header logo
SLIC
සයුරෙන් එතෙර
නවසීලන්තයේ උසම කඳු මුදුනින් වැටී දෙදෙනෙකුට දිවි අහිමිවෙයි
Nov 26, 202511:21 AM
නවසීලන්තයේ උසම කඳු මුදුනින් වැටී දෙදෙනෙකුට දිවි අහිමිවෙයි
EDEX

නවසීලන්තයේ උසම කඳු මුදුනින් වැටී කඳු නැගීමට ගිය පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

විදෙස් වාර්තා වැඩිදුර සඳහන් කළේ, මීටර් 3,724ක් උස කඳු මුදුනට නැගීමට උත්සාහ කළ සිව්දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක දෙදෙනෙකු මෙලෙස අනතුරට ලක්ව ඇති බවය.

අනෙක් පුද්ගලයින් දෙදෙනා හෙලිකොප්ටරයක් ආධාරයෙන් මුදාගැනීමට ආපදා අංශ සමත්ව ඇති බව සඳහන් වෙයි.

මියගිය කඳු නගින්නන්ගේ මළ සිරුරු කඳු නැගීමේ පටි මඟින් සම්බන්ධ වී තිබියදී සොයාගෙන තිබේ.

විදෙස් වාර්තා සඳහන් කර ඇත්තේ, විශාල ඉරිතැලීම් සහ අනපේක්ෂිත කාලගුණයන්ට පළපුරුදු කඳු නගින්නන්ට පවා මෙම දකුණු ඇල්ප්ස් කඳු මුදුනට ඉහළින් පිහිටි අඕරාකි මවුන්ට් කුක් කඳු මුදුනට නැගීම දුෂ්කර බවයි.

මියගිය අයගෙන් එක් අයෙකු ජාත්‍යන්තරව පිළිගත් කඳු නැගීමේ මාර්ගෝපදේශකයෙකු බව ද වාර්තා වෙයි.

වසරකට පමණ පෙර අමෙරිකාවෙන් සහ කැනඩාවෙන් පැමිණි කඳු නගින්නන් තිදෙනෙකු ද මෙහිදී අතුරුදහන් වී ඇති බව විදෙස් වාර්තා කරයි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
Lassana Flora
Spotlight