header logo
SLIC
උණුසුම් පුවත්
අරගලය ප්‍රජාතන්ත්‍රවාදීව මර්දනය කළ හැටි රනිල් කියයි
Nov 21, 202507:31 AM
අරගලය ප්‍රජාතන්ත්‍රවාදීව මර්දනය කළ හැටි රනිල් කියයි
EDEX

මෙරට පැවති අරගලය ප්‍රජාතත්ත්‍රවාදීව මර්දනය කළ බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ, එවැනි අරගල සඳහා ජාත්‍යන්තර බලවේගයන්හී සහාය තිබුණත් නැතත් ඒවාට යටත් නොවී කටයුතු කළ යුතු බවය.

කොළඹ පැවති උත්සවයකට එක්වෙමින් රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කියා සිටියේය.

"අපි ඔක්කෝම ක්‍රියාත්මක කරපු නිසා අපිට මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න පුළුවන් වුණා. බංග්ලාදේශයේත් ප්‍රශ්නයක් ඇති වුණා. එතැන පාරට බැස්සා අන්තිමට ආණ්ඩුවට වෙඩි තියන්න වුණා. අපිට තරම් උග්‍ර ප්‍රශ්නයක් නෙමෙයි. නේපාලයේ බලන්න සමාජමාධ්‍ය පාලනය කිරීම ගැන. එතැනින් ඇති වුණේ ප්‍රශ්නය. මේවා නෙමෙයි අපිට තිබුණේ ඊට වඩා උග්‍ර ප්‍රශ්න. කෙසේ හෝ ඒක ප්‍රජාතන්ත්‍රවාදය තුළින් ආරක්ෂා කරන්න අපි ක්‍රියා කළා. අපිට ඒක කරන්න පුළුවන් වුණා. අරගලය මර්දනය කරා කියලා බීබීසියෙන්, අල්ජසීරා එකෙන් හැමතැනින්ම කිව්වා. කොච්චර මර්දනය කරාද කිව්වොත් ඊළඟ ජනාධිපතිවරණයෙන් මම පැරදුනා. ඒවාගේ සාර්ථක මර්දනය කිරීමක් මම හිතන්නේ නෑ ලෝකයේ කොහේවත් ඇති වුණා කියලා. අපි යන මාර්ගය අපි හදාගන්න ඕනේ. පිටින් කියන විදියට ඒවා කරන්න බෑ. දැන් තව ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා අපේ ප්‍රදේශයට ආසියාවෙන් මේ බලවේග තියෙනවා ද කියලා පිටිපස්සෙන්. අපි ඒවා එකකටවත් යටත් නොවී අපිටම පුළුවන් වුණා මේ ප්‍රශ්නය විසඳා ගන්න."

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ රනිල් වික්‍රමසිංහ මහතා,

"ආර්ථිකයත් හැදුවා. රටේ ඉල්ලීම් තිබුණා එතැන ගෝල්ෆේස් පිට්ටනිය, අරගලය, රට වටේම අපිට පොහොර දෙන්න, අපිට කෑම දෙන්න අපිට ඉන්ධන දෙන්න කියලා. ඒ තුනම ලබලා දුන්නා. ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න කිව්වා. ඒකත් කරා. දුෂණය නැති කරන්න කිව්වා. දුෂණ විරෝධී පනත සම්මත කරා. එකක් මතක තියා ගන්න, ආසියාවේ පරණම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය තමා ලංකාව. අපි මේක අගය කරන්න ඕනේ. මේක ආරක්ෂා කරන්න ඕනේ. ඉදිරියට ගෙනියන්න ඕනේ. ඕනෑම ආණ්ඩුවක යුතුකමක් ඒක. ඒක කරන්න බැරිනම් ආණ්ඩුවකට කියන්න බෑ අපි පාලනය කරනවා කියලා."

https://youtu.be/XB_Ux8yxIVY
MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
Lassana Flora
Spotlight