header logo
Vallibel FD
උණුසුම් පුවත්
ඊ වීසා ගනුදෙනුව ගැන ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම් කැඳවීමට දිනදෙයි
Nov 20, 202501:43 PM
ඊ වීසා ගනුදෙනුව ගැන ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම් කැඳවීමට දිනදෙයි
Mobitel 1278

ඉකුත් රජය සමයේ විද්‍යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය පෞද්ගලික සමාගම් වලට පැවරීමට හිටපු අමාත්‍ය මණ්ඩලය විසින් ගෙන තිබූ තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්. ඒ. සුමන්දිරන්, පාටලී චම්පික රණවක සහ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් ඇතුළු පිරිසක් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් පෙබරවාරි මස 09 වනදා යළි කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබේ.

මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් අද (20) අචල වෙංගප්පුලි, සම්පත් අබේකෝන් සහ සම්පත් විජේරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් විවේකා සිරිවර්ධන මහත්මිය අධිකරණයට දැනුම් දුන්නේ එම නඩුකරවල පළමුවන වගඋත්තරකරු ලෙස නම් කර සිටින ආගමන හා විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය මහතා වෙනුවෙන් පෙනී සිටීම සඳහා ඉදිරිපත් කර තිබූ "පෙරකළාසිය" ඉවත් කරගන්නා බවය.

ඒ අනුව එම වගඋත්තරකරු වෙනුවෙන් නීතිපතිවරයා තවදුරටත් පෙනී නොසිටින බවත් ඇය අධිකරණයට දැනුම් දුන්නාය.

ඉන් අනතුරුව වගඋත්තරකරුවන් කීප දෙනෙකු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුකරය සදහා රජයේ විගණකාධිපතිවරයාගේ වාර්තාවක් ඉදිරිපත් කර ඇති බවත් ඒ සම්බන්ධයෙන් තමන්ට නිරීක්ෂණ ඉදිරිපත් කිරීමට කාලය අවශ්‍ය බව දන්වා සිටියහ.

ඒ අවස්ථාවේදී පෙත්සම්කාර හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම ඊ වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව විසින් සම්මත කළ යෝජනාවකට අනුව රජයේ විගණකාධිපතිවරයා විසින් විගණනයක් සිදුකර වාර්තාවක් ඉදිරිපත් කර තිබෙන බව සඳහන් කළේය.

ඉකුත් වසරේ අප්‍රේල් මස 17 වනදා සිට අගෝස්තු මස 02 වනදා දක්වා මෙම ඊ වීසා ක්‍රියාවලිය ක්‍රියාත්මක වූ කාලසීමාව තුළ රටට සිදුවූ හානිය පිළිබඳව රජයේ විගණකාධිපතිවරයා එම වාර්තාව තුළින් සවිස්තරව කරුණු දක්වා ඇතැයි සඳහන් කළ පාටලී චම්පික රණවක මහතා එවැනි වාර්තාවක් ඉදිරිපත් කිරීමට රජයේ විගණකාධිපතිවරයාට පූර්ණ බලය තිබෙන බවත් සඳහන් කළේය.

මෙහිදී රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය ද අධිකරණයට දැනුම් දුන්නේ විගණකාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ එම වාර්තාවේ සඳහන් නිර්දේශවලට අනුව කටයුතු කරන ලෙස නීතිපතිවරයා විසින් අදාල අංශවලට දැනුම් දී ඇති බවය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල මෙම නඩුකරවලට අදාළව රජයේ විගණකාධිපතිවරයා විසින් ඉදිරිපත් කර තිබෙන වාර්තාවේ අන්තර්ගතය පිළිබඳව අධ්‍යයනය කර ඊට අදාළව නිරීක්ෂණ ඉදිරිපත් කිරීම සඳහා වග උත්තරකාර පාර්ශවයේ නීතිඥවරුන්ට කල් ලබා දුන්නේය.

ඒ අනුව එම නිරීක්ෂණ ලිඛිතව ගොනු කරන ලෙසත් ඉන් අනතුරුව මෙම නඩුකර පෙබරවාරි මස 09 වනදා යළි කැඳවන බවද විනිසුරු මඩුල්ල නියෝග කර තිබේ.

පෙත්සම්කරු කියා සිටින්නේ හා විගමන දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක කළ විද්‍යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය ඉකුත් රජය සමයේ අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණයකට අනුව පෞද්ගලික සමාගම්වලට පැවරීමට තීන්දු කෙරුණු බවය.

එම ක්‍රියාවලිය පෞද්ගලික අංශයට පැවරීම තුළින් රජයට අතිවිශාල පාඩුවක් සිදුවූ බවත් මේ තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට බවට තීන්දුවක් ලබා දන ලෙසත් ඉල්ලා මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කර ඇත.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 ක්‍රිකට් තරු බිහිකළ කොළඹ මහානාමයට තමත් ක්‍රිකට් පිටියක් නෑ...

ක්‍රිකට් තරු බිහිකළ කොළඹ මහානාමයට තමත් ක්‍රිකට් පිටියක් නෑ...

එල්නිනෝ තවත් දිස්ත්‍රික්කයකට රිද්දයි - වගාවන් නැත්තටම නැතිකරයි

එල්නිනෝ තවත් දිස්ත්‍රික්කයකට රිද්දයි - වගාවන් නැත්තටම නැතිකරයි

මහ පාන්දර වේගය උදුරාගත් තරුණ ජීවිතය - වැදුන පාරට හොයා ගන්නත් නෑ...

මහ පාන්දර වේගය උදුරාගත් තරුණ ජීවිතය - වැදුන පාරට හොයා ගන්නත් නෑ...

 මහ රෑ ගිනි පත්තු වුණු තණමල්විල | අයෙකු රෝහලට - නවතම දර්ශන

මහ රෑ ගිනි පත්තු වුණු තණමල්විල | අයෙකු රෝහලට - නවතම දර්ශන

ශිරන්තිට ලැබුණු අවසරය ගැන විජිත කියයි

ශිරන්තිට ලැබුණු අවසරය ගැන විජිත කියයි

2026 රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

2026 රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

22 උණුසුම් කළ මැතිසබය - සජිත්ගේ විරෝධයෙන් කැලඹෙයි | Ada Derana

22 උණුසුම් කළ මැතිසබය - සජිත්ගේ විරෝධයෙන් කැලඹෙයි | Ada Derana

සමාජ විරෝධී විකෘති අදහස් ඇති FB ගෘප් එකක 18 හැවිරිදි ඇඩ්මින් පොලීසියෙන් අල්ලයි | Ada Derana

සමාජ විරෝධී විකෘති අදහස් ඇති FB ගෘප් එකක 18 හැවිරිදි ඇඩ්මින් පොලීසියෙන් අල්ලයි | Ada Derana

මාලිමාව පරද්දන පොදු අපේක්ෂකයා - ''මතක තියා ගන්න අපි කෑලි කෑලිවලට කැඩෙන්න බලාපොරොත්තුවක් නෑ''

මාලිමාව පරද්දන පොදු අපේක්ෂකයා - ''මතක තියා ගන්න අපි කෑලි කෑලිවලට කැඩෙන්න බලාපොරොත්තුවක් නෑ''

fm දෙරණ දඹදිව වන්දනා වරම් 10 වන අදියර - සැදැහැවතුන් බිහාර් ප්‍රාන්තයට | Ada Derana

fm දෙරණ දඹදිව වන්දනා වරම් 10 වන අදියර - සැදැහැවතුන් බිහාර් ප්‍රාන්තයට | Ada Derana

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන් ආණ්ඩුවට අනතුරු ඇඟවීමක් හෙට දීපව්‍යාප්ත වැඩවර්ජනයක්...

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන් ආණ්ඩුවට අනතුරු ඇඟවීමක් හෙට දීපව්‍යාප්ත වැඩවර්ජනයක්...

 අධිකරණයට රැගෙන ආ ශිරාන් බාසික් නඩුව ඔක්තෝබර් 2ට කල්යයි

අධිකරණයට රැගෙන ආ ශිරාන් බාසික් නඩුව ඔක්තෝබර් 2ට කල්යයි

බන්ධනාගාර බසයෙන් පාර්ලිමේන්තු ආ නාමල් - ''මම පාර්ලිමේන්තුවේ දී කියන්නම්...මෙතෙන බෑ'' | Ada Derana

බන්ධනාගාර බසයෙන් පාර්ලිමේන්තු ආ නාමල් - ''මම පාර්ලිමේන්තුවේ දී කියන්නම්...මෙතෙන බෑ'' | Ada Derana

ලාභ ලබපු සෙවනගල සීනි කම්හල ඇයි වැහුවේ? - ''25 පඩිත් අරගෙන උද්ඝෝෂණ කළේ'' | Ada Derana

ලාභ ලබපු සෙවනගල සීනි කම්හල ඇයි වැහුවේ? - ''25 පඩිත් අරගෙන උද්ඝෝෂණ කළේ'' | Ada Derana

බලය ගන්න කලින් කියපු ව්‍යවස්ථා සංශෝධනය කෝ? - ''අවසාන target එක ඒක'' | Ada Derana

බලය ගන්න කලින් කියපු ව්‍යවස්ථා සංශෝධනය කෝ? - ''අවසාන target එක ඒක'' | Ada Derana

Lassana Flora
Spotlight
නාමල් අද පාර්ලිමේන්තු එයි | Ada Derana

නාමල් අද පාර්ලිමේන්තු එයි | Ada Derana

හිටපු ඇමති කුමාර ජයකොඩිට එරෙහි අල්ලස් නඩුව - රු. ලක්ෂ 88ක් ගෙව්වත් කාපට් ඇතිරුවේ නෑ | Ada Derana

හිටපු ඇමති කුමාර ජයකොඩිට එරෙහි අල්ලස් නඩුව - රු. ලක්ෂ 88ක් ගෙව්වත් කාපට් ඇතිරුවේ නෑ | Ada Derana

මේ මස අවසානයේ සිට ගිඟුරුම් සහිත වැසි | Ada Derana

මේ මස අවසානයේ සිට ගිඟුරුම් සහිත වැසි | Ada Derana

යුද සමයේ අපරාධ විමර්ශන අන්තිමයි - මානව හිමිකම් ලොක්කා ලංකාවට දෙහි කපයි | Ada Derana

යුද සමයේ අපරාධ විමර්ශන අන්තිමයි - මානව හිමිකම් ලොක්කා ලංකාවට දෙහි කපයි | Ada Derana

22 විභාගයට නොගැනීමෙන් මුලික අයිතිවාසිකම් කැඩුණා - ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් | Ada Derana

22 විභාගයට නොගැනීමෙන් මුලික අයිතිවාසිකම් කැඩුණා - ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් | Ada Derana

තවත් අයිස් කන්ටේනර් 2ක් අල්ලන්න සීරුවෙන් - එකක් වාරයේ : අනෙක නැවේ  | Ada Derana

තවත් අයිස් කන්ටේනර් 2ක් අල්ලන්න සීරුවෙන් - එකක් වාරයේ : අනෙක නැවේ | Ada Derana

අයිතිකරුවන්ට හොරෙන් බැංකු ගිණුම් 10,000ක් මූල්‍ය වංචාවල - CIDයට පැමිණි ගලා එයි | Ada Derana

අයිතිකරුවන්ට හොරෙන් බැංකු ගිණුම් 10,000ක් මූල්‍ය වංචාවල - CIDයට පැමිණි ගලා එයි | Ada Derana

ලංගමට තවත් බස් 800ක් මෙට්‍රො බස් 50කුත් එකතු වෙයි | Ada Derana

ලංගමට තවත් බස් 800ක් මෙට්‍රො බස් 50කුත් එකතු වෙයි | Ada Derana

මීට පස්සේ 'වාසනා' හැම පෙරහැරටම බැහැ | Ada Derana

මීට පස්සේ 'වාසනා' හැම පෙරහැරටම බැහැ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

 අපේ ආණ්ඩුව මහා රැලි අද අරඹයි

අපේ ආණ්ඩුව මහා රැලි අද අරඹයි

පොහොට්ටුවේ ජනරැලිය නාමල් නැතුව

පොහොට්ටුවේ ජනරැලිය නාමල් නැතුව

නාමල් රිමාන්ඩ් ජෝනිට ඇප

නාමල් රිමාන්ඩ් ජෝනිට ඇප

 නේටෝ ලංකාවට ! කොමියුනිස්ට් පක්ෂයෙන් හෙළිදරවුවක්

නේටෝ ලංකාවට ! කොමියුනිස්ට් පක්ෂයෙන් හෙළිදරවුවක්

 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana