දකුණු කොරියානු මගී යාත්රාවක් ගල්පරයක ගැටී අනතුරක්
November 19, 2025 09:27 pm
දකුණු කොරියානු මගී නෞකාවක් අද (19) පස්වරුවේ එරට ගිනිකොනදිග වෙරළට ඔබ්බෙන් වූ මුහුදේ ගල්පරය ගැටී අනතුරක් සිදුව තිබේ.
කෙසේ නමුත් අනතුරත් සමග ගලවාගැනීම් කඩිනම්ව සිදුවීම හේතුවෙන් එහි සිටි මගීන් 246 දෙනාගේම දිවි බේරාගැනීමට හැකි වූ වෙරළාරක්ෂක බළකාය පවසයි.
ජෙජු නිවාඩු නිකේතනයේ සිට මොක්පෝ වරාය නගරය වෙත ගමන් කරමින් සිටි ක්වීන් ජෙනුවියා 2 නම් නෞකාව මෙලෙස ගැටී ඇත.
අනතුරත් සමග නෞකාව සිරවී ඇති වුවත්, එය ගිලී යාමේ හෝ පෙරළීමේ අවදානමක් නොමැති බව සඳහන්.
අනතුරෙන් පස් දෙනෙකු පමණක් සුළු තුවාල ලබා තිබේ.
දකුණු කොරියානු අගමැති කිම් මින්-සොක් ද නියෝග කර ඇත්තේ නෞකාවේ පිරිස් බේරාගැනීම සඳහා ඇති සියලුම යාත්රා යොදවන ලෙසය.
ටොන් 26,000ක් බරැති මෙම නෞකාවේ මගීන් 246 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 21 සිට ඇත.
මෙම අනතුර සිදු වූ ස්ථානය ආසන්නයේ 2014 දී සිදු වූ නෞකා අනතුරකින් 300කට අධික පිරිසක් මියගොස් තිබේ.
