නායයෑම් අනතුරු ඇඟවීම් යාවත්කාලීන කෙරේ
November 18, 2025 04:34 pm
පවතින අධික වර්ෂාපතනය හමුවේ නිකුත් කර තිබූ නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනය යාවත්කාලීන කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ.
අද (18) පස්වරු 4:00 සිට හෙට (19) පස්වරු 4:00 දක්වා වූ කාලය තුළ පහත සඳහන් ප්‍රදේශ ආශ්‍රිතව මෙම නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනය ක්‍රියාත්මක වන බව එම සංවිධානය සඳහන් කළේය.
ඒ අනුව අවධානයෙන් සිටිය යුතු බව දැනුම්දෙනු ලබන අනතුරු ඇඟවීමේ දෙවන මට්ටමේ නිවේදනය නිකුත්කර ඇති දිස්ත්‍රික්කය සහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස පහතින්,
බදුල්ල දිස්ත්‍රික්කය:
- හල්දුම්මුල්ල
කළුතර දිස්ත්‍රික්කය:
- මතුගම
කෑගල්ල දිස්ත්‍රික්කය:
- අරණායක
- කෑගල්ල
- වරකාපොළ
රත්නපුර දිස්ත්‍රික්කය:
- ඉඹුල්පෙ
මේ අතර විමසිලිමත් විය යුතු බව දැනුම්දෙනු ලබන කහ පැහැති අනතුරු ඇඟවීමේ පළමු මට්ටමේ නිවේදනය නිකුත්කර ඇති දිස්ත්‍රික්කය සහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස පහතින්,
බදුල්ල දිස්ත්‍රික්කය:
- බණ්ඩාරවෙල
- හපුතලේ
- ඌව පරණගම
- කන්දකැටිය
කොළඹ දිස්ත්‍රික්කය:
- පාදුක්ක
ගාල්ල දිස්ත්‍රික්කය:
- ඇල්පිටිය
කළුතර දිස්ත්‍රික්කය:
- වලල්ලාවිට
- බුලත්සිංහල
- දොඩංගොඩ
මහනුවර දිස්ත්‍රික්කය:
- ගගවට කෝරළය
- උඩුනුවර
- උඩපලාත
- තුම්පනේ
- පාතහේවාහැට
- උඩුදුම්බර
- ගග ඉහළ කෝරළය
- පස්බාගෙ කෝරළය
- යටිනුවර
කෑගල්ල දිස්ත්‍රික්කය:
- රඹුක්කන
- රුවන්වැල්ල
- මාවනැල්ල
- දැරණියගල
- යටියන්තොට
- ගලිගමුව
කුරුණෑගල දිස්ත්‍රික්කය:
- මාවතගම
- මල්ලවපිටිය
- රිදීගම
මොනරාගල දිස්ත්‍රික්කය:
- බිබළ
නුවරඑළිය දිස්ත්‍රික්කය:
- අඹගමුව
- හගුරන්කෙත
- වලපනේ
- කොත්මලේ
රත්නපුර දිස්ත්‍රික්කය:
- කිරිඇල්ල
- බලන්ගොඩ
- කලවාන
- කොලොන්න
- රත්නපුර
