header logo
SLIC
උණුසුම් පුවත්
පුත්තලම මූලික රෝහල දිස්ත්‍රික් මහ රෝහලක් ලෙස උසස් කිරීමේ තීරණයක්
Nov 21, 202510:16 AM
පුත්තලම මූලික රෝහල දිස්ත්‍රික් මහ රෝහලක් ලෙස උසස් කිරීමේ තීරණයක්
EDEX

පුත්තලම මූලික රෝහල දිස්ත්‍රික් මහ රෝහලක් ලෙස උසස් කිරීමට රජය තීරණය කර ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

අද (21) පාර්ලිමේන්තුවේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේය.

එහිදී අමාත්‍යවරයා පවසා සිටියේ, "අපේ රටේ සියලුම දිස්ත්‍රික්කයන් ගත් විට, ප්‍රධාන නගරයේ දිස්ත්‍රික් මහ රෝහලක් නැති එක දිස්ත්‍රික්කය පුත්තලම. ඒ වගේම පුත්තලම දිස්ත්‍රික්කයේ ජනගහන ව්‍යාප්තිය, වෙන දිස්ත්‍රික්කවල ජනතාව පැමිණීම ආදිය සියලු කාරණා සලකා බැලීමෙන් එය දිස්ත්‍රික් මහ රෝහලක් බවට උසස් කිරීම සඳහා වන ධනාත්මක සාධක තියෙනවා." යනුවෙනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා,

"අපේ රටේ රෝහල් උසස් කිරීමේදී විද්‍යානූකූල පදනමකින්ම නෙමෙයි වෙලා තියෙන්නේ. අපි මූලික රෝහලක් B, A, හෝ දිස්ත්‍රික් මහ රෝහලක් බවට පත් කරනවානම් අනිවාර්ය අවශ්‍යතාවය ඒකට අදාළ කරන විෂේඥ වෛද්‍ය සේවාවන් අපිට සැපයිය හැකිද? නොහැකිද ? ඒකට අපිට පහසුකම් පවතිනවාද ? අවශ්‍යතාවය කුමක්ද ? බලන්න ඕනේ. ඒ කියන්නේ අපිට තමන්ගේ ආසනයේ මූලික රෝහලක් හදාගැනීමේ අවශ්‍යතාවය දේශපාලන අධිකාරියට පවතින්න පුළුවන්. නමුත් රටේ ජාතික සැලැස්මට අනුව තමයි කටයුතු සිදුවන්නේ. කොහෙම වුණත් මේ මූලික රෝහල් 82කට අවශ්‍ය පහසුකම් පියවරෙන් පියවර ලබාදෙනවා. හැබැයි මෙතනින් එහාට රෝහල් උසස් කිරීමේදී දැඩිව සැලකිලිමත් වෙනවා. එකක් ජනගහන ව්‍යාප්තිය, දෙක භූගෝලිය අවශ්‍යතාවය, තුන අපේ ජාතික සැලැස්මට කොතරම් අනුකූලයිද කියන එක."

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
Lassana Flora
Spotlight