විශේෂාංගය 07

දළදා පෙරහැර තේජවත් කරන තේජවන්තයෝ - පෙරහැර සිරිත විශේෂාංගය 07

රටම කතාවෙන සලේට ලැබුණු තීන්දුව...

රටම කතාවෙන සලේට ලැබුණු තීන්දුව...

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

 කුසලින් පිරි  කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

කුසලින් පිරි කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

 ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

 අද සිට ඉර කෙලින් වෙයි

අද සිට ඉර කෙලින් වෙයි

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව

මහනුවර අවසන් පෙරහැර අද - ආසනයක් 40,000යි

මහනුවර අවසන් පෙරහැර අද - ආසනයක් 40,000යි

නිකිණි පුර පසළොස්වක පොහොය අදයි

නිකිණි පුර පසළොස්වක පොහොය අදයි

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෙවුණු වසර පහේදී අලි ඇත්තු 2,353ක් මරුට

ගෙවුණු වසර පහේදී අලි ඇත්තු 2,353ක් මරුට

අත්වැසුම් කම්හලක රසායනයකින් කුඹුරක් නිල් වී කොළඹ - ගම්පහට වතුර කැපෙයි

අත්වැසුම් කම්හලක රසායනයකින් කුඹුරක් නිල් වී කොළඹ - ගම්පහට වතුර කැපෙයි

ත්‍රීවිල් රියදුරන්ගේ වයස ගැනතීන්දුවක් නැහැ

ත්‍රීවිල් රියදුරන්ගේ වයස ගැනතීන්දුවක් නැහැ

දක්ෂිණ අධිවේගයේ කුෂ් අදිමින් සිටි හිටපු SI සහ ගෝලයා තවදුරටත් රිමාන්ඩ්

දක්ෂිණ අධිවේගයේ කුෂ් අදිමින් සිටි හිටපු SI සහ ගෝලයා තවදුරටත් රිමාන්ඩ්

වසර 2ක් තුළ රතු වරෙන්තුකරුවෝ 42ක් දිවයිනට

වසර 2ක් තුළ රතු වරෙන්තුකරුවෝ 42ක් දිවයිනට

ඩුබායි සිට කුදලන් ආ බස් ලලිත්ට චෝදනා වැලක්

ඩුබායි සිට කුදලන් ආ බස් ලලිත්ට චෝදනා වැලක්