header logo
SLIC
උණුසුම් පුවත්
කොළඹ - නුවර ප්‍රධාන මාර්ගය හෙට පස්වරුව දක්වා වසා තැබේ
Nov 22, 202505:03 PM
කොළඹ - නුවර ප්‍රධාන මාර්ගය හෙට පස්වරුව දක්වා වසා තැබේ
EDEX

පහළ කඩුගන්නාව, ගනේතැන්න ප්‍රදේශයේ වෙළෙඳසැලක් මතට අද (22) පෙරවරුවේ පස් කන්දක් කඩාවැටීම හේතුවෙන් වසා දැමුණු කොළඹ - නුවර ප්‍රධාන මාර්ගය ගනේතැන්න ප්‍රදේශයෙන් හෙට පස්වරුව දක්වාම වසා තැබෙන බව කෑගල්ල දිස්ත්‍රික් ලේකම් ජගත් එම් හේරත් මහතා පවසයි.

සිද්ධිය සම්බන්ධව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැවසීය.

අනතුර සිදුවූ ස්ථානයේ මාර්ගය තවදුරටත් විවෘත කළ නොහැකි වී ඇත්තේ නායයාමේ ස්ථානය ආශ්‍රිතව විශාල ගලක් කොන්ක්‍රීට් කණු අතර රැඳි පවතින බවත් පැවසූ දිස්ත්‍රික් ලේකම්වරයා පැවසුවේ එය කුමන හෝ අවස්ථාවක පහළට පැමිණීමේ අවදානමක් පවතින බවය.

මේ හේතුවෙන් එම මාර්ග හරහා ගමන් ගන්නා රථ වාහන විකල්ප මාර්ග හරහා ධාවනය කරවීමට පියවර ගන්නා බවත් ඒ මහතා පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කෑගල්ල දිස්ත්‍රික් ලේකම් ජගත් එම් හේරත් මහතා,

"මාර්ගය දෙපැත්තෙන්ම අපි වහලා තියෙන්නේ. අපි උත්සාහා කරනවා ඉරිදා දින හවස්වරුව වෙනකොට කොහොම හරි මේක විවෘත කරගන්න. මොකද ලොකු ගල් කුට්ටියක් තාම අස්ථාවර විදිහට තියෙන්නේ. ඒක කොන්ක්‍රීට් කණු උඩ රැඳිලා තියෙන්නේ. සමහරවිට ඒක නැවතත් පහළට පතිත වීමේ ඉඩක් තියෙනවා. ඒ නිසා මාර්ගය දැනට විවෘත කරන්න තරම් අපිට ආරක්ෂාකාරී නෑ. ඒ නිසා අපි පොලිස් නිලධාරීන් යොදවලා එන වාහන අතුරුමාර්ග වෙත යොමු කරලා ගමන් පහසුව සලසා දී තිබෙනවා.

ඒ වගේම සඳුදා දිනයේ අපිට ගැටලුවක් තියෙනවා උසස් පෙළ සිසුන් විභාගය සඳහා යන දරුවන් එනවා. ඒ නිසා ඒ අය වෙනුවෙන් අපි බලාපොරොත්තු වෙනවා මාර්ගයේ කොටසක් විවෘත කරලා, මාවනැල්ල ඩිපෝවෙන් බස් රථ ආරම්භ කරලා ඒ දරුවන් සහ විශේෂයෙන්ම ගුරු භවතුන් සඳහා මාර්ගයේ කොටසක් හෝ විවෘත කරලා දෙන්න."

https://youtu.be/-D_WOwcJKHQ
MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 මාරවිල උණුසුම් කළ පුද්ගලික කෝන්තරය

මාරවිල උණුසුම් කළ පුද්ගලික කෝන්තරය

කාලගුණයේ අලුත්ම දැනුම්දීම

කාලගුණයේ අලුත්ම දැනුම්දීම

චීන අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී පිම්මක්...රොකට්ටුවේ පළමු කොටස සාර්ථකව ගොඩබැස් වූ හැටි

චීන අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී පිම්මක්...රොකට්ටුවේ පළමු කොටස සාර්ථකව ගොඩබැස් වූ හැටි

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

 පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

 ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

 හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

 “සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

“සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

 'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

 "කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

"කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

 හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

 "යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

"යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට