වියට්නාමයේ නායයෑමකින් පුද්ගලයින් 7ක් ජීවිතක්ෂයට
November 18, 2025 05:06 pm
වියට්නාමයේ කාන්හෝවා ප්‍රදේශයේ ඊයේ (17) සිදුවූ නායයෑමකින් පුද්ගලයින් 7 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
කාන්හෝවා ප්‍රදේශයේ ගමන් කරමින් සිටි බස් රථයක් මතට මෙම නායයෑමින් කඩා වැටුණු පස් වැටීම නිසා මෙලෙස ජීවිත හානි සිදු වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එහිදී තවත් පුද්ගලයින් කිහිපදෙනෙකු පස්වලට යටවීම හේතුවෙන් අතුරුදන්ව ඇති බව ද විදෙස් වාර්තා සඳහන් කරයි.
වියට්නාමයට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ මෙම නායයෑම් සිදුව ඇත.
අතුරුදන් වු පුද්ගලයින් සොයා මේ වන විට මෙහෙයුම් ආරම්භ කර ඇති බව වැඩිදුර සඳහන්ය.
තවද, වියට්නාමයේ මධ්‍යම කඳුකරයේ ප්‍රධාන මාර්ගවල අධික වැසි හේතුවෙන් නායයෑම් කිහිපයක් ඇති වී ඇති අතර කඳුකර මාර්ග කිහිපයක ගමනාගමනය අත්හිටුවා ඇති බව එරට රාජ්‍ය මාධ්‍ය පවසයි.
