වියට්නාමයේ ගංවතුරින් මියගිය ගණන 90ක් දක්වා ඉහළට
November 23, 2025 02:44 pm
අධික වර්ෂාවත් සමග වියට්නාමයේ හටගත් ගංවතුර හා නායයෑම් හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 90ක් දක්වා ඉහළ ගොස් තිබේ.
එරට බලධාරීන් පවසන්නේ ආපදා තත්ත්වය හේතුවෙන් තවත් පුද්ගලයින් 12දෙනෙකු අතුරුදන්ව ඇති බවය.
ආපදා තත්ත්වය හේතුවෙන් නිවාස 186,000ක් පමණ විනාශයට පත්ව ඇති අතර පුද්ගලයින් මිලියන 3කට බලපෑම් එල්ල වී ඇත.
පසුගිය 16 වනදා සිට පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් නිවාස 250,000කට පමණ විදුලිය විසන්ධි වී ඇති අතර නාය යෑම් හේතුවෙන් මාර්ග රැසක් ද විනාශයට පත්ව ඇති බව වාර්තා වේ.
වියට්නාමය ගත වූ සති කිහිපය තුළ සුළි කුණාටු තත්ත්වයන් කිහිපයකම බලපෑමට ලක්විය.
