
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ගමනාගමන කටයුතු වැලිගම දක්වා සීමා කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
ඊයේ (21) පස්වරු 02.05ට මාතර සිට මරදාන දක්වා ධාවන වූ මන්දගාමී දුම්රියක් කඹුරුගමුව හා වැලිගම දුම්රිය ස්ථාන අතර පීලි පැනීමට ලක්ව ඇත.
කෙසේ නමුත් දුම්රිය කාර්යමණ්ඩලය නැවත එහි පීලිගත කිරීම් සිදුකළ නමුත් එම දුම්රිය නැවත එම ස්ථානයේම පීලි පැනීමකට ලක්ව තිබේ.
ඒ අනුව එම දුම්රිය යළිත් පීලිගත කිරීමේ කටයුතු මේ වන විටත් සිදුවනු ඇති බවත් එම දෙපාර්තමේන්තුව සඳහන් කර තිබේ.
මේ හේතුවෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමන කටයුතු කොළඹ සිට වැලිගම දක්වා සීමා කෙරෙන බවත් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.


















































