header logo
SLIC
උණුසුම් පුවත්
දේශීය අර්තාපල් ගොවීන්ගේ ගැටලු විසඳීමට වැඩපිළිවෙළක්
Nov 18, 202505:03 PM
දේශීය අර්තාපල් ගොවීන්ගේ ගැටලු විසඳීමට වැඩපිළිවෙළක්
Mobitel 1278

දේශීය අර්තාපල් ගොවීන්ගේ ගැටලු විසඳීමට ක්‍රමවත් වැඩපිළිවෙළක් සකස් කිරිම සඳහා සාකච්ඡාවක් අද (18) ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

ඒ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත සහ වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් වන අතර මෙම සාකච්ඡාව සඳහා අර්තාපල් ගොවීන් එක්ව සිටියේය.

අර්තාපල් ගොවීන් මුහුණ පා ඇති ගැටලු විසඳීමේදි ගොවීන් පිළිබඳ වැඩි අවධානයක් යොමු කර, පාරිභෝගික ජනතාවටත් අසාධාරණයක් නොවන පරිදි ඊට විසඳුම් සෙවීමට ආහාර සුරක්ෂිතතා කමිටුව තීරණය කළ බව කෘෂිකර්ම,පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා මෙහිදී පැවසීය.

මෙම ගැටලුව විසඳීමේදි ආණ්ඩුවත්, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවත්, ගොවියාත් පාර්ශ්ව තුනක් ලෙස වෙන-වෙනම කටයුතු නොකර, සියලු දෙනා එකම වේදිකාවක එකම අවශ්‍යතාවක් වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායමක් සේ කටයුතු කළ යුතු බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

අර්තාපල් නිෂ්පාදන පිරිවැය ඉතා ඉහළ අගයක් ගන්නා බවත්, ඉන් 40%ක් බීජ මිලදී ගැනීමේ වියදම බවත් මෙහිදී ගොවීහු පෙන්වා දුන්හ. වගාවට පොහොර යෙදීමේ අක්‍රමවත් බව, නිසි ප්‍රමිතියෙන් තොර පොහොර සහ කෘෂි යෙදවුම් නිසා අස්වැන්න පහත වැටීම, උසස් ප්‍රමිතියෙන් යුත් බීජ නොමැති වීම යන ගැටලු ප්‍රධාන වශයෙන් අර්තාපල් නිෂ්පාදන වියදම ඉහළ යාමට හේතු වී ඇති බවද ඔවුහු පෙන්වා දුන්හ.

මෙතෙක් කලක් අර්තාපල් ගොවීන්ගේ ගැටලු සම්බන්ධයෙන් කිසිදු රජයක් මෙවැනි සාකච්ඡාවක් ලබා නොදුන් බවත්, තම ගැටලුවලට වත්මන් රජය යටතේ විසඳුම් ලැබෙනු ඇතැ'යි අපේක්ෂා කරන බවත් ඔවුහු වැඩිදුරටත් පැවසූහ.

මෙහිදී ඉදිරිපත් වු කරුණු සාකච්ඡාවට ලක් කිරිමෙන් පසු සතොස සමඟ එක්ව අර්තාපල් මිලදී ගැනීමේ යාන්ත්‍රණයක් සකස් කිරිමටත්, අර්තාපල් කිලෝවක් රුපියල් 200ත් 300ත් අතර මිලකට මිලදී ගැනීමටත්, ආනයනික අර්තාපල් සඳහා පනවන බද්ද වැඩි කිරිමටත් සලකා බලන බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සඳහන් කළේය.

ගොවීන්ට සහනාධාරයක් ලබා දීම කෙරෙහිද අවධානය යොමු කරන බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත මහතා සඳහන් කළ අතර, අර්තාපල් නිෂ්පාදන වියදම අඩු කිරිම සඳහා නිසි ප්‍රමිතියෙන් යුත් පොහොර සහ කෘෂි යෙදවුම් සැපයීමටත්, උසස් ප්‍රමිතියෙන් යුත් බීජ නිෂ්පාදනයටත් ගොවීන් සමඟ එක්ව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යටතේ ඉදිරියේදි වැඩපිළිවෙළක් සකස් කරන බවද පැවසීය.

අර්තාපල් ගොවීන් සම්බන්ධයෙන් වන රජයේ මැදිහත්වීම් ක්‍රමවත් කිරිම සඳහා ගොවීන් ලියාපදිංචි කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කරන බවත්, ගොවි ගැටලු විසඳීමට කෙටිකාලීන, මධ්‍යකාලීන සහ දිගුකාලීන විසඳුම් ලබා දෙමින්,එම ගැටලු කඩිනමින් විසඳීමට කටයුතු කරන බවත් අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත මහතා වැඩිදුරටත් පැවසිය.

රටේ වාර්ෂික අර්තාපල් පරි‍භෝජනය මෙට්‍රික් ටොන් 225,000ක් පමණ වන අතර, එයින් මෙරට නිෂ්පාදනය කෙරෙනුයේ දළ වශයෙන් මෙට්‍රික් ටොන් 70,000ක්- 80,000ක් පමණ වන බවත්, ඒ අනුව, ඉතිරි ප්‍රමාණය ආනයනය කිරීමට සිදු වන බවත් කෘෂිකර්ම අමාත්‍යාංශ නිලධාරීහු සංඛ්‍යා දත්ත හුවා දක්වමින් පෙන්වා දුන්හ.

කෘෂිකර්ම සහ පශුසම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න, කෘෂිකර්ම, පශුසම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ඩී.පී. වික්‍රමසිංහ යන මහත්වරු සහ කාෂිකර්ම අමාත්‍යාංශයේ සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීහු පිරිසක්ද, බදුල්ල සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල අර්තාපල් ගොවීන් නියෝජනය කරමින් ගොවීහු පිරිසක්ද මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 දැඩි රැකවල් මැද කෙහෙල්බද්දර පද්මේ අධිකරණයට රැගෙන ආ හැටි

දැඩි රැකවල් මැද කෙහෙල්බද්දර පද්මේ අධිකරණයට රැගෙන ආ හැටි

 එල් නිනෝ නිසා විනාශ වුණු වගාවන්ට වන්දි ලැබෙන විදිය..

එල් නිනෝ නිසා විනාශ වුණු වගාවන්ට වන්දි ලැබෙන විදිය..

ඩුබායි රටෙන් කුදලන් ආ බස් ලලිත් CCIBයට රැගෙන ආ හැටි

ඩුබායි රටෙන් කුදලන් ආ බස් ලලිත් CCIBයට රැගෙන ආ හැටි

මහනුවර දෙවැනි රන්දෝලිය හැඩ කරමින් ගාම්භීරව සඳගලින් බැස ගිය සිංහරාජා... | Ada Derana

මහනුවර දෙවැනි රන්දෝලිය හැඩ කරමින් ගාම්භීරව සඳගලින් බැස ගිය සිංහරාජා... | Ada Derana

''ජරාම ජරා කෑම එන්නේ...බඩු ඔක්කොම නරක් වෙච්ච ඒවා'' - නිලධාරීන් සෝදිසි කළාට එයාලට යටින් ගාණ එනවා''

''ජරාම ජරා කෑම එන්නේ...බඩු ඔක්කොම නරක් වෙච්ච ඒවා'' - නිලධාරීන් සෝදිසි කළාට එයාලට යටින් ගාණ එනවා''

කාලගුණයෙන් විශේෂ අනාවරණයක් - ඉදිරි මාස 8 ලංකාවට තීරණාත්මකයි | Ada Derana

කාලගුණයෙන් විශේෂ අනාවරණයක් - ඉදිරි මාස 8 ලංකාවට තීරණාත්මකයි | Ada Derana

අල්ලස් කොමිසමට ආ ශ්‍රීලන්කන් හිටපු ලොක්කා | Ada Derana

අල්ලස් කොමිසමට ආ ශ්‍රීලන්කන් හිටපු ලොක්කා | Ada Derana

මාලිමාවට බලය හිමි තලාව ප්‍රාදේශීය සභාවට ගම්මුන්ගෙන් ආ විරෝධය | Ada Derana

මාලිමාවට බලය හිමි තලාව ප්‍රාදේශීය සභාවට ගම්මුන්ගෙන් ආ විරෝධය | Ada Derana

වැරදීමකින් වැටුණු මාංචු | Ada Deranav

වැරදීමකින් වැටුණු මාංචු | Ada Deranav

කොළඹට ජලය ලබාදීම ගැනත් දැනුම්දීමක්...

කොළඹට ජලය ලබාදීම ගැනත් දැනුම්දීමක්...

එල්නිනෝ බලපෑම ගැන අලුත්ම නිවේදනය

එල්නිනෝ බලපෑම ගැන අලුත්ම නිවේදනය

සදා මතකයෙන් නොමැකෙන සිද්ධාර්ථ නාමය...

සදා මතකයෙන් නොමැකෙන සිද්ධාර්ථ නාමය...

සිනහව කඳුලක් කරමින් 5කට මරු කැඳවූ මොනරාගල අනතුරට මොහොතකට පෙර...

සිනහව කඳුලක් කරමින් 5කට මරු කැඳවූ මොනරාගල අනතුරට මොහොතකට පෙර...

පොලීසියෙන් බේරෙන්න හොරණ ඉඳන් පැල්මඩුල්ලට පයින් ගිය ඝාතකයා - අද දෙරණට ලැබුණ සුවිශේෂ වීඩියෝවක්

පොලීසියෙන් බේරෙන්න හොරණ ඉඳන් පැල්මඩුල්ලට පයින් ගිය ඝාතකයා - අද දෙරණට ලැබුණ සුවිශේෂ වීඩියෝවක්

පළමු රන්දෝලියේ වීථි සංචාරය අද - අවසන් කුඹල් පෙරහැර හැඩ කළ සිංහරාජා | Ada Derana

පළමු රන්දෝලියේ වීථි සංචාරය අද - අවසන් කුඹල් පෙරහැර හැඩ කළ සිංහරාජා | Ada Derana

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 සීගිරියේ ගල් පඩි 547ක් ගෙවීයෑමේ අවදානමක්

සීගිරියේ ගල් පඩි 547ක් ගෙවීයෑමේ අවදානමක්

දළදා පෙරහැරේ ආසනයක මිල 50,000කට නැගලා - දෙස් විදෙස් ජනතාවගෙන් චෝදනා

දළදා පෙරහැරේ ආසනයක මිල 50,000කට නැගලා - දෙස් විදෙස් ජනතාවගෙන් චෝදනා

මාස 8ට සංචාරකයෝ ලක්ෂ 14.5ක් ඇවිත්

මාස 8ට සංචාරකයෝ ලක්ෂ 14.5ක් ඇවිත්

අපේ පාස්පෝට් එක ලෝකයේ 168 වැනි තැනට

අපේ පාස්පෝට් එක ලෝකයේ 168 වැනි තැනට

අතුරුදන්ව සිටි බදුල්ල රෝහලේ විශේෂඥ වෛද්‍යවරයාගේ මරණය අබිරහසක්

අතුරුදන්ව සිටි බදුල්ල රෝහලේ විශේෂඥ වෛද්‍යවරයාගේ මරණය අබිරහසක්

 පිටකොටුවේ බස් පොළේ බුලත් කෙළ ගසා මුත්‍රා කළ 1,029ක් ප්‍රජා සේවයේ

පිටකොටුවේ බස් පොළේ බුලත් කෙළ ගසා මුත්‍රා කළ 1,029ක් ප්‍රජා සේවයේ

 පාස්කු මහ නඩුවේ තීන්දුව සැප්. 22දා

පාස්කු මහ නඩුවේ තීන්දුව සැප්. 22දා

El Nino - La Nina සරසවි විෂයක් වෙයි

El Nino - La Nina සරසවි විෂයක් වෙයි

ආර්ථිකය ශක්තිමත්... රට වැටෙන්නේ නෑ

ආර්ථිකය ශක්තිමත්... රට වැටෙන්නේ නෑ

 ජාතික පාසල්වල වසර 8ක් සිටි ගුරුවරුන්ට මාරුවීම්

ජාතික පාසල්වල වසර 8ක් සිටි ගුරුවරුන්ට මාරුවීම්

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

මනුසත් දෙරණ 88 වන වෛද්‍ය සායනය..වව්නියාව බෝගස්වැව ශ්‍රී සාල වනෝද්‍යාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී

මනුසත් දෙරණ 88 වන වෛද්‍ය සායනය..වව්නියාව බෝගස්වැව ශ්‍රී සාල වනෝද්‍යාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී

එල් නිනෝ වසර අග සැඩවෙන හැඩ

එල් නිනෝ වසර අග සැඩවෙන හැඩ

කෝවිලේ උත්සවයේදී ඇස්වලට හානිවූ 160ක් රෝහලේ...

කෝවිලේ උත්සවයේදී ඇස්වලට හානිවූ 160ක් රෝහලේ...